ලා දම් අහසට පායන උදවිය ..

Wednesday, July 24, 2013

ඔව් කෝට්ටේ විතරක් නෙවෙයි රත්නපුරෙත් කුඩු තියනවා . :D

ගමනක් බිමනක් යන එන අතර මගදී අපි කොයිතරම් දේ දකිනවද අහනවද ? ඒ දේවල් වලින් අපේ ජීවිතවලට ගන්න තියන දේ අඩුයි .අහක් කරලා දාන්න තියන දේ වැඩියි .දවසක් මම රත්නපුරේ අක්කලාගේ ගෙදර ගිහිං ගෙදර එන්න  තිරිවානකැටිය කෝවිල ළඟ පාර අයිනේ ඉන්නවා ,බස් එක  එනකං .දෝණි ත් මාව පාරට ඇරලවන්න මගෙත් එක්ක ආවා .දෝණි මාව බස් එකට නග්ගවලා ම තමයි ගෙදර යන්නේ .හැමදාම එහෙමයි .ඉතිං පාරේ යන කවුරුහරි ගැන ඇද කියව කියවා හිනාවෙන එක තමයි දෝණි කරන්නේ .ඒක නරක වැඩක් කියලා කියල දුන්නට ඒ වැඩ පිළිවෙල නං වෙනස් වෙන එකක් නෙවෙයි .ඔය උපදෙස් දුන්නට මට ත් පුදුම හිනාවක් යන්නේ ඒකි කියන ඒවාට .. මිස්සුන්ගෙන් බැනුම් අහලත්  තියනවා හිනාවෙලා . දවසක්  බස් ස්ටෑන්ඩ් එකේදී හිනාවෙලා මනුස්සයෙක් ඒ මනුස්සයට කියලා හිතලා  අපි දෙන්නට බැන්නා . "පංති ඇරුනානං පලයල්ල ගෙවල්වලට මෙතන හුකු හුකු ගාන්නේ නැතුව "කිවුවා  :D..ඒ මනුස්සයගේ හිතේ අපි පන්ති යන  අය කියලා                                                                                                                                                                                                                                                                                                                                                                                                                               ඉතිං ඔහොම සුපුරුදු විදියට හිනා වීගෙන පාර අයිනේ ඉන්නකොට හාදයෙක් ෆෝන් එකත් කනේ ගහගෙන අපි පහුකරගෙන ගියා . අපි දෙන්නගේ දිහාත් හොඳට බලාගෙන ගියේ .ඇඳලා හිටියේ සරමක් .උඩට මුකුත් නෑ .වයස අවු : 28 -30 වගේ ඇති ..අපි ගණන් නොගෙන දැන් අපේ කතාව .ටිකකින් ෆෝන් එකත් කනේ ගහන් ගිය මිනිහා ආපහු යනවා .ආයෙත් අපි දෙන්නා දිහා   හොඳට බලන් යනවා ..දැන් ඔහොම තුන් හතර පාරක් එහාට මෙහාට ගියා ආවා. දැන් අපි දෙන්නට සැකයි .කැරකෙන්නේ මොකද කියලා කල්පනා කළා .අපි ඉන්න තැනම වතුසුදු මල් ගහක් තියනවා .දැන් හාදයා මල් ගහෙන් එහා පැත්තේ නැවතිලා කෝල් කරනවා .     "කෝ බං නෑ නේ "  හාදයා කියන ඒවා දැන් අපිට ඇහෙනවා . එයා මොනවා හරි හොයන වග අපිට තේරුනා .හැබැයි අපි එයාගේ කථාව  අහගෙන ඉන්න බව  ඇඟේව්වේ නෑ . "මොන වගේ කොලයක්ද  ?" දැන් එයා අහන ගමන් අපි ඉන්න පැත්තට ටික ටික එනවා . "ආ සිගරට් පෙට්ටියක්ද '' හාදයා එහෙම අහන ගමන් අපි දෙන්නගේ කකුල් දෙක මුල තිබුන පොඩි කරලා වීසිකරලා තිබුණ සිගරට් පෙට්ටියක් ඇහිඳගෙන ගියා .