ලා දම් අහසට පායන උදවිය ..

Wednesday, June 25, 2014

SMS ආදරේ




පොද වැස්ස හීනියට ලා දළු තෙමනවා...අහසේ වැහිබර වලාකුළු හාත්පසට ගුප්ත බවක් එකතු කරලා..අද පරිසරය මෙහෙම පේන්නෙ මට විතරද...? නෑ ....ඇත්තටම ගුප්තයි....අපේ අම්මාටත්  වෙලාවකට විකාර...පාන්දර ඉදං ඇහැරලා මදිවට දැන් තව කට්ටක්....

"මහවලතැන්නට බස් දෙක තුනක් ම තියනවා පුතේ....අද පරක්කුයි...." අම්මා කියන්නේ හරියට මගේ නුරුස්නා මුණ හැඳිනගෙන වගේ..

"හ්ම්...."මම ඕනෑ එපාවට කීවේ අම්මාගේ සිතිවිල්ල හරි යැයි දන්වන්න..

මම බස් නැවතුමේ කණුවකට හේත්තු වීගෙන අහස දිහාවම බලන් උන්නා ....පුංචියට වැටෙන පිණි  බිඳිති දිහාව...

අනේ පුතේ...මං  ඩින්ගිත්තකට එහා පැත්තට ගිහිං එන්නං ..." අම්මා එහෙම කතා කලේත් මගේ හිත කේන්තියෙන් පුපුරු ගහන බව දන්නා නිසා..අම්මා ගියාට පස්සේ එයාට නොපෙනෙන්න මං  එයා ගිය තැන විපරම් කළා .washroom
.....බෝඩ් එක දිහාව බලලා  ආපහු මං අහසින් වැටිලා අතුරුදන් වෙන පිණි බිඳු  දිහාව බලන් උන්නා ...

පිණි  බිඳු  දිහා බලං ඉන්න මගේ දෑස් වලට එපිටින් එහා නැවතුමේ චායාවක් ...ඔවු....ටික වෙලාවක ඉඳන් මට ඒක දැනුනත්..මන් ඒ ගැන හිතන්න උත්සහා නොකරම පිණි දිහාම බලන් උන්නා....

"excuse me....! I have to tell you something....."මට ඇහුනේ පෞර්ෂවත් හඬක්....ගැස්සිලා පිටුපස බලද්දී ඔහු හිනාවීගෙනම මා දිහා බලාගෙන...මට ක්ෂණයකින් බැලුනේ ඉදිරිපස...ඔවු....ඒ චායාව තමයි මේ පිටුපස හොල්මන් කරන්නේ....

මං කලේ පිළිතුරු දෙනු වෙනුවට නිහඬවම එක එල්ලේ ඒ ඇස් දිහාවම බලං හිටපු එක....නමුත්...මගේ බැල්මෙන් ඔහු කලබල වුණා ...අපහසුතාවයට පත් වුණා  කිවුවොත් නිවැරදියි...ඔහු මගේ දෑස් මගහැරියා...මම නිහඬවම උන්නා ...තවදුරටත් ....ඒ ඇස් දිහාවම බලාගෙන....

නැවත ඔහුම කතා කළා ..ලජ්ජාශීලීව නමුත්.....කොන්ද කෙලින් තියාගෙන... "ඔයාගේ බෑග් පොකට් එකේ දෙයක් ඇති...බලන්න..., මතක තියාගන්න මං ඉන්නේ නොයිවසිල්ලෙන්....ගිහිං එන්නම්...ප්ලීස් ....මාව විහිලුවට ගන්න එපා..."  

ඔහු යන්න ගියා....ඒත්  සමගම අම්මා මං  ඉන්න තැනට එමින් හිටියා...මං අම්මත් එක්ක දුර තියාම හිනා වුණා . "මොකෝ ....මෙච්චර වෙලා මට බුම්ම බුම්ම ආවේ මග දිගට...එක පාරට විරිත්තන්න ගත්තේ.." අම්මා නෝක්කාඩු කියනවා..."අ.....අන්න බස් එක....යමු..." අම්මා ගිය පසුපසින් ගොස් මාත් අසුනකට ගොඩ වුණා .නමුත් අම්මා අසුන්ගත් අසුනට පිටුපස අසුනේ ....මට ඕන උනේ නිදහස් වෙන්න...හෙමින් සීරුවේ වටපිට බලපු මං හෙවුවේ ඒ රුව....හ්ම්ම්.....පේන මානෙක නෑ ...හිතට දැනුණේ සතුටක්....

