ලා දම් අහසට පායන උදවිය ..

Friday, July 12, 2013

ගිජු කතාව සහ නිල් යකා ..

ඒ දවස්වල අපේ ගෙවල් වලට කරන්ට් දීල නෑ , අපිට ගෙවල් තුන හතරකට එහායින් තිබුන සුනිල් මාමලාගේ ගෙදරට කරන්ට් එක තියනවා ...ඒ කියන්නේ මීටර් හාරසියයක විතර දුරින් වගේ .ඉතිං ඔය කාලේ අපි ටෙලි නාට්‍ය බලන්න යන්නේ සුනිල් මාමගේ දිහාවට .එතකොට අහුවෙන්නේ එක චැනල්  එකයි ..ජාතික රුපවාහිනිය විතරයි .ඉතින් 8.30 ටෙලි නාට්‍ය බලන්න අපි එහාට යනවා සමහර දාට ..දවසක් අපේ අය්යා අපිට එහා පැත්තේ ගෙදර සඳුන් අය්යත් එක්ක ගියා නාට්‍ය බලන්න ,තාත්තගෙනුත් අවසර අරං .එතකොට දෙන්නගේ වයස කියනවනම් අපේ අය්යට අවු ;12 ක් ,සඳුන් අය්යට අවු ;15 ක් වගේ .මං හිතන්නේ ඔයාලට මතක ඇති ඉස්සර ගියපු "ගිජු " කතාව .ජයසේකර අපෝන්සු රඟපෑවේ .ඒක තමයි එදා බලන්න දෙන්න එක්ක ගියේ
                                                                                      මට මතක හැටියට වෙලාව 7.45 විතර ඇති, '"බුදු  අම්මේ මට නිල් යකා ගැහුවෝ " කියාගෙන අය්යා ගෙදර ආපි .මායි තාත්තයි මල්ලියි එතකොට ඇහැරලා හිටියේ ..මල්ලියි මමයි අපිට හොල්මං උනා වගේ කටවල් ඇරන් බලන් ඉන්නවා .අය්යා  හොදටම බය වෙලා වෙව්ලනවා .,අඩනවා .අපේ අප්පොච්චත් මොකද කොලේ දන්නවද?කුස්සිය මුල්ලේ තිබුන ඉලපතක් හොයාන ඇවිත් අය්යාගේ පිටට ගහගෙන ගහගෙන ගියා .අපේ තාත්තලාගේ විශ්වාසයක් තියනවා බය වුන කෙනෙකුට ඉලපතෙන් පහර දුන්නම බය  ඇරෙනවා කියලා ..මෙලෝ දෙයක් නොතේරෙන මම අඩන අය්යාට ගහන තාත්තට හිතින්  බැන බැන අඩ අඩා බලන්  හිටියා .තාත්තා අය්යාට  නූලක් මතුරවලා දාල පස්සේ හෙමින් සීරුවේ  ඇහුවා මොකද රෑ උනේ කියලා
"බුදු  අම්මේ මට නිල් යකා ගැහුවෝ "
                                                                                                              " මම කතාව බල බල ඉන්නකොට සඳුන් අය්යාට කතාව බලන්න කම්මැලියි කියලා මට ගෙදර යන්න අඬගැහුවා , මං කිවුවා බැහැ ඔයා යන්න කියලා , මොකද මං හොල්මං කතාවට ගොඩක් ආසයිනේ ..එහෙනං උඹ බලලා වරෙන් කියලා එයා ගියා .මං කතාව බලලා තනියෙන් එනකොට මගදී කරුවලේ බය හිතුනා .ඉතිං මං අත්  දෙකෙන්ම මුණ වහන් ඇඟිලි කරු අතරින් බල බල ආවේ ..අපේ ගෙට එහා වංගුවේදී (එතන පෙරේත තටු දාන තුන් මං හන්දියක් ) උඩහ පාරෙන් කවුදෝ එකෙක් කෑ ගහගෙන මයේ ඇඟට පැන්නා .ඌ මට පෙනුනේ නිල් පාටින් " අය්යා බිය මුසු මුහුණින් විස්තරේ ප්‍රකාශ කරාන ගියා .                            ***************************************************                                                                                                                ප .ලි .   ::::::::::::  අපේ විද්වත් උදවිය හොල්මං පිළිගන්නේ නෑ නේද ආයිබෝවන් .. :D   හැබැයි , අපේ අය්යා දැක්කේ හොල්මන තමයි සඳුන් අය්යා :D එයා අඬ ගහද්දි අපේ අය්යා ආපු නැති කේන්තියට තමයි එහෙම කරලා තියෙන්නේ .අය්යාට බයට මතක් වෙලාත් නැහැ සඳුන් අය්යා ඇඳගෙන හිටියේ නිල් පාට ටී ෂර්ට් එකක් කියලා .මේං පහුවෙනිදා විස්තරේ වමාරලා සඳුන් අය්යා "ගණන් ගන්න එපා මචං පොඩි විහිළුවක් කලේ " කියපි . අනේ ඉතිං අපේ අප්පොච්චා හන්දා හොඳයි ඉතිං :D  
"ගණන් ගන්න එපා මචං පොඩි විහිළුවක් කලේ " 

