ලා දම් අහසට පායන උදවිය ..

Saturday, June 29, 2013

රුපියල් 600 න් දවස් දෙකක ට්‍රිප් එකක් ...කැමති අය එන්න යන්න

ඕං ඉතිං පොසොන් පෝය දා සල්ලි සල්ලි කියල බලන්නැතුව අපිත් ගියා වන්දනාවේ .. :D පොසොන් පෝයදා ට වැඩිපුරම යන්නේ මිහින්තලා ගමන නේ .ඒත් ඉතිං මගේ නං අදහස පෝය දවසට ගමේ පන්සලේ සිල් අරගෙන ,සිල් නොගන්න ඇත්තෝ පන්සලට ගොහිං (පන්සල් යන්න බැරි ඈයෝ ගෙදර බුදුන් ට හරි )දාන මානාදී පිං රැස් කොරගෙන ,හවස් අතේ එලි පහලියට බැහැල වෙසක් කුඩුවක දෙකක සිරි නරඹලා ,ගමේ අවට තියනවනං තොරනුත් බලලා (කුරුළු තොරන් හරි කමක් නෑ ඕන විදිහකට) ගෙදර ඇවිල්ල  නිදහසේ   නිදාගන්න එක තමයි  හොඳම දේ කියලා . වන්දනාවේ යනවනං  යන්න ඕන නිදහසේ  වඳ පුදාගන්න පුළුවන් දවසක් බලලා .මොකද ඉතිං සමහර ඇත්තන්ට නිවාඩු හම්බෙන්නෙත් වෙසක් පොසොන් ඇහැළ  පෝය තුනට විතරයිනේ .                                       
සිංහ පාද 
ගමේ ගොඩේ ඇත්තෝ එකතු වෙලා වන්දනාවේ යනවයි කියලා අපේ නැන්දම්මා කීවේ පොසොන් පෝයට ඉස්සරින් දා .. වෙලාවට අතේ සල්ලිත් තිබුන නිසාත් ගෙදර කම්මැලි කමේ තුන්සිය හැට පස් දවස ගෙවන හන්දා ත් මාත් ඔන්න දෝණි ත් එක්කාසු කොරගෙන වන්දනාවේ යන්න සුදානම් උනා .දැන් ඉතිං දන්නේ නෑ බස් එකේ යන අනිත් පිරිස කව්ද ,යන්නේ කොහේ බස් එකක්ද කිසිම දෙයක් . නැන්දම්මා කිවුවා  මන් ගියා .! බස් එකට එන්න කියල තිබුණේ පාන්දර 3ට ..බස් එක ඇවිල්ල නවත්තන්නේ ගමේ හන්දියේ .එතනට මී :300 විතර දුරයි .ඕං ඉතිං හොඳට ලැහැස්ති වෙලා අපිත් හන්දියට ගියා .හරියටම 3.00 ට ,හන්දිය කරුවලම කරුවලයි .බස් එකක් තියා මිනිස් පුළුටක් නෑ ."කෝ බොලව් බස් එක  ..?" අපිට ගමන සෙට් කරපු ඇන්ටි අහනවා ."ඇන්ටිට  ෂුවර් ද ඇන්ටි 3 ට එන්න කිවුවේ  කියලා " රෙහානි හොරෙන් දත් මිටි කන ගමන් ඇහුවේ යටින් අම්ම මුත්තා සිහි කරගෙන ...හි හි :D . "ඔවු ඔවු ...........3 ටනේ එන්න කිවුවේ ..." ඇන්ටි  හත් පොලේම දිව්රලා කියනවා .දැන් ඉතිං තප්පර ,විනාඩි ,විනාඩි 30 , ගෙවිලා ගියා .ඒ වෙද්දී තව නඩේ අය ඔතනට එකා දෙන්න සේන්දු උනා . "එනවා කිවුවනං වෙලාවට එන්ඩ ඕනි ..ඔන්න ඔය බොරුව තමයි මට හරියන්නේ නැත්තේ "  හුටා :D ....නැන්දම්මට පොසොන් භක්තිය දෙපිටිං ගිහිල්ලා .මාත් හිනාව අභ්‍යන්තරයට තල්ලු කොරගෙන දෝණි ගේ අතක් මිරිකගෙන කාගෙන හිටියා .