හිතේ තිබුණේ නොයිවසිල්ලක්...ඔහු කී දේ බලන්න......දැන් තමයි හොඳම වෙලාව.ඇසිල්ලකින් සයිඩ් බෑගයේ  පුංචි පොකැට්ටුව ඇරපු මං දැක්කේ පුංචි චිට්  එකක්...ම ඒක ඉක්මනින් දිගහැරියා.

0760000009
call or msg me..plz
I'm wishmitha

ලියලා  තිබුන විදිහෙන්  කලබලයෙන් ලියු බවක් පෙනුණා .මගේ කට කොනකට හිනාවක් ආවේ ඇයිද මංදා ....මම ඉක්මනින් බැලුවේ මං තනියම හිනාවෙනවා කවුරුත් දැක්කද කියලා..නෑ .බසය රත්නපුර නැවතුමෙන් සෙමින් ඉදිරියට  ඇදෙනවා..මම ජනේලයෙන් එපිට අරමුණක් නැතිව නෙත් යැව්වේ චිට් එක පරිස්සමට පොකැට්ටුවට දාලා ඉවරවෙලා....බසය ඉදිරියට නැවතුම පිටුපසින් ඇදුනා......

"විශ්මිත......!"..... ඔවු....ඒ ඔහු තමයි.බසය රවුමෙන් පිටවෙන්නට හැර ඔහු නැවතුම මැද්දෙන් ඇවිත්...මගේ දිහාව හිනාවීගෙන බලන් ඉන්නවා.මට හිනා ගියේ ඉබේටමයි..."පිස්සු කොල්ලෙක්" මට හිතුනා .

මම ඒ ඇස් මගහැරියා ...නමුත් ,හිත කිවුවේ ඒ දිහාවම බලන් ඉන්න කියලා .හිතට තරවටු කරපු මං ඒ ඇස් මගහරිම්න්ම  උන්නා .බසය ඔහු නොපෙනෙන දුරකට ආවාට  පස්සේ මට මතක් උනේ උදේ අම්මත් එක්ක රණ්ඩු වුණ  හැටි.

"මොන විකාරයක්ද මේ...අර අපලලු ...මේ අපලලු ..,කොඩිවින කරලලු...එක පාරක් බෙරයක් විතර සුරයක් එල්ලුවා ..මේ සුර ටිකේ බරට කොයිවෙලේ හරි බෙල්ලත් ගැලවිලා යනවා." මම එහෙම කියෙව්වේ අදත් දෙහි කැපිල්ලක් කියලා උදේම මහවලතැන්නේ දේවාලේ මාවත් ඇදගෙන ආපු තරහට.ඒත් ඉතිං දැන් තරහා හොරු අරං ගියා වගේ...මක් උනාද මන්දා .


                                      ~~~~~~~~~~~~

ගෙදර ආපු වෙලාවේ ඉඳන් කල්පනා වෙන්නේ විශ්මිත ගැන..මොකද කරන්නේ....මැසේජ් එකක් දානවද...?ඕන නෑ ...මොකටද එක අතකට.මගේ හිත විටින් විට එක එක දේ කීවා .

"නිල්මි.....එහා පැත්තේ ගෙදර කොටහලුවක්ලු....."

"හෑ ....................අපේ සිඟිති?" මම ඇහුවේ ඇඳෙන් බැහැලා  එහා ගෙදරට දුවන ගමන්...

"කොහෙද උඹ දුවන්නේ..? මං ආවේ ඒ පළාතට යන්න එපා කියන්ඩ....,ඔය සුරේ බල බිඳෙනවා ..මළ කිල්ලට අහුවෙන්නත් එපා කීවා ඇහුනේ  නැද්ද ?" අම්මා පුපුර පුපුරා කෑ ගහනවා.මම හිටි තැනම පුටුවකට වැටුනේ හිතේ තියන කේන්තියෙන් අම්මව රිද්දන්න බැරි කමට


                             ~~~~~~~~~~~~~~~

සති අන්තේ  මම ටවුමට යන දවස්.මගේ මැහුම් කෝස් එක ඉවර වෙනකම්ම මට ඒක සාමාන්‍යයි .වෙනදා මගේ වටේ ඉන්න යාලුවෝ පෙම්වතුන් එක්ක මල් පාරේ ගිහින්.. හුදෙකලා වෙච්ච මම  ෂෙඩ් එක ළඟ කෙටි පාරෙන් ඇවිත් ධර්මපාලේ පහු කරගෙන හෙමින්  සීරුවට කහ ඉර පැනලා බස් නැවතුම පැත්තට යමින් උන්නා ..අතරමගදී ඇස ගැටෙන්නේ උපකාරක පන්ති යන ළමුන්.ඒ  අතරේ හමුවන තරුණයෙක් දෙන්නෙක් මොනවදෝ කියනවා ඇහුනත් මම නෑසුන ගානට ගියා.