58 comments:

  1. ඉයස් ඉයස් මට මතකයි ගිජු කතාව ..රෙහානිට මතක හැටියට තව ටිකක් කියන්න බලන්න මගේ මතකය අලුත් කරගන්න..

    ජයසේකර අපෝන්සුගේ ෆිල්ම් එක නම් මතකයි ... ( ඒක බංකොලොත් උනා )

    ReplyDelete
  2. ඉයස් ඉයස් මට මතකයි ගිජු කතාව ..රෙහානිට මතක හැටියට තව ටිකක් කියන්න බලන්න මගේ මතකය අලුත් කරගන්න..

    ජයසේකර අපෝන්සුගේ ෆිල්ම් එක නම් මතකයි ... ( ඒක බංකොලොත් උනා )

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ....මට මතක හැටියට හොල්මන තමයි ජයසේකර අපොන්සු .එයාට අයිති වස්තුවක් එයා මැරුණට පස්සේ රැක ගන්න ආත්මෙකින් ඉන්නවා .මට මතක ඒ ටික තමයි

      Delete
  3. අපේඅප්පේ.... ඔයින් ගියා මදැයි.....

    ReplyDelete
  4. හා හා ඔය වගේ විහිලු කරන්න එපා. බය වුනොත් ආය බය අරින්න විධියක් නෑ. ලස්සනට ගොතලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ගෙතුවේ නෑ හය්යූ ඇත්ත කතාවක් :D

      Delete
    2. ඇත්ත කතාවක් වුණත් ඒක පාඨකයාට දැනෙන්ට ලිවිය යුතුයි. ඒක ඔබ කරලා තියෙනවා. ඒක ඔයාට නොපෙනුනත් කියවන්නාට පේනවා. සමහරවිට කියවන්නාට ඒතරම් හැකියාවක් නොතිබෙන්නට වුව පුළුවන.

      Delete
    3. ස්තුතියි ...ඇගයුමට !

      Delete
  5. හොල්මන් කතා හුඟක්, ඇතිවෙලා තියෙන්නේ ඔය වගේ හේතු වලින් තමයි. නමුත් හොයා බලලා සැක හැර ගන්න අය ඉන්නේ ටික දෙනයි.

    ReplyDelete
    Replies
    1. මම ඒ අදහසට එකඟ යි.