අපි දෙන්න චුට්ටක් බයත් උනා අපි ළඟටම එනකොට නං :D                                                                                                                                               දැන් ප්‍රශ්නයක් එනවා නේ ? සිගරට් පෙට්ටිය ඇතුලේ මොනවද තිබුනේ ..තිබුනේ ඇත්තටම කුඩු . ඔව් කෝට්ටේ විතරක් නෙවෙයි රත්නපුරෙත් කුඩු තියනවා . :Dහැබැයි නිශ්චිත වශයෙන් අන්න අතන කුඩු තියනවා ..මෙන්න මෙතන කුඩු තියනවා නොකිවුවට රත්නපුරේ කුඩු තියනවා කියල නං කියන්න දන්නවා .බලන්න ඒගොල්ලෝ කුඩු හුවමාරුවට යොදා ගත්තු ක්‍රමය ! කවුද හිතන්නේ වීසිකරල  තියන සිගරට් පැකට්ටුවක් ඇතුලේ කුඩු තියේවි කියලා .පාරේ තියන කුණු ගොඩවල් කවුරුවත් අදින්න යන්නේ නෑනේ.අපේ ලංකාවේ මිනිස්සුන්ට බුද්ධිය නෑ කියනවා නේද ? අපේ වැඩිමනක් එවුන්ට බුද්ධිය තියෙන්නේ මත් වෙළඳාම් කරන්න ,හොරකං කරන්න ,මිනී මරන්න , ස්ත්‍රී දුෂණය කරන්න ඒ වගේ ජරා වැඩ කරන්න තමයි. මේ මිනිස්සුන්ගේ     බුද්ධිය යහපත් දේකට යොදවා ගත්තොත් දවසක අඟහරු ලෝකෙත් පදිංචියට යාවි .                                                                                                                                                            ඇත්තටම කුඩු කොහොමද ලංකාවට ලැබෙන්නේ ? විදේශයෙන් ගෙන්වීම මගින් .එවැනි දෙයක් රට ඇතුලට එන්නේ කොහොමද ? මම දන්නා තරමින් නං ලංකාවේ කුඩු නිෂ්පාදනය කරන්නේ නැහැ .ගෙන්වන්නේ පිට රටවලින් . හැමෝගෙම ඇස්  වහලා එවැනි දෙයක් පිට රටකින් ගෙන්වන්න නං ලොකු හය්ය කකුලක උදව් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ .ඒ කියන්නේ අනිවාර්යෙන්ම දේශපාලනික ලොකු පුටුවක හය්යක් .එහෙම  කරලා මහා පරිමාණයෙන් ජාවාරම කරගෙන යද්දී පොලීසියෙන් වටලපු ගමන් කොහේ  හරි ඉන්න මිනිහෙක් අහු කරලා ලොකු පුටුවල ඉන්න අය හොඳ මිනිස්සු වෙනවා තමන් බේරිලා .ඒකත් අර මත්ස්‍ය න්‍යාය තමයි .හැමදාම ඇත්ත තියෙන්නේ ඇතුලේ හැංගිලා ..හැමවිටම වෙන්නේ බොරුව උලුප්පා පෙන්වන එක !                                                                                                                                                                      ප ලි   :::::::::::: මෙහෙම පෝස්ටුවක් ලිව්වේ හිරු අක්කගේ ලිපිය කියෙව්වට පස්සේ  methanin   එකත් බලලම එන්න .          