 "ආ....නංගි ...බොමුද සීතල වතුර වීදුරුවක්.." මගේ ඉස්සරහටම හමු උන පිරිමි ළමයෙක් එහෙම ඇහුවේ මම ඉහලන් යන රෝස පාට කුඩේ යටින් එබිලා.නෑසුන විදිහට යන්න උත්සහ කලත්,පදික වේදිකාවේ යකඩ වැටට අත තියලා ඔහු මට බාද කළා.මම බැලුවේ ඔහුගේ මුහුණ..

විශ්මිත.......! "

මට ඉබේටම කියවුණා ..

"නම මතකයි එහෙනම්.....ඇයි ඉතිං කෝල් නොකළේ?" ඔහු මගේ කුඩේ ඇතුලටම රිංගුවා.

"මට යන්න දෙන්න..." මට ඕන උනේ ඔහුගෙන් මිදෙන්න.මම බලෙන්ම ඔහුව තල්ලු කරගෙන ඉක්මනින් යමින් හිටියා.

"අද අනිවාර්යෙන් මට මැසේජ් කරන්න..නැතුව ඊළඟ දවසේ පැනල යන්න හිතන්නෙපා..." විශ්මිත කෑ ගහලා කියද්දී මට පුදුමත් හිතුණා .විශ්මිතගේ පැහැදිලි ඇස් ඔහු මට ලං වෙද්දී මම හොඳින්ම දුටුවා.ඒත්  ඒ ඇස්වල තියන හැඟීම හරියටම තේරුම්ගන්න මට තවමත් බෑ .විශ්මිතට තියෙන්නේ හරිම පැහැපත් දුඹුරු හමක්.කොහොමත් පුංචි දවස්වල ඉදන්ම මම ආස කලේ සුදු හම  තියන අයට වඩා දුඹුරු හම තියන අයට . ඒ නිසාමදෝ මන්දා මට විශ්මිත ගැන යම් ආකර්ෂණයක් ඇත්තේ.


ගෙදර ආපු වෙලාවේ ඉදන් සැරින් සැරේ විශ්මිත මගේ හිත අස්සේ හොල්මන් කරන්න අරං ...මට මතක් වෙන්නෙම ඔහුගේ පෞර්ෂය.ඒ දිලිසෙන ඇස් වල තිබුණ කාන්තිය.ඒ කළු පාට ඇස් එක්ක ගැලපෙන දුඹුරු පැහැපත් හම ..ඇත්තටම අයිති කරගන්න තරම් ආස හිතෙන  කොල්ලෙක්...ඒ හැමටත් වඩා ඔහුගේ දඟකාරකම.මගේ හිතේ ඇඳුන චරිතයමයි...අයිති කරගන්න තරම් වටිනා කමකුත් ඔහු තුළ ඇති.... 

අම්මා මේ ටිකේම එහා ගෙදර.මට යන්න විදිහකුත් නෑ .ගොඩක් පාලුයි."ම්ම්.....විශ්මිත මේ වෙලාවේ මොනවා කරනවා ඇද්ද....නිකමට වගේ මැසේජ් එකක් දැම්මොත්...." මං පොකැට්ටුවෙන්  චිට් එක අතට ගත්තේ ඔහුගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා හිතමින්.."මටත් පාලු එකේ ඔන්නොහේ ඕන එකක් කියලා මැසේජ් එකක් දානවා."

දැන් මොනවද මං කියන්නේ.....කල්පනා කලත් දෙයක් ඔලුවට ආවෙම නෑ ...මම කළේ  එයා මට දීපු චිට් එකේ තිබුණ දේ ඒ විදිහටම මැසේජ් කරපු එක.



0760000009call or msg me..plz
I'm wishmitha

හරි....මැසේජ් එක සෙන්ඩ් වෙලා ඩිලිවරි රිපෝට් එකත් ආවා ..ඊළඟට ජංගම  තිරය දිහා නොයිවසිල්ලෙන් බලා සිටියේ ඇඳ උඩ එහෙට මෙහෙට පෙරලි පෙරලි...හරියටම විනාඩියකින් පිළිතුරක් ආවා ..

"hmm....mama band1e inne ane
thawa tikakin msg karannam" 

මගේ හිතට දැනුණේ මම නිකං පාච්චල් උනා වගේ හැඟීමක්...මම හිතුවේ වෙනස් විදිහේ උණුසුම් ප්‍රතිචාරයක් ගැන.ඒත් ....ඔහුට මාව ඒ තරම් ගානක් උනේ නෑ .."ගොන් හරකි....මී දෙන..."මම මටම බැනගත්ත .