වෙන මක් කොරන්නෙයි ඉතිං ..ඕං 3.45 විතර වෙද්දී යන්තන් බස් එක ආව .හිතුවේ ආපහු ගෙදර යන්ඩ  වෙන්ඩ  ඇති කියල නේ /? එහෙම උන් නෑ මං කිරිත් එක්ක මයිලෝ බොනවනේ .දැන් බස් එකට ගොඩ වෙලා හොඳ සීට් එකක් හොයන්  ඉඳගත්තා .යන්තන් ඇති කියලා හිතලා .කට්ටිය ඔක්කොම වාඩිවෙලා ,බස් එක යන්නේ නෑ "කෝ මේ සුරංගයා එහෙම තාම නෑනේ " ඒ ගමන සුරංගයෙක් එනකං ඉන්නවා .කෝල් කරලා කරලා 4:30 වෙද්දී යන්තං ඒ සුරංගයත් ආවා .ඔව් ඔව් ඒ පාර නං ගමන පිටත් උනා :D                                                                            
සීගිරි බිතු සිතුවම් 
පිටත් උනා කිවුවට කිවුවයෑ යන්නේ කොහෙද කියලා මිහින්තලේ කියලද හිතුවේ? නෑ  අනේ " සීගිරි -දඹුළු " මේගොල්ලන්ගේ  ආරම්බේ හැටියටම මට නං තේරුනා සිගිරිවත් හරියට නැග ගන්න බැරිවෙනවා කියලා .දෑල තිරිවනාකටියෙන් පහසුවෙන්ම යන්න පුළුවන්කම තියෙද්දී මෙන්න කහවත්ත පැල්මඩුල්ල පාරෙන් රත්නපුරේට යන්න යනවා .මේ අපබ්‍රන්ශේ මොකද්ද බලනකොට එහෙන් මෙහෙන් යන්තං කනට වැටුණා පැල්මඩුල්ලේ සෙට් එකකුත් නග්ගගෙන යන්නේ කියලා .. 'හෑ .......... බස් එක සීට් පිරෙන්න කට්ටිය ඉන්නවා .ඒ මදිවට දෙතුන් දෙනෙක් හිටගෙනත් ඉන්නවා ..තව ඇවිල්ල කොහෙද යන්නේ ඔලු උඩද ?" නෑ මං එහෙම කාගෙන්වත්  ඇහුවේ  නෑ හිතුවා විතරයි .. :D හි හි !ඒවා අපිට අදාළ නෑ අපිට ඉදගෙන පාඩුවේ යන්න තියනවනම් එච්චරනේ කියල හිතන්  හිටියා ඉතිං .හ්ම්ම් ... පැල්මඩුල්ලෙන් තව 10ක් විතර නැග්ගා .දැන් නිකං කලවාන -රත්නපුර බස් එකක ඇතුල වගේ .ටිකක් වයස අම්ම කෙනෙකුත් ඒ අතරේ ඉන්නවා .ඒ අම්ම බැන බැන ආපහු බහින්න යද්දී කව්දෝ ඉස්සරහින් නැගිටලා සීට් එකක් දුන්නා .ටික දුරක් ඔහොම යද්දී හිටගෙන යන අය ගැන අනුකම්පා හිතුන  දෝණි යි මමයි මාරුවෙන් මාරුවට කට්ටියට ඉඩ දුන්නා වාඩිවෙන්න .                          දන්සලක් පහුවෙන්න බෑ ..."අනේ අයිස් කිරිං ,අනේ පැණි කොමඩු ,අනේ කොස් ,අනේ නුඩ්ල්ස් ,අනේ මඥ්ඥොක්ක .. " මුං ජීවිතේට දැකල කාල නෑ වගේ කෑ ගහන්නේ ..ඒ කියන කියන පාරට නතර කලානං බස් එකේ ගිහිං ආපහු බස් එකේම ගෙදර එන්ඩ තිබුණා .අපේ ඩ්‍රයිවර් උන්නැහේ දවල් 12.30 විතර වෙනකොට  දෙය්යනේ  කියල  අපිව  දඹුල්ලට  අරන් ගියා .  දඹුලු  පන්සලට  නෙවෙයි ටවුම  පහුකරා විතරයි .   