68 comments:

  1. //පංති ඇරුනානං පලයල්ල ගෙවල්වලට මෙතන හුකු හුකු ගාන්නේ නැතුව// හිනා වෙන්නවත් නිදහසක් නෑනෙ නේද :D

    ReplyDelete
    Replies
    1. එයා හිතුවේ අපි හිනාවෙන්නේ එයාට කියලා :D

      Delete
    2. අපෝ රතනපුරේ ස්ටෑන්ඩ් එක ගැන කියලා වැඩක් නෑ හැමදාම පොලිස් කාරයෙක් ඉන්නවා ළමයින්ට බනින මල වදේ

      Delete
    3. හික් හික් අර ස්ටෑන්ඩ් එකේ ක්යු බට වලට හේත්තු වෙලා ඉඳලා බැණුම් අහල තියන පාටයි මෙයත් ! :D

      Delete
    4. ආපෝ ඒ යකා තාමත් ඉන්නවද ! අපි යනකොට හිටියේ රැවුලෙක් විට කාගෙන. ආයේ නෑ කොල්ලෝ සෙට් එකට යන්න කියන්න පටන් ගන්නේ අම්මගෙන් ! හැමදාම අපිත් එතුමගේ මෑණියන්ගේ ගුණ වැයුවා :D

      Delete
    5. තාමත් ඉන්නවා , එයාගේ රැවුල නෑ හැබැයි වෙන කෙනෙක් වෙන්න ඇති දැන් ඉන්නේ ... :D හැබැයි එච්චරම දරුණු නෑ දැන් ඉන්න කෙනා

      Delete
  2. // ඔව් කෝට්ටේ විතරක් නෙවෙයි රත්නපුරෙත් කුඩු තියනවා //
    රත්නපුරේ, කෝට්ටෙ විතරක් නෙවේ දේශපාලනඥයෙක් ඉන්න ඕනම අහු මුල්ලක කුඩු තියෙනවා.....

    ReplyDelete
  3. කුඩු ට්‍රාන්ස්පෝර්ට් කරන ක්‍රමයක් අහුවෙලානේ එකපාරක් අම්මයි දූයි දෙන්නම මැරුවේ. ඒ මිනීමරුවෝ අල්ලලානේ රිටන් එකට අල්ලපු පොලිස් කාරයයි එයාගේ පුතාලයි ඔක්කොම කූඩුවේ දැම්මෙත්. අනික ඕවට සම්බන්ධ රත්නපුරේ මහා පුටුව මොකක්ද කියලත් ඔයා නොදන්නවා නෙවෙයිනේ.

    පෝස්ට් ඒක හයිලයිට් කරලා හින්දා කියවන්න ටිකක් අමාරුයි වගේ.

    ReplyDelete
    Replies
    1. //ඒ මිනීමරුවෝ අල්ලලානේ රිටන් එකට අල්ලපු පොලිස් කාරයයි එයාගේ පුතාලයි ඔක්කොම කූඩුවේ දැම්මෙත්//

      ඇ බං අකමෝ මේක සිරාමද

      Delete
    2. ඔව් අකම් ...ඒ අම්මයි දුත් මැරුවේ ඔය කුඩු ට්‍රාන්ස්පෝර්ට් එක හින්ද තමයි .මහා පුටුව ගැන නං ඉතිං මාත් දන්නවා තමයි අකම් ..ඒ උනත් ඊළඟ චන්දෙනුත් ඒ පුටුව එයා අත් කරගන්නවා ..ඒක තමයි ඇත්ත .ඔන්න දැන් හයිලයිට් එක වෙනස් කරා අකම් @ අටම් ::::::::: ඒ කතාව ඇත්ත .අල්ලගත්තු එව්වෝ එළියේ අහිංසකයෝ ඇතුලේ

      Delete
  4. හ්ම් චන්දනට මොකද ඒක පාර උනේ.

    ReplyDelete
  5. මේක පිටිපස්සේ අනිවාර්යෙන්ම ඉන්නේ දේශපාලනේ කරන උන් තමයි.
    කුඩු ගහන එකාට නෙමේ ටොපිය දෙන්න ඕනේ එක පිටිපස්සේ ඉන්න මහා එව්වන්ට.
    හැබැයි ඉතින් එක තමයි සැක.