හවස මල් කඩලා පහන තියලා පොතක් බලන්න ගත්තා ...."සුළඟ වගේ ඇවිදින්.." පොත පුරාම ගලාගෙන යන්නේ නව යොවුන් ප්‍රේමය.වැඩිමල් යුවතියකට පෙම් කරන පෙම්වතෙක්......ජිවිතයට සමීප බවක් පොත ඇතුලේ තියන නීසා ආසාවෙන් කියවගෙන ගියා ..

ජංගම දුරකතනය සංඥා දෙන්න ගත්තා ..කෙටි පණිවිඩයක්....!

ithin mk?

ඒ විශ්මිත....,අඩුම තරමේ සොරි කියලවත් නෑ ...මගේ හිතට ආවේ තරහක් 

"ai ahanne...awith karala dennada?"

මගේ පණිවිඩයක් එන තෙක් නොයිවසිල්ලෙන් ඉන්නවා කියූ ඔහු දැන් හැසිරෙන විදිහ..."SmS යවන්න ගිහිං මං කරගත්තු  මෝඩකම..."මටම හිතුණා .

ona nam barikamakuth ne miss

මේ පණිවුඩ එවන්නේ මම නොවන වග හැගෙන්න මම වෙනස් විදිහකට පණිවුඩ යැවුවා.දැන් මට අවශ්‍ය ඔහුගෙන් ගැලවෙන්න.

 "ochchara peranna epa machan
uba voice1wath ahuwada? "

uba kauda kiyapan?
kohenda A chit1 ?

විශ්මිත ඇත්තටම මං  කොල්ලෙක් කියලා හිතුවා වගේ..ඒ පාර ටිකක් නිහඬව ඉඳලයි පිළිතුරු එවුවේ..මතුපිටින් සුන්දරව පෙනුනට ඔහු එතරම් සුන්දර චරිතයක් නොවේ යැයි  මට හැඟුණා . 

"A kella bima daddi man ahindagaththa ban
me puluwannam reload1k dapanko"