      Delete
    2. ඒක ඇත්ත ! මාත් විස්වාස කරනවා අඩුයි ..හැබැයි වැට උඩ තමයි ඉන්නේ

      Delete
  6. අර පිටට ගහන එකෙන් වෙන්නෙ මුල් සිද්ධිය අමතක කරන එක වෙන්න ඕන. හික් හික් ගගා ඉක්ක වැටෙන කෙනෙකුට හෙම පිටට එකක් දුන්න නම් ඉක්කාව නවතිනව. හැබැයි ඉතින් තද වෙන එකෙක් එහෙම වුනොත් අපිට නිල් වෙන්න කන්නයි වෙන්නෙ. :D

    මේ කතාවෙ සඳුන් යකා නම් බය නැති කෙනෙක් වෙන්න ඕන. නැත්නම් ඒකා තනියම මගට වෙලා ඉඳීවියැ. :)

    ReplyDelete
    Replies
    1. ගුටි කවන්නද හදන්නේ අපිට ? :D හපොයි මේ සඳුන් යකා කරපු වැඩ තව සෑහෙන්න තියෙයි මේ වගේ .එයා නං බය උනා කියල අපි අහල නෑ හැබැයි .. :D

      Delete
  7. අනේ අර අහිංසකයා ඉලපත් පාර කන හැටි මැවිලා පේනවා මට.

    ReplyDelete
  8. තාත්තා හොඳ නිසා හොඳයි, නැත්තම්, සඳුන්ට නිල් යකා පෙන්නනවා.

    ReplyDelete
  9. වෙලාවට අයියට එච්චර වයස නෑ.කොහොමද ටිකක් වයසක උන්දැ කෙනෙක්ව බය කරන්ඩ ගිහිං හාර්ට් එක හුචැස් ගාලා නැවතුනානං!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං ... මෙයා වයසක අයට නං ඔහොම විපත්ති කරලා නෑ මයේ හිතේ

      Delete
  10. හොකිස්...මාත් ඒ කාලේ ඔය කතාවට පට්ට ආසයි

    ReplyDelete
  11. ගහන්න තිබුනේ මේ කෙල්ලටනේ. අපරාදේ අයියා ගුටි කෑවේ.

    ReplyDelete
    Replies
    1. මටම තමා ගස්සවන්න හදන්නේ හ්ම්ම්ම්

      Delete
    2. මටම තමයි ගස්සවන්න හදන්නේ හ්ම්ම්ම්ම් :(

      Delete
  12. දැන් මේකනේ මෙයා ඔයාගේ අයියා බය වෙන්න හේතුවක් නැහැනේ හරිනම් ඔයා වගේ නංගියෙක් ඉන්නකොට නැතිද මම අහන්නේ...:D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මං යකෙක් වගේද බොට පෙන්නේ :D

      Delete
    2. අපෝ නෑ මෙයා,ඔයාව යකෙක් වාගේ කොහොමත් පේන්න විදියක නැහැනේ. මොකෝ ඔයා ස්ත්‍රීපරානයක් නේ..:P
      බොලා යකින්නක්ද කියලා අහන්න වෙන්නේ බොලගේ ගෙදර අයගෙන්ම තමයි ..:D

      Delete
    3. හෑ .... වෙලාවකට කියනවා වගේ තමයි හැබැයි එකා යකා කියලා හික් :D

      Delete
  13. මමත් හොල්මන් වලට බයෝ........

    ReplyDelete
  14. විහිළුවට බය කරන්න ගිහින් තව ටිකෙන් ලොකු අමාරුවක තමයි වැටෙන්නේ.. එහෙම බයක් හිතේ තියාගෙන යද්දි පොඩි දේකටත් ගොඩක් බය හිතෙනවා.. මාත් හොල්මන් කතා ගොඩක් අහලා තියෙනවා.. ඒවා බොරු කියලම කියන්නත් බෑ.. යම් සත්‍යතාවයකුත් තියෙන්න පුළුවන්.. කොහොම උනත් හිත බය උනොත් නම් නිකන්ම බය වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔවු උදයංග ඒක ඇත්ත ,,, හිතේ ඒ වගේ චකිතයක් තියන වෙලාවට ගහක් කොලක් හෙල්ලුනත් ඇති .ඒකනේ ඉතිං සඳුන් අය්යත් වැඩේට නියම වෙලාව තෝරාගෙන තියෙන්නේ ..සාදරයෙන් පිලිගන්නවා අහස යටට එහෙනං උදයංගව ! :)