දවල්ට කාලම තමයි ගලේ නැග්ගේ . අපේ සංවිධායක  තුමිය කියලා තියනවා දිවා    ආහාරය දෙනවාය, ගේන්න එපාය කියලා . ඉතිං අපි උදේ කෑම විතරයි අරන්  ගියේ .බත් දන්සලුත් සේරම පෝලිං වලිං පිරිලා .දන්සැලකින් කන්න ගියොත් ගලේ නැගල හමාරයි .ඒ නිසා ඉතින් කඩේකින් අත දිග ඇරලා වියදං කරලා දිවා ආහාරය අනුභව කරගත්තා ,ඔය කෑම කඩේට අල්ලපු කඩේ කොමිනිකේෂන් එකක් .මට කාර්ඩ් එකක් ගන්න ඕන වෙලා එකට  ගියා දෝනිත් එක්ක, කඩේ අයිතිකාරයා අතුගානවා . "හදිස්සිද " ඇහුවා . "ඔව් බස් එක යයි "  මං උත්තර දුන්නා .අතුගාලා ඉවරවෙලා" මොනවද ඕන කාර්ඩ් එක ?" ඇහුවා . "මොබිටෙල් "මං කිවුවා .මනුස්සයා ටිකක් හිතල මතලා වගේ කාර්ඩ් 2ක් දුන්න මට .මාත් අරං සාක්කුවේ දාන් බස් එකට නැග්ගා .නැගලා ඩ්‍රයිවර් තවම එළියේ ඉන්නවා දැකල මන් කාර්ඩ් එක දාන්න හිතාගෙන අතට ගත්තා "හෑ .......මෙන්න හච් කාර්ඩ් එකක් .." ඇස්  දෙක ගිනි බෝල වගේ කරගෙන දත් මිටි කාගෙන කේන්තියෙන් වෙව්ලගෙන යක්ෂනියෙක් වගේ කඩං පැන්නා කොමිණිය ඇතුලට ! නෑ .....එහෙම උන් නෑ , සාන්ත දාන්තව ගිහිං කේන්තිය ඔක්කේ හංගාගෙන කිවුවා මේක හච් මට මොබිටෙල් එකක් දෙන්න කියලා " එයා හිතුවේ මම ගොඩක් කලබලෙන් යන්න ආවා කියලා ,ඉතිං මාරු උන විදිහට එයා  විකිනෙන්නේ නැති කාර්ඩ් මගේ ඇඟේ ගහන්නයි හැදුවේ .                                                  ඕං සීගිරි භූමියට ඇතුල් උනා .ටිකක් නැගගෙන ගියා .ඔක්කොම හරි !අපි දඹුළු යන්න ආවේ නෑ කියල හිතලා හිත හදාගත්තා .සූ  ගාලා සෙනග .ඒ විතරක්ද මාර බ්ලොක් එකක් තියෙන්නේ .නැගපු අය අම්ම මුත්තා සිහි කර කර බහිනවා .මගින් මගට පොලිසියෙන් හරක් වගේ ඉබාගාතේ රිංගන අයව පාලනය කරනවා .අනේ පව් ඒ මිනිස්සු ! ඇයි හත් දෙය්යනේ අපිත් පව් .හතරවටෙන්ම හිරවෙලා .ඔන්චිල්ලාවේ වගේ ඉස්සරහට යනවා ආයේ පස්සට එනවා .අම්මලා කොහෙවත් .අතින් අල්ලන් හිටපු හන්දා දෝණි යි මායි එක තැන .දොඩන් ගෙඩි දෙකක් උස නැතුව දෝණි අමාරුවෙන් හුස්ම ගන්නවා මං දැක්ක .කට්ටිය ඉස්සරහට යන්නේ කුඹි යන ගානට .මොනවා කරන්නද ආපහු හැරෙන්න යෑ .අමාරුවෙන් නැග්ගා කොහොමහරි .කොලු කුරුට්ටන්ටනං හරි ජොලි .කෙල්ලන්ට ටෝක් කෝටියයි . අම්මලා සිංහ පාදේ ළඟ නැවතුනා .එතනින් උඩට අම්මලට යන්න අමාරු හින්දා .මම නං දෙපාරක්ම කලින් නැග්ගා ..දෝණිගේ පලවෙනි වතාව හින්දා අමාරුවෙන් උඩටත් නැග්ග අපි දෙන්නා . නඩේ උදවිය කොහෙද නෑ .මං වගේ යකෙකුටවත් බය නැති කෙල්ලෝ හින්ද හොඳයි .