මම පරණ පුරුදු සැහැල්ලුවෙන් කාලය ගෙවුවා .

~~~~~~~~~~

ඉරිදාවේ පුරුදු විදිහට මැහුම් පන්තියට ගිහින් ගෙදර එන්න මං නැවතුමේ...,මම හිටියේ රත්නපුර,නිවිතිගල නැවතුමේ යකඩ බටයකට හේත්තු වෙලා.මාව පහු කරගෙන යන දහසක් දෙනා අතරේ අමුතු හුරු පුරුදු බවක් මගේ ඉස්සරහින් ගිය තරුණයෙකුගේ චායාවෙන් දැනුණත් මම ඒ ගැන නොතකා මගේ පාඩුවේ උන්නා.ඒත් එක්කම වාගේ මගේ ජංගම දුරකථනය නාද වෙන්නට ගත්තා .දුරකථනය බෑග් සාක්කුවෙන් ගෙන එහි තිරයට නෙත් යොමා  බැලුවිට සත්තකින්ම මා කලබල වුණා .මන්ද යත් ඒ ඇමතුම විශ්මිතගෙන්  නිසා .ඇමතුමට පිළිතුරක් නොදීම නැවත බෑගය තුළට දුරකථනය දමාගත්තත් අනිවාර්යෙන්ම විශ්මිත කොහේ හෝ හිඳ මා දෙස බලා සිටින බව මට විශ්වාසයි..මම ඉක්මනින් වට පිට බැලුවා ....."හරිනේ..අර ඉන්නේ කණුවකට  මුවා වෙලා...." මගේ බැල්මෙන් මිදෙන්න දෝ මන්දා ඔහු මුණෙන් බාගයක් පොතකින් වහගෙන මගේ ඇස්  දිහාම බලන් උන්නා .ඉක්මනින් නිවිතිගල බසයකට නැගගත් මම ඔහුගෙන් පලා ගියා.ඒත්....ඔහු මගේ ලඟට එන්න උත්සහා නොකළේ ඇයි  කියන දේ තවමත් මම කල්පනා කරනවා..

ගෙදර ආ විගස මං දුරකථනය අතට ගෙන බැලුවා .හරිනේ...කෙටි පණිවිඩයක් තියනවා...

"thawath boru karanna epa,
oya koheda giye ada?"

මට තවත් හංගන්න දෙයක් නෑ ..මාත් ඔහුට පිළිතුරු දුන්නා .එතැනින් ඇරඹි මිතුදමක් සෙමින් ඉදිරියට ඇදුනා.නමුත්...ඔහුගේ ඇස් මායිමට නොයා ඉන්න මම ලොකු උත්සහයක් ගත්තා .ඔහුගේ හිතේ මං වෙනුවෙන් ආදරයක් ඇති බව මට විශ්වාසයි...නමුත් ඔහු ගැන මට ඇත්තේ වෙනස් හැගීමක්...

"ඉරිදා ඔයා ක්ලාස් ආවේ නැද්ද " ගොඩක් දවස්වලට විශ්මිත මගෙන් අහන්නේ..මම නැවතුමට නෑවිත් නැවතුමට පිටුපසින් රවුමෙන් එන බස්වල එල්ලිලා ගෙදර එන බව නොදැන..එහෙම වෙලාවට කටට එන පිළිතුරක් දීල මම විශ්මිතව මග හරිනවා...

"I love you.."

විශ්මිතගෙන් කෙටි පණිවුඩයක් ආවේ  නොහිතපු විටෙක...

"epa"

මට වෙන කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා ..

"ei nilmi oya mage adare epa kiyanne?"

"mata adarayak thiyana nisa"

"deiyane kohomada nilmi mn
oyawa amathaka karanne"

"kohomahari"

"mata oya nethuwa jiwath wenna be.
oya mage nilmi..
mama kohomada oya wena kenekge
wenawa balan inne?"

"plz...mawa therumganna,adin passe 
magen oyata msg nathiwei"

"oyath mathaka thiyaganna..adin passe
oya nisa mage jivithe wenas wei"

 ඊට පස්සේ විශ්මිතගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නෑ .කොහොමත් විශ්මිත ඕනෑවට වඩා බැගෑපත් වෙන චරිතයක් නොවන විත්තිය මං දැනන් හිටියා ..මම ටිකක් රෑ වෙන්න ඇරලා විශ්මිතගේ යාළුවා ලක්ෂාන් ට ඇමතුමක් දීලා විශ්මිත ගැන බලන්න කියලා කීවේ හිතේ පුංචි චකිතයක් ඔහුගේ අන්තිම කෙටි පණිවිඩයත් සමගම ඇතිවෙලා තිබුන නිසා.

ලක්ෂාන්  කියපු විදිහට විශ්මිත කොහේ නමුත් මත් පැන් බොන තැනක සිටි බව දැනගන්නට ලැබුණා .



 මම ඒක ඇසුන සැණින් විශ්මිතට ඇමතුමක් ගත්තා ..මද වෙලාවකින් ඔහු කතා කළා .

"හෙලෝ නිල්මි කතා කරන්න ඉතිං ...හෙලෝ.....නිල්මි.....කතා කරන්ඩෝ...."

මම තවදුරටත් නිහඬව අහගෙන උන්නා ..පසුබිමෙන් බීමත් පුද්ගලයන් ගේ සිංදු  කීම් , නොයෙක් තට්ටු කිරිලි ආදී ශබ්ද ඇසෙන්න වුණා ..මං විශ්මිතගෙන් දැකපු පෞර්ෂත්වය මිරිඟුවක්...මට මහා අපුලක් දැනෙන්න ගත්තා ..කෙල්ලෙක් කැමති උනේ නැති පලියට එහෙමත් බොනවද? ප්‍රශ්නවලට බෝතලෙන් විසඳුම් හොයන්න යන පිරිමි  මට එපා උනේ මගේ අප්පච්චිගෙන්..

"මට ඔයාව ඇහෙන්නේ නෑ රත්තරනේ..මං පාටි එකක ඉන්නේ.....හෙලෝ....මං කියන දේ අහන්නකො ...මාත් එක්ක කතා කරන්නකෝ ඔයා ....හෙලෝ...මං ඔයාට ආදරෙයි...අයි ලව් යූ නිල්මි..මං තියනවා ඔයා කතා කරන්නේ නෑනේ..." විශ්මිත කියවගෙන කියවගෙන ගිහින් ඇමතුම විසන්දි කළා .