    ReplyDelete
    Replies
    1. ඒක කවදාවත්ම වෙන්නේ නෑ මනෝජ් ..ඔයා දන්නවද ඔය වගේ උන්ට කුලියට හිරේ යවන්න එවුනුත් ඉන්නවා ඔවුන් කවදාවත් කොටු වෙන්නේ නෑ ..පොලිසියෙනුත් මුන් ලවා වාසි ගන්න නිසා පොලිසියෙන් උන්ව අල්ලන්නෙත් නෑ ,ඉතිං මහා උන්ට රජ මගුල්

      Delete
  6. රෙහානියෝ මොකැ මේ කළු පාට මැද්දේ සුදු පාට , ඒක මැද්දේ දංපාට , නාකි ඇස් රිදෙනවා බං

    ReplyDelete
    Replies
    1. ඕන් වෙනස් කොලා ...දැන් හරි නේ ?

      Delete
  7. ඔය කුඩු ගැහිල්ලට ඇබ්බැහි වෙලා ඉන්නේ සිංහල කොල්ලො. අපේ ගෙවල් පැත්තේ ඉන්නවා කුඩු ගහල හිරේ ගිය මෑන් කෙනෙක්. මිනිහගෙන් දවසක් මං විස්තර ඇහැව්ව. කතාවක් ලියන්න පුළුවන් තොරතුරැ ගොඩක් කිව්ව. කුඩු ගහල සිංහල වගේම දෙමළ (ටික දෙනෙක්) මිනිස්සු ඉන්න අතරේ කුඩු ගෙනැල්ල අහුවෙලා අරගෙන එන්නේ මුස්ලිම් මුදලාලිලාලු.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔය මුස්ලිම් කුඩු මුදලාලිලා ගැන මාත් අහල තියනවා ..හිරේ ගියත් උන්ම ඇප දෙනවා ඇප දෙන්න පුළුවන් නං මේවට වැඩිපුරම ඇබ්බැහි වෙලා ඉන්නේ සිංහල දුප්පත් කොල්ලෝ ..අන්තිමට උන්ට කුඩු වලට සල්ලි නැති උනහම උන් ලව්වම කුඩු විකුනෝනවා ...අර තොරතුරු ටික වෙලාවක ලියන්න

      Delete
  8. හොඳ හෙළිදරව්වක් :D

    ReplyDelete
  9. කුඩු ගැහිල්ල නං බැරියැ රෙහානි.. මට විශේෂයෙන් කියන්න ඕනේ උනේ කුඩු විකුණන්න දුප්පත් කොල්ලො අල්ලගන්න එක ගැන... කුඩු ගහලා අහුඋනොත් දවසක් කූඩුවේ තියාගෙන ඉඳලා දෙකක් තුනක් ඇනලා එළියට දානවා... ඒත් කුඩු ළඟ තියාගෙන ඉදලා හරි විකුණලා හරි, ප්‍රවාහනයට සම්බන්ධ වෙලා හරි අහුඋනොත් කෙලින්ම හිරේ... ඒවට අහුවෙන්නේ ඕකට සම්බන්ධ ලොකු අතු නෙවෙයි.. චේන් එකේ යටම ඉන්න දුප්පත් අම්මලගේ දරුවො ටික... මහ එවුන් අල්ලන්න පොලිසියට වත් බෑ... මොකද පොලිසිය පාලනේ කරන්නෙත් ඕවා ගෙන්නන උන් තමයි...

    හයිලයිට් කරන්න ඕනේ නං අකුරු ටික වෙන පාටකින් දානවා මිසක් බැක්ග්‍රවුන්ඩ් එක හයිලයිට් කරන්න එපා රෙහානි... කියවන්න බෑ... විශේෂයෙන් ඔයාගේ මේ කලුපාට තීම් එකත් එක්ක හරිම අමාරුයි කියවන්න...