හි හි :D ...ආ මට බ්ලොගියකුත් තියනවනේ දැන් විස්තර ලියන්න .පොටෝ ටිකක් ගහගන්න එපයි කියලා ගත්තා ෆෝන් එක අතට ..දැන් හිරවෙලා තෙරපිලා අමාරුවෙන් එහෙට මෙහෙට පැද්දී පැද්දී අමාරුවෙන් අවට චායාරූප 2-3ක් ගත්තා ..තුන්වෙනි එක ගද්දිම ෆෝන් එක ගල පල්ලට වැටුණා ..." අය්යෝ ..................මගේ ගැලක්සීය !" අනිවාර්යෙන් ඕක වෙන්න පුළුවන්
 කියලා මගේ චිත්ත රූප වලට පෙනුන නිසා මං ගත්තේ නෑ එක පොටෝවක් ආයුබෝවන්  :D                                                               අමාරුවෙන් ගලටත් නැගලා කොලු ටෝක් වලිනුත් නුලේන් බේරිලා යන්තං ගල පල්ලට බැහැ ගද්දි හවස හතටත් කිට්ටුයි .බස් එක ලඟට යනකොට අපේ නඩේ සමහරු බීල !ඒ උන්දැල ගලේ නැගලත් නෑ .තාත්තෙක් දුවෙකුට බනිනවා ගෙදර වගේ හිතාන ! මදැයි වෙහෙස නිවාගන්න බස් එකට ගොඩ උනා .බස් එකට ඇවිත් දැන් ඔක්කොම වාඩි  වෙලා ආපහු යන්නයි සුදානම !පොසොන් දවසේ බුදුන් වැදගන්නවත් නෑ .අන්තිම සීට් එකේ කොල්ලේ බස් එක ඇතුලෙම සිගරට් එකක් බොනවා .එක දැකපු තව කොල්ලෙක් එයාට බනිනවා "යකෝ පොඩි එවුනුත් ඉන්නවා මේක ඇතුලේ ඕනි එකෙක් එලියට ගිහිං බීපල්ලා" කියලා .හෆොයි ...කචල් විමානයයි .එක සෙට් එකක් අනිත් සෙට් එකට නොදී බිව්වා කියලා තව කේස් එකක් !උදේ බස් එක ස්ටාර්ට් කල වෙලාවේ ඉදන් සින්දු කියපු කට්ටිය රෑ හෙන සයිලන්ට් !හේතුව හොයා බලද්දී නොදී බිවුව එකටලු !කොච්චර සින්දු කිවුවත් මට ඇහුනේ අර "මගේ තැඹිලි ගෙඩිය රත්තරං "කියන සින්දුව විතරයි තාලෙකට කියනවා .අන්තිමට ඒකත් නැති තැන ඩ්‍රයිවර් කන පැලෙන්න සින්දු දාගත්තා .රෑ කෑමත් කඩෙන් කාලා ආපහු එන්න හැරුනා .පොසොන් වන්දනාවේ ගිය වාහන නිසාත් ටවුමක් මැද්දේ තිබුන තොරණක් නිසාත් පාර බ්ලොක් ..එතනත් පැය  ගානක් කට්ට කාල අන්තිමේදී ගෙදර එද්දී පහුවදා උදේ 7.30යි .මේ ට්‍රිප් එක හන්දා මං ඉගෙනගත්තු ලොකුම පාඩම තමයි කොහේ හරි වන්දනාවක හෝ වේවා .,මල ගෙදරක ,මගුල් ගෙදරක හෝ වේවා යද්දී තමන් යන්නේ කාත් එක්කද කොයි වගේ මිනිස්සු එක්කද කියන එක අංක එකට හිතන්න ඕන කාරණාවක් !තැනක හැසිරෙන්න දන්නේ නැති මේ වගේ අය නිසා අපිව අපහසුතාවලට පත් වෙන නිසා .රු :600ට දවස් දෙකක ට්‍රිප් එකක් යන්න ඕන නම් අමතන්න රෙහානි !                 ප.ලි                 :                     පින්තුර ගුගල් වෙතිනි