මම ආපහු විශ්මිතට කෙටි පණිවිඩ නොයවාම උන්නා.විශ්මිත මට කරදර කලෙත් නෑ .දවස් දෙක තුනකට පස්සේ දවසක හවස 6.30 -7.00 පමණ වන විට නැවත විශ්මිතගෙන් ඇමතුමක්..

"හෙලෝ නිල්මි...අනේ මගේ රත්තරනේ මාව මේ තත්වෙන් ගොඩගන්න..මාව ජිවත් කරවන්න පුලුවන්නම්.."

"අනේ...විශ්මිත...ඔයා  ගෙදර යන්න දැන්...." මට විශ්මිත කියන දේවල් අහන් ඉන්න හයියක් නැති තැන මම කිවුවා...හිතේ සියුම් වේදනාවක් එහා මෙහා යනවා.. විශ්මිතට ආදරේ කරන්න බලාපොරොත්තුවක් මගේ හිතේ ඇතිවෙලා තිබුණේ නෑ ..

 ටික වෙලාවකින් විශ්මිතගෙන් කෙටි පණිවිඩයක්...!


"me ahinsaka adare ai oyatama lan
une Nilmi?"

"I'm sorry wishmitha...mata oyata
msg nokara inna thibuna"

"ne Nilmi ...eda man oyawa dakka wele
nodekka wage giya nam me mukuth ne"

ඇත්තටම මගේ හිත රිදුණා ..මහා  වරදකාරී හැගීමකින් මගේ හිත පිරිලා ගියා .ගිය දේ අලි ඇත්තු ලවාවත් ආයේ ගෙන්න ගන්න බැරිලු.අන්තිමට ඉතිරි උනේ විඳවීමක් විතරයි.අද ආයෙත් විශ්මිතගෙන් ඇමතුමක්...

"හෙලෝ නිල්මි...අහගෙන ඉන්න නිල්ම් මං  කියන දේ ..."

'දෙයියනේ....අදත් බීලා ...." මගේ හිතේ තිබුණ වේදනාව තවත් පෑරිලා විසිරුණා .

"මං  ඔයා  වෙනුවෙන් ගොඩක් ඉවසුවා  නිල්මි..ඔයාට මගේ ආදරේ නොදැනෙන්න ඇත්තේ මං ඔයා ළඟ නොහිටපු නිසා වෙන්න ඇති..ඔයාට මේ ආදරේ එක විහිළුවක් වෙන්න ඇති...ඒත් ...මට? මන් ඔයාට මෙච්චර ලං උනේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ  නිල්මි...දැන් ඔයාව මට මගේ හැම හුස්මක්ම නිල්මි...හැම හුස්මක්ම....! ඔයාව මට මොකක් නිසා මගේ ජිවිතේට කොහොම ලං උනාද දන්නෑ  නිල්මි..ඔයාව මට හම්බවුණේ මගේ ජිවිතේ කොතනකට අරං යන්නද කියලා මට හිතා ගන්න බෑ නිල්මි....මං ඔයා ගැන ගොඩක් හීන මැවුවා  නිල්මි..ඒත්  නිල්මි අද......? ඔයා .....? ඔයාට තේරුම්ගන්න බැරිවුණ මගේ ආදරෙන් මං පළිගන්නවා නිල්මි .......මං  පළිගන්නවා."

මගේ ඇස් අගින් කඳුලක් වැටෙද්දී කිසිත් නොකියාම මම දුරකථනය විසන්ධි කළා.

ඒත්....විශ්මිත නැවත ඇමතුම් කළා....

"ඇයි  රත්තරනේ කට්  කරන්නේ? තව පොඩ්ඩක් අහන් ඉන්න රත්තරනේ...තව එකම එක දෙයක් ඔයාට කියන්න ඕන නිල්මි මට...මන් අඬ අඩා  හරි අද ඒක ඔයාට කියනවා නිල්මි...මං ......මං  නිල්මි මාව මේ ලෝකෙට බිහිකරපු අම්මාව මගේ ඇස් දෙකෙන් දැකලා නෑ නිල්මි....මගේ රත්තරං අම්මව මට අද ගොඩක් මතක් උනා නිල්මි...ඒ අඩුව මට අද ගොඩක් දැනුණා නිල්මි....මන් දන්නේ නෑ ඒ ඇයි  කියලා ..මට ගොඩක් වේදනා දෙනවා නිල්මි මේ ජිවිතේ...මට ඉක්මනටම මේ ජිවිතේ අන්තිම මොහොතට ලඟා වෙන්න තියනවා නම්..."

දැන් ඇති විශ්මිත....ඔය හොඳටම ඇති...මට ඒ තරම් ලං වෙන්න කලින් ඔයාට මං  ගැන හොයලා බලන්න තිබුණා ...ඔයා  ඉස්කෝලේ යන ළමයෙක්...මම ඔයාට වඩා වැඩිමල්...අනික මම ටැමිල් ගර්ල් කෙනෙක්....මගේ අම්මා සිංහල තාත්තා ටැමිල්...ඔයා  ගෙදරට කොහොමද ඒවා කියන්නේ? ඔයා  හිතනවද ඒ ටික කිවුවම මට කැමති වෙයි කියලා ....ඔය හැම දේකටම වඩා මට ,මගේ ජිවිතේට ආදරයක් තියනවා...වෙනස් නොවෙන ආදරයක්...! මම ඒ ගැන ඔයාට කිවුවා කලිනුත්...හරියටම තව මාස 3 කින් අපි මැරී  කරනවා..
දැන් ඔයා මාව තේරුම්ගන්න...ප්ලීස්...."

පසුදින උදයේම විශ්මිතගෙන් කෙටි පණිවිඩයක්....

"Nilmi....mata den aherune...mama
clz yanna hadanne"

ඒ මට ඔහුගෙන් ආ අවසාන කෙටි පණිවිඩය...!



"දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු..
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු..
හිත කියනවා තව ජීවත්වෙන්නට බැලූ...
ඔබ ලං නොවුනානම් නෑ මේ දුක පාලු.."