    ReplyDelete
    Replies
    1. ///ඒවට අහුවෙන්නේ ඕකට සම්බන්ධ ලොකු අතු නෙවෙයි.. චේන් එකේ යටම ඉන්න දුප්පත් අම්මලගේ දරුවො ටික... මහ එවුන් අල්ලන්න පොලිසියට වත් බෑ... මොකද පොලිසිය පාලනේ කරන්නෙත් ඕවා ගෙන්නන උන් තමයි... ///
      සහතික ඇත්ත හිරු අක්කේ ..මේවා ගෙන්වන්නේ බෙදාහරින්නේ සුදු පිරුවට ඇඳන් ඉන්න අය ඒගොල්ලෝ ලෝකෙට සත්ගුණවත් විදිහට තමයි පෙනී ඉන්නේ ..සමහරු කුඩු ගෙන්නනවා කිවුවට විශ්වාස කරන්නත් බැරි තරම් .කුඩු විකුනන්න පෙළඹෙන්නේ කුඩු බොන අයම තමයි .කුඩු වලට සල්ලි නැති උනහම සල්ලි හොයන්න උන් කුඩු විකුණනවා .. ඒ කරලා පොලිසි උසාවි ගානේ යනවා ..සමහර විට ඒ අය හොඳ ඉගෙනීමක් තියන බුද්ධිමත් අය .නමුත් කුඩු වලට තියන ඇබ්බැහිකම හින්දම ඒගොල්ලන්ට එවයෙන් මිදෙන්න බෑ ,...ඒගොල්ලන්ට උවමනාවට ඒ ක්ෂේත්‍රයට ආවට ඒගොල්ලන්ගේ උවමනාවට ඒකෙන් පිට වෙලා යන්නත් බෑ ..එහෙම උනොත් වෙඩි කාල මැරෙන්න තමයි වෙන්නේ .. අක්කා කිවුවා වගේ අහිංසක දුප්පත් අම්මලාගේ දරුවෝ තමයි මේවට අහු වෙන්නේ ..අක්කා කියන කාරනාවට කුඩු ,ගංජා ,කේරල ගංජා , ඒ විතරක් නෙවෙයි ගමේ පෙරන කසිප්පුත් අයිතියි ...දැන් ඒවා කරන්නෙත් කොල්ලෝ තමයි සල්ලි හම්බුකරන්න .ඇත්තටම අම්මල තාත්තලා මීට වඩා පිරිමි දරුවෝ වගේම ගැහැණු දරුවෝ ගැනත් හෙවිල්ලෙන් ඉන්න ඕනේ .පහු ගිය කාලේ මට අහන්න ලැබුණා කෝට්ටේ ගෝතමී පාරේ කුඩු ග්‍රෑම් 8 ක් එක්ක කාන්තාවක් අත් අඩංගුවට ගත්තු වග !

      Delete
  10. //"ඇත්තටම කුඩු කොහොමද ලංකාවට ලැබෙන්නේ"// මම හිතන්නේ ඕකට උත්තරේ දෙයියෝ වත් නොදන්නා ඒත් රජතුමා ඇතුළු හැමෝම දන්නා එකක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් ඇත්ත කතාව ... එතකොට දන්නේ නැත්තේ අපි විතර ද :D

      Delete
  11. ඔව් හෆ්ෆා ... රත්නපුරේ කොච්චර තුනපහ ඇඹරුම්හල් තියෙනවද . ඒවායේ කොච්චර කුඩු වර්ග තියෙනවද ? හාහ් හඃ හඃ

    ReplyDelete
    Replies
    1. ආ ඔවූ .... මේ ඉන්නේ තව කෙනෙක් කුඩු ගෙන්නන.. මන් කිවුවේ මිරිස් තුනපහ :D

      Delete
  12. මතකද අර ෆිල්ම් එක . කොහොමද උන්ගේ බිස්නස් එක.

    හැබැයි පරණ සිගරට් පෙට්ටි හොය හොය යන අයත් ඉන්නවා "හඳට" යන්න රොකට් හදන්න




    ReplyDelete
    Replies
    1. අය්යෝ ඒක මන් බලලා නෑ පැතුම් .......... හෑ රොකට් හදන්න :D

      Delete
  13. වැටත් නියරත් ගොයම් කා නම්..............


    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ........ ?

      Delete
  14. Replies
    1. ස්තුතියි කියෙව්වාට :)

      Delete
  15. ඒ ඔයා රත්නපුරේ ද ආ

    ReplyDelete
    Replies
    1. ඔවුනේ යාලුවා ....ඔයත් ?