58 comments:

  1. කෙල්ලට වෙලා තියන ඇබැද්දියනම් හිතාගන් පුළුවන්. ඒත් මං හිතන්නේ මේ ගමන යන්න ඇත්තේ රෙහානිගේ මහත්තයගේ ගමේ කට්ට්ය එක්කනේ.ඉතින් ඒ ගම ගැන රෙහානි තාම දන්නේ බොහොම ටිකයි.ඒ නිසා තමයි මේ බෝරින් ගතිය එන්නේ. ඔය ගමන ඔයාගේ ගමේ අයත් එක්ක ගියානම් ඔය කියන මොන දේ වුණත් ඒක ඔයාට රසවත් වෙන්න තිබුණා..
    මේ පොඩි අදහසක්. ඇතැම් විට මෙය ඔබේ දිවියටම බලපාන දෙයක් වේවි
    වතුර වගේ හැසිරෙන්න. බේසමට දැම්මොත් ඒ හැඩේ.වීදුරුවට දැම්මොත් විදුරුවේ හැඩේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් .. අනේ මන්දා ඉතිං මටනං කචල් එහෙම හරියන්නෙම නෑනේ අප්පා ..බොහොම ස්තුතියි උපදෙසට ..ඒක හරියට වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න වෙනවා වගේ නේද?ඒකත් ඇත්ත තමයි ඉතිං

      Delete
  2. ගොඩක් සෙනග ඉන්න දවස් වල වන්දනාවෙ යන එකනම් එපාම කරපු වැඩක්,තැනක් හරියට ( රිසිසේ ) බලාගන්න ඕනනම් යන්න ඕන සෙනග අඩු දවසක, කිහිප දෙනෙක් එක්ක හරි තනියෙන්හරි කියල මටනම් හිතෙන්නෙ.
    මමනම් ඔය තැන් දෙකටම තනියම ගිහින් තියනව.

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු සිතුම් ....නිදහසේ වැඳ පුදාගන්න නං ඉතිං පෝයට ගිහිං බෑ ..ලාදම් අහස යටට් ආදරෙන් පිලිගන්නවා ඔයාව යාලු !

      Delete
  3. //යද්දී තමන් යන්නේ කාත් එක්කද කොයි වගේ මිනිස්සු එක්කද කියන එක අංක එකට හිතන්න ඕන කාරණාවක් !//

    මේක නොහිතා ගිය සමහර ට්‍රිප් වලින් මාත් පාඩම් ඉගෙන ගත්ත බොල. ආයෙ ගෙදර එන්නෙ කොයි වෙලේද කියල හිතට වදයක් වෙවී යන ට්‍රිප් නම් චොප්පම චොර.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කියලා මොටද ඒ ආනිසන්සේ ගැන නං :)

      Delete
  4. මටත් මෙහෙම එපා වෙච්ච ට්‍රිප් නම් තියනවා, කොහොමත් මම පෝයට පන්සල් යන්න නම් හරිම අකමැතියි.. පෝය කියල හිතට දැනුන සතුටත් නැතිවෙනවා පන්සල් ගියාම.

    ReplyDelete
    Replies
    1. ඒකට ගමේ පන්සල එහෙම නෑ නේද ?පෝය දාට උනත් වෙනදා සිසිලස විඳගන්න පුළුවන් !