~~~~~ 

50 comments:

  1. සරලයි සුගමයි.. අලුත් මොඩල් එකක්.. හැබැයි විශ්මිත ගැන ඇති හැගීම එක පාරට පනිනවා මිසක්කා ඒක ඇති වීමට ප්‍රභල හේතුවක් කියල නැහැ..

    ReplyDelete
    Replies
    1. අපි හිතමු ම්ම්ම්.....විශ්මිතගේ පෞර්ෂයත් එක්ක ඇති උන ආකර්ෂණය කියලා

      Delete
  2. හරිම සුන්දරයි නේද??/ ඒත් අවසානය දරුණුයි. බොහොමයක් ආදර කතා ඔහොම තමයි. මොනවා වුණත් කතාව නම් හරිම ලස්සනයි. විශේෂයෙන් ලියලා තියෙන විදිහ අගෙයි......

    ReplyDelete
    Replies
    1. ඒත් ....ගොඩක් වෙලාවට එස් එම් එස් ආදරේ ඔහොම තමයි...
      ස්තුතියි ගී අගය කිරීමට...

      Delete
  3. ටිකක් අවුල් සහගතයි දෙපැත්තම අෆ්ෆා !! අර මැසෙජ් කරන හරියටම වෙනකම් පට්ට හොදේ රෙහානියෝ ^_^ 

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....
      ස්තුතියි මදාරෝ
      අග ටික ලියද්දි මුඩ් අවුට් ගියා අෆ්ෆා :(

      Delete
  4. හනෙ හප්පේ.… මේ මක්කද මේ උනේ??

    විශ්මිත පව්.… නිම්මිත් පව්…

    කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රියා ...

      ස්තුතියි ඈ ..

      Delete
  5. කතාව නියමයි. කොහෙද බං මේච්චර කල් තොලොංචි වෙලා හිටියේ. කොරියා පැත්තෙවත් පැන්නද?

    ReplyDelete
    Replies
    1. හය්යු....පොඩි පොඩි එවුවා මෙවුවා ටිකක්..

      ස්තුතියි හොදේ...

      Delete
  6. අනේ මන්දා නේ. ඇස්.ඇම්.ඇස්. ආදර කතා. ක්ෂණික නූඩ්ල්ස් වගේ වෙනස්වෙන්නෙ. ඒ මදිවට එකිනෙක පැටලුනු අවුල් ජාල.

    කතාව ගලාගෙන යන විදියට ආස හිතෙනවා. පටන් ගැන්ම සුපිරි.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බත්තියෝ ...

      ස්තුතියි හොදේ....

      Delete
  7. රියල් කතාවක් ද ඈ.(මල් පාර ,ෂෙඩ් එක ගාවින් පාර,දර්මපාලේ,එතන කහ ඉර, :o එකයි එහෙම ඇහුවේ )

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව නෙවේ කියලා හිතනවා

      Delete
    2. බුදු අම්මෝ......නෑ

      Delete
  8. මල්ලි කෙනෙක් කියලා දැනගෙනම ද SMS යැව්වේ

    ReplyDelete
    Replies
    1. ..ඔවුනේ මොණරියේ ....

      අහස යටට ආදරෙන් පිළිගන්නෝ හොඳේ....

      Delete
  9. නගා කථාව අහවර කරන්න හදිස්සි වෙච්ච බවක් තමයි මට දැනුනෙ...ඒ නිසා කථාවෙ මුලදි ගොඩනගාගෙන ආපු වටපිටාව යම් තරමකට බිද වැටිලා...කොල්ලෙක් ඔහොම එක පාරටම කෙල්ලෙක්ට පණ දෙන්න එන්නෙ නෑ නේද...ඒ සදහා යම් කාල සීමාවක් අවශ්‍යයි. අන්න එතැනදි මට පොඩි වෙනසක් දැනුනා.