      Delete
    2. අපිත් ඉතින් එහෙ තමා

      Delete
    3. හරිම සතුටුයි අඳුන ගන්න ලැබීම !

      Delete
  16. ඇඹිලිපිටියෙත් තියෙනවා..

    ReplyDelete
  17. කුඩු හැම තැනකම වගේ තියෙනවා මං හිතන්නේ....

    ReplyDelete
  18. කුඩු විතරක් නොවේ රෙහානි දැන් කෙල්ලන්ට දෙන පෙති වර්ගෙකුත් තියනවා. ඒවත් ඔය පැතිවල ඇති. නයිට් ක්ලබ්වල සුලබයි.

    ReplyDelete
    Replies
    1. හෑ පෙති වර්ගයක් ! ඒකත් එහෙමද

      Delete
  19. හැම වස්ත්‍රයම වෙන්නෙ දේශපාලන හව්හරන ආනුභාවෙන් නොවැ.
    ලොකුම කුඩු මුදලාලිල ඉන්නෙ දියවන්නාවෙ මඩ ගොහොරෙ නෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි කෙන්ජි අර සුදු පිරුවට ඇඳන් එයාල ඉන්නේ සිල් ගත්තු උපාසක ඇත්තෝ වගේ

      Delete
  20. කුඩු වසංගතේ ලංකාව විතරක් නෙවෙයි රෙහානි, ලෝකෙට ලොක්කා වන අමෙරිකාවේ පටන් දුප්පත්ම රට දක්වාම අඬු පැතිරිලා තියෙන බූවල්ලෙක් වගේ වසංගතයක්.

    බලන්න අර පේන්ට් කරපු මූණට වඩා මේ ප්‍රොෆයිල් ෆෝටෝ එක කොච්චර හොඳද කියලා. :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ඩුඩ් අයියේ.
      අර බාබි ඩොල් පොටෝවට වඩා.
      රාණි අක්කාගේ මුණත් තහඩුව ෂෝක් ඈ...

      Delete
    2. @ ඩුඩ් :::::::: ඇත්ත තමයි මේකත් මහා වසංගතයක් දුප්පත් පෝසත් හැමෝම වෙලාගත්තු !මේ පින්තුරේ ඉන්නේ මම නෙවෙයි අනිත් පින්තුරේ නං ඉන්නේ ඇත්තටම මං :D @Manoj ::::::: කාටද බොලව් බාබි ඩෝල් කියුවේ

      Delete
  21. හමුවුණොත් කියවන්න නාග මෙහෙයුම පොත.

    ReplyDelete
    Replies
    1. කියවන්න ඕනේ ස්තුතියි

      Delete
  22. //ඇත්තටම කුඩු කොහොමද ලංකාවට ලැබෙන්නේ//
    හයියෝ පොඩි පොඩි අය රේගුවෙන් ඔය හිටපු ගමන් අහුවෙන්නේ. ලොකු ලොකු අය අහුවෙන්නේ නෑ මෙයා. දැන් කොහොමටත් ආයේ බිස්නස් නැගලා යයි. අනිත්වා අමතක උනාට ඕවා අමතක නැති අය ඇවිත් ඉන්නවනේ දැන් ලංකාවට.

    රත්නපුරේ නම්...
    ඔරලෝසු කනුව ගාව කඩල කරත්තයක් තිබුනා, ඒක ඇල්ලුවලු.
    එතකොට ස්ටෑන්ඩ් එක ගාව පලතුරු කඩේ ඩයල් එකගේ බඩු ටිකක් ඉස්සර ඇල්ලුවලු. තාමත් තියෙනවද දන්නේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. රට ගැන හිතන මිනිස්සු ඇත්තටම නැද්ද කියලා හිතෙනවා , හා හා මේ තියෙන්නේ කුඩු තිබුන ස්ථාන ම කියලා !:D

      Delete
  23. //කවුද හිතන්නේ වීසිකරල තියන සිගරට් පැකට්ටුවක් ඇතුලේ කුඩු තියේවි කියලා// ඒක ඇත්ත..බලන්න එයාල කොයිතරම් උපක්‍රමශීලීද කියල. කවදා ඔය වසංගතය මේ රටෙන් වගේම ලෝකෙන් නැති වෙලා යයිද මන්දා.