      Delete
  5. නියමයි නෙ. මමත් විජහට බැලුවෙ ට්‍රිප් එක එන්න හිතාගෙන. ඔහොම තමයි සමහරු එක්ක ගියාම. මටත් ඔහොම අත්දැකීමක් තියෙනවා සිය දෙනෙක් එක්ක අනුරාදපුර ට්‍රිප් එකක් ගිහින් අපි බස් එකේ නැගල ගෙදර ආව!

    ReplyDelete
    Replies
    1. යං යං ඊළඟ පෝයට මං ගානේ එක්කන් යනවා :D // මටත් ඔහොම අත්දැකීමක් තියෙනවා සිය දෙනෙක් එක්ක අනුරාදපුර ට්‍රිප් එකක් ගිහින් අපි බස් එකේ නැගල ගෙදර ආව!//මාර කට්ටක්නෙ :D

      Delete
  6. හරි හරි, ඉතින් කොහොම හරි අර සීගිරි ලලනාවොත් වැඳ පුදා ගත්තනේ. සැලෙන්නෙපා.

    ඔය සිංහ පාදේ ඉතුරු ටික සිංගප්පූරුවේ තියෙනවාලු. බොරුනම් සිරාගෙන් අහලා බලන්න.

    ReplyDelete
    Replies
    1. දැන් මතයක් යනව මේ පාද සිංහයෙකුගේ නොව කුරුල්ලෙකුගේ කියා.

      Delete
    2. සැලෙන්නේ නෑ ආයිබෝවන් ... :D සිරාගෙන් අහන්න ඕනේ එහෙනං :D

      Delete
    3. @Naleen -හෑ ,,....කුරුල්ලෙක්ගේ :o

      Delete
    4. කුරුල්ල ගුරුල නේද?

      Delete
    5. එහෙමද ම්ම්ම් ????????

      Delete
  7. පුංචියෝ.... මගේ ෆොටෝ එකක් ගන්නකෝ....

    කෑ නොගහ හිටපන් කෙල්ලේ.. මගේ ගැලක්සිය වැටුනොත් එහෙම..

    හරි හරි ගැලක්සිය දැන්ම වැටෙන්නේ නෑනේ.. ඒක තාම කඩේ ෂෝ කේස් එකේනෙ තියෙන්නේ. දැන් ඔය දෙදාස් පන්සීයේ චයිනීස් කටුවෙන් මගේ පින්තූරයක් ගන්නවකෝ...

    :D

    ReplyDelete
    Replies
    1. හි හි උයාගේද චයිනීස් කටුව ....උයාට නේද මේක උනේ "පුංචියෝ " දැම්ම බාප්පියෝ වෙනුවට :D

      Delete
    2. පල පල යන්න...
      ඌට තාම බාප්පියෝ තියා වචනයක්වත් ගැට ගහගන්න බෑ.

      Delete
    3. හා හා ... ඔව් අපි දන්නවා ඒ පොඩිත්ති ට අවු :2ට කිට්ටුයි කියලා :D

      Delete
  8. කාත් කවුරුවත් නොදන්න වාහනවල නැගලා ට්‍රිප් යනවට තොපිට හොඳ පාඩමක් මේක. මටනම් ඔය නාඳුනන ට්‍රිප් වලට වඩා හොඳයි ගෙදර සැපට නිදාගන්න ඒක.

    මං අපේ ක්ලාස් එකේ ට්‍රිප් එකක් ගියා කතා කරගත්තු වෙලාවටම. හතරහමාරට එනව කිව්වා. හත වෙනකම් පාරේ හිටගෙන හිටියා. ගමේ උන් නක්කලේට බල බලා යන නිසා බැරිම තැන බළන්ගොඩට බස් එකේ ගිහින් අටහමාරට බස් එකට නැග්ගා. (ඒකට සෙට් කරපු බස් එකත් කලවාන-රත්නපුර එකක්) :D

    ReplyDelete
    Replies
    1. ඉතිං අපේ නැන්දම්මාගේ අඳුනන සෙට් එකක්නේ ! මම නොදන්නවා උනාට හහහහඅඅ ......................! ඉතිං ඊට පස්සේ අපහු ගෙදර ආවද ..හි හි හොඳ වැඩේ ! (කලවාන රත්නපුර කට්ටිය ඔහොමමයි ..මේ නිවිතිගල අපි වගේ නෑ :D

      Delete
    2. නිවිතිගල තියෙන්නේ කලවාන- රත්නපුර අතරමැද නෙවෙයිලු.... බැරිවෙලාවත් ඔය දෙක මද තිබුනානම් පිස්සු ඩබල් නේ... වෙලාවට උයා කලවානටත් හැතැම්ම සීයක් විතර එහා හිටියේ.