      Delete
  15. ගිජු... මතකයි මතකයි වගේ.....
    ඒත් බලන්නකෝ රෙහානි ආන්ටි, මට ඒ කතාව හරියට මතක නෑනේ.. :(

    ගිජු, තරු, 31, ඉරි, රෑ රූ, තටු.... තව ගොඩක් කතා තිබුණා පොරගේ. ඔක්කොම කතාවලට අකුරු දෙකයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අකම් අංකල් ... :D ටිකක් හීන් සීරුවේ කල්පනා කරලා බලන්ටකෝ ...අනේ............. අනික් කතා ටිකේ නං ටිකක් මං දැනන් හිටියේ නෑ හැබැයි

      Delete
    2. හෙහ් හෙහ් පැහැදිලි ඉරිසියාව. කට උත්තර නැති උණාම නෑකමත් අමතක වෙලා වගේ. ආන්ටි කිව්වම "ඇයි අකම් පුතේ" කියන්න ඕනි.

      Delete
    3. හාමිනේලා තමන්ගේ හස්බන්ඩ්ට දුලගේ අප්පච්චි , කියලා කියන්නේ ඉතිං ඒ උනාට අප්පච්චි වෙනවයෑ හේ හේ ... ඒ වාගේ තමයි අංකල් මේකත් :D

      Delete
  16. පව් දෙයියනේ අහිංසක අයියා කොලුවා! මගේ නං විශ්වාසයක් නෑ හොල්මන් ගැන.

    ReplyDelete
    Replies
    1. හි හි පව් නේන්නං ධාරා

      Delete
  17. මට තියෙන ප්‍රශ්නේ හරියටම නිල් පාට අඳුන ගත්තේ කොහොමද කියලා කළුවරේ.

    ReplyDelete
    Replies
    1. යන්තමින් හරි හඳ එළියවත් තියෙන්න ඇති නේද සු දී ක මහත්තයෝ :)

      Delete
  18. හයියූඕ ඉලපතින් ? පිටට ? ගහගෙන ගහගෙන ගියා ? හයියූඌඔ !!

    ReplyDelete
  19. අයියෝ අයියටත් වෙලා තියෙන දෙයක්. හොල්මනකට බය උනා මදිවට ගෙදර ඇවිත් ගුටිකන්නත් වෙලා :D

    ReplyDelete
    Replies
    1. හික් හික් පව් වැඩේ නේද

      Delete
  20. අනේ ඉතින් වෙන අප්පොච්චෙක් උනා නම් හෙම විසුමක් වෙන්නේ නෑ සඳුන් අයියට..

    ReplyDelete
    Replies
    1. එහෙනං හොඳට කන්න තිබුනා බඩ කට පිරෙන්නම :D

      Delete
  21. සඳුන් ට නිල වෙන්න වැදුනේ නැති එකම මදැයි...

    ReplyDelete
  22. හපොයි...පොඩි විහිළුවක් ගිය දුර..

    ReplyDelete
  23. මට තාම ඔය ... යකෙක් හොල්මනක් තියා මෝහිනී අක්කවත් හම්බෙලා නැහැනේ ... :/

    ReplyDelete
    Replies
    1. හිටු .... මම කියන්න හොයාන එන්න කියලා :D

      Delete
  24. ගිජු කතාවේ හැටියට ජයසේකර අපොන්සු හොල්මනක් නේද ? එයා මරලා දාපු මිනිහාගෙන් පලි අරගන්න සීන් එකක් නේද තිබුණේ ?

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ...අන්න හරි ... අර එයා වල දාපු වස්තුවක් ආරක්ෂා කරේ ...ඒ නිධානෙ මැප් එක බුදු පහන ළඟ හංගලා තිබුනේ ..

      Delete