    ReplyDelete
    Replies
    1. තව හොඳ උපක්‍රම ඇති !එහෙම දවසක් එයි කියල නං හිතන්න බෑ චම්ස්

      Delete
  24. නොයෙකුත් රටවල නොයෙකුත් නම් වලින් තියෙන ත්‍රස්තවාදය වගේම දරුණුයි කුඩු වසංගතය.. හැබැයි ඉතින් ඒක වලක්වන්න ඉන්න අය අවංකව වැඩ කරනවානම් තුරන් කරන්න කෙසේ වෙතත් අවම කරන්න පුලුවන් වෙයි.. සමහර රටවල් සහ සංවිධාන ජීවත්වෙන්නෙ කුඩු වලින්.. නොයෙකුත් වෙස් අරං හිඟකන්න්නුත් බෙදාහැරීමෙ දම්වැලේ පුරුක්.. දඹුල්ලෙදි ඇල්ලුව නේද ? ඒත් අර රෙහානි කියන්න වගේ ෆුඩ් චේන් එකෙ යටම ඉන්න උන් අල්ලලා ‍තෝරු මෝරු තල්මස්සු බේරනකොට !

    ReplyDelete
    Replies
    1. අවංකව වැඩ කරන මිනිස්සුත් නෑනේ ලංකාප්රිය මහත්තයෝ ...ඉතිං ඔය තෝරු මෝරු කවදාවත් අහුවෙන්නෙත් නෑ අරෙහෙන් මෙහෙන් පොඩි පොඩි කට්ටිය අල්ලද්දී ලොකු කට්ටිය අලුත් පිරිසක් හොයාගන්නවා ..ය පොඩි ය අහු උනහම ඒවානන් ලොකු කරලා මාධ්‍ය වලත් පෙන්නන්නේ

      Delete
  25. ඔන්න මාත් ආව රෙහානි.... එන්න හිටියේ අද තමා පුළුවන් වුනේ...


    ඔව් රෙහානි ,,,ඕක හෙනම වසංගතයක්.තමන් දැනගෙන වැළකෙනවා මිසක් මම නම් හිතන්නේ නෑ ඕව නවත්තන්න පුළුවන් වේවි කියල....

    ReplyDelete
    Replies
    1. ඉතිං අද ආවනේ ...ඒ ඇති .ඇත්තටම තමන් වැළකෙනවා නං ලොකු දෙයක් හැබැයි ඇබ්බැහි වෙන ඉක්මනට වලකිනවා බොරු ! විදුර සාදරයෙන් පිලිගන්නවා අහස යටට !

      Delete
  26. මම හිතුවා රත්නපුරේ දැන් අඩුවෙලා කියලා... ඉස්සරනම් වැල් වල තිබුන රෙදි පවා හොරකම් කරා..ගෙදර තියන උයන බඩු පවා විකුණලා කුඩු බොන මිනිස්සු ඒ පැත්තේ ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. තවමත් තත්වේ එහෙම මයි නදිනි .අපේ අක්කල කඩේ ලඟට ගියත් දොරවල් ඇරලා දාල යන්නෑ

      Delete
  27. දැන් ඒවගේ බලට STF එකට දීල නේද තියෙන්නේ ?

    ඒ අතින් අපේ පැත්ත හොඳටම හොඳයි.... හොරකම් මැරකම්... කුඩු වගේ එව්වා නැතිම තරම්...
    ඉස්සර පරිසට විනාශය තිබ්බ දැන් එකටත් ඉඩක් නැහැ ... ගෝඨාබය අංකල් හතර වටෙන් කොටු කරලා ;)

    ReplyDelete
    Replies
    1. අනේ මේ පැත්තටත් ඝෝටාභය කෙනෙක් එනවනං :D

      Delete
  28. අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී :D

    ReplyDelete