      Delete
    3. හි හි නෑලු නෑලු :D //වෙලාවට උයා කලවානටත් හැතැම්ම සීයක් විතර එහා හිටියේ.// අනිවාර්යෙන් හි හි

      Delete
  9. බස් වලින් ට්‍රිප් යන්න ගියාම මට නම් එපාම කරපු දේ තමා...කන පැලෙන්න,අහන්න අප්‍රිය,බඩේ අමාරුව හැදෙන සිංදුඅහන එක තමා ඒ මදිවට...බේස් උපරිම ඇරගෙන පපුවට දැනෙන අමාරුව.

    ReplyDelete
    Replies
    1. හි හි ..ඔය කාල තියෙන්නේ කටුව අපුරුවට....!

      Delete
  10. මගේ පපුව හීතල වෙලා ගියා ෆෝන් එක වැටුණා කිව්වම ...:( පස්සේ තමයි දැක්කේ අනිත් කොටස...:)

    ( මම හෙට උදේට එන්නම්..නිදිමතයි හොඳටම )

    ReplyDelete
    Replies
    1. මම නම් සාමාන්යෙන් ට්‍රිප් එහෙම යන කෙනෙක් නෙවේ..කොටිම්ම තරුණ කාලේ සීගිරි වත් බඩගාගන්න බැරි උනා මට...:(

      Delete
    2. පපුව සීතල වෙන්නේ නැද්ද .... උයා දෙය්යනේ කියල හදල දීපු ෆෝන් එක වෙච්චි හය්යු ..එහෙම බෑ .. මැරෙන්න කලින් ලෝකේ තියන හැම එකක්ම බැරි උනත් තමන්ට පුළුවන් උපරිම දේවල් ටික දැක බලාගන්න ඕන ,ඔන්න යන්න ඊළගට සෙට් වෙන ට්‍රිප් එක හොඳේ !

      Delete
  11. මදැයි වන්දනාවේ ගියා.ට්‍රිප් එපා උනා මේක දැකලා..:D

    ReplyDelete
    Replies
    1. හි හි ,......මෙව්වා ඔයාලටත් හොඳ පාඩම් තමයි

      Delete
  12. අපෝ මටත් පෙන්නන්නම බැරි වැඩක් තමා පෝයට ප්‍රසිද්ධ පන්සල් වලට යන එක. නිකන් සෙනග බලලා ආවහැකි. වැද පුදා ගැනිලි නම් බොරු....

    මේ මරු ට්‍රිප් එක ඈ.... නොදන්නා අයත් එක්ක ගියාම සමහරවෙලාවට අවුල් තමා....

    ReplyDelete
    Replies
    1. මරු කියන්නේ මරේ මරු සමනලියෝ :D

      Delete
  13. මම නම් පන්සලට යන්න කැමති රෑ වෙලා. එතකොට සෙනගත් අඩුයි පරිසරයත් සෞමයයිනෙ...සැනසිල්ලෙ වඳින්න පුලුවන්.