    ගෑණු ළමයින්ගෙන් අනුකම්පාව ගන්න තමයි ඔය බොන පාට් එක පෙන්වන්නෙ...ඒ වගේ උන්ට අකමැති වෙන තරමට හොදයි. මොකද බැන්ද දවසක උනත් ප්‍රශ්න ආවම ඒවායෙන් පලා යන්න උන් කරන්නෙ බොන එක....ඇත්තටම නංගි කොල්ලෙක් ආදර ඇරයුමක් කලාම හිතට දැනෙන හැගීම කොහොමද...අත්දැකීම් ඇසුරින් කිව්වා නම්....කාලයකට පස්සෙ නැවත ලියන්න ගත්ත එක ගැන සතුටුයි...නැවත හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. //.කොල්ලෙක් ඔහොම එක පාරටම කෙල්ලෙක්ට පණ දෙන්න එන්නෙ නෑ නේද....//

      sms ආදරෙනේ අයියේ...

      //ගෑණු ළමයින්ගෙන් අනුකම්පාව ගන්න තමයි ඔය බොන පාට් එක පෙන්වන්නෙ...ඒ වගේ උන්ට අකමැති වෙන තරමට හොදයි. මොකද බැන්ද දවසක උනත් ප්‍රශ්න ආවම ඒවායෙන් පලා යන්න උන් කරන්නෙ බොන එක.//උඩින්ම එකඟයි..

      //ඇත්තටම නංගි කොල්ලෙක් ආදර ඇරයුමක් කලාම හිතට දැනෙන හැගීම කොහොමද.//
      අවස්තාව අනුව වෙනස් වෙනවා ටිකක් අයියේ....

      මුල්ම එක නම් මාරම එකක්....පොඩි කැමැත්තක් හරි තියනවා නම් තදින් දැනෙනවා...විස්තර කරන්න අමාරුයි...

      මේ මොකෙද්ද මූ කියලා හිතෙන ජාතියේ නම් පව් කියලවත් හිතෙන්නේ නෑ ....හී ..

      අනේ මන්දා ඒක හරියටම විස්තර කරන්න බැරි අමුතු පිරුණු හැගීමක්....

      ස්තුතියි....ඔබට ජය....!

      Delete
    2. තමා පිළිබද තමාටම සතුටක් ඇතිවන ආකාරයේ හැගීමක් වෙන්න ඇති. ඔයා පළවෙනියට හා කිව්වෙ නැද්ද ?

      Delete
    3. හ්ම්ම්...හ්ම්ම්....ටිකක් ආඩම්බරකාරී හැගීමක්...

      Delete
  10. කතාව කියෙව්වට සිංග්ලිෂ් ටික කියවගන්න අමාරුවුනා.

    ReplyDelete
  11. ඔය සුර එල්ලිල්ල කාලයක් ජයටම තිබ්බා දැන්නම් දකින්නත් නෑ අපල වලට.
    අපිට නම් ඕය ඇස් ඇම් ඇස් පලහිලව් තිබ්බෙ නැ බොලව්..!!

    ReplyDelete
    Replies
    1. හ්ම්....අපේ පැතිවල තාමත් සුර එල්ලිල්ල ටික ටික තියනෝ....

      එව්වා නැතිනම් ඉතිං සුන්දර ආදර කතාවක් එහෙම ඇති.... ;)

      Delete
  12. ඒ කියන්නෙ කෙල්ල වැඩීමල් ?
    හිතට දැනුනා ඈ ,අර කොල්ලා මුකෙක්ද මන්දා හැබැයි ඔහොම උනුත් ඉන්නවා තමයි

    ReplyDelete
    Replies
    1. ඔවුනේ.... ;)

      හ්ම්.... ඉන්නවා තමයි.....සහෝදර....

      Delete
  13. අනේ මන්දා බං මේකටනම් මොනවා කියන්නද කියලා.. ආදරේ හැටිනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. sms ආදරේ හැටිනේ නෙහ් ?

      :D

      Delete
  14. ආපු කල් මේ පැත්තේ...
    රීඩින් ලිස්ට් එකේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නෑ..
    බලන්නම් ඒ ගැන..
    ආදරේ ගැන නම් මම හිරු අක්කට, පොඩි කුමාරිහාමි අක්කට වගේම සමහර විට මගේ බ්ලොග් එකේමත් කියල තියන විදියට වැඩිය කතා කරන්නේ නෑ.. වැඩිය නෙවේ කොහොමත් නෑ වගේ.
    රත්නපුර බස් ස්ටෑන්ඩ් එක මතක් කරපු නිසා- ඒ බස් ස්ටෑන්ඩ් එක තමා කලින් රත්නපුරේ දුම්රිය ස්ථානය දන්නවද...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ ...
      ආ....මාත් කාලෙකින්නේ ලියන්නේ ...ඒ නිසා වෙන්න ඇති..

      //රත්නපුර බස් ස්ටෑන්