    සමහර ට්‍රිප් නම් ගිය වෙලේ ඉඳන් කොයි වෙලේද ආපහු ගෙදර එන්නෙ කියල හිත හිත තමයි ඉන්නෙ. ට්‍රිප් යන එකත් එපා වෙනව ඒ වගේ එකකට ගිහින් ආවට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රෑට තමයි පන්සල ලස්සන ...පහන් එළිත් එක්ක හිතත් පහන් වෙලා යනවා

      Delete
  14. හෆ්ෆා,,, ඒක නම් ට්‍රිප් එකක් නෙවෙයි, වාත කෝච්චියක් වගේ. අපිත් එක පාරක් ඔය වගේ නොදන්නා එකෙක්ව බෝපත් ඇල්ලේ එක්කන් ගියා. බීලා වැඩිවෙලා මූ ආයෙම එන්න බෑ කිව්වනේ. මොනවා කරන්නද? ගමේ උන් එක්ක තව බොන්න ඉඩ දීලා අපි ආපහු ආවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉස්සෙල්ලම සඳුනිමා ආදරයෙන් පිලිගන්නවා අහස යටට !උයාල බෝපත් අල්ලේ ආවද ...අපේ ගම පලාතනේ ..වාත කෝච්චියක්ම තමයි ඒකනං

      Delete
    2. ගම එහේද?

      බෝපත් ඇල්ල අමතක වෙන්නේ නැත්තේ අන්තිම පාර ගමේ උන් එක්ක ගහගෙන ආව නිසයි....

      Delete
    3. රුවන්පුරය අපේ ගම තමයි :D

      Delete
  15. 600 ට හිසරදේ හැදුනත් කමක් නෑ. පට්ට ලාබයි නේ බං.. හැක්

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි බොලව්

      Delete
  16. ඔන්න මමත් අහස බලන්න ආවා....

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න කියලා ආරාධනා කරන ගමන්ම ආදරයෙන් පිලිගන්නවා මේ පැත්තට !

      Delete
  17. පොසොන් දවසේ වෙසක් දවසේ එහෙම වන්දනාවේ යන්න හිතාගෙන ඉන්න ඒකනම් මහා මෝඩකමක්!!! කොහොම හරි හොඳ කට්ටක් කාල තියන වගනම් පේනවා!

    ReplyDelete
    Replies
    1. කෑවා නේන්නම් නාඩියෝ හොඳ කට්ටක් !ඒ මෝඩකම මාත් කොරගත්තේ ඔය ඉතිං :D

      Delete
  18. හපොයි! මමත් එක සැරයක් පොසොන් පෝයට සීගිරි නැගලා හොඳ කට්ටක් කෑවා. පැය 5 ක් ගත වුණා නගින්න ම. හිතා ගන්න පුළුවන්නෙ . . .

    ReplyDelete
    Replies
    1. මෙන්න අත්දැකීම් .. :D .කියන්න දෙයක් නෑනේ ඉතිං කටුවේ ස්වරුපේ

      Delete
  19. මම නම් තාම ඔය වගේ කට්ටක් කාලා නැහැ. කොහොමත් ට්රිප්වලට බොනපාට්ලා එක්කගෙ ගියහම මුළු ගමනම චොර වෙනවා තමයි.

    ReplyDelete
  20. සිගිරි කියන්නේ මමත් යන්න අසාම තැනක් ..කිහිප වතාවක් ගිහින් තියෙනවා ඒත් පෝය දවස්වලනම් ගිහින් නැහැ ..

    ReplyDelete
    Replies
    1. එහෙනං ආය පෝයටනං යන්න එපා

      Delete
  21. ලබන පෝයට මම එනවා ..සීට් එකක් බුක් කරලා තියන්නෝ

    ReplyDelete
    Replies
    1. ඕකේ ඕකේ ...ඔන්න එක හයසීයක් නං හරි

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ඔය කණ්ඩායම් එක්ක වන්දනා ගමන් යනවානේද මටනම් එපාමකැපු වන්දනා ගමන් තමයි ඒවා.. අන්තිමේදි බඅලුවොත් බස්එකේ ගිහින් විතරයි තියෙන්නේ..
    ඉතින් මේ ගමන ගැනත් හිතාගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බස් එකේ ගියා විතරයි වෙනවා ..අර දන්සල් ගානේ නතර උනානං :D

      Delete
  24. අයියෝ සල්ලි කිව්වලු ! මේ වන්දනාව හොඳ භක්තියට නෙවෙයි අනිත්‍ය මෙනෙහි කරන්න :D

    ReplyDelete
    Replies
    1. හි හි ඒකනං ඇත්ත තමයි

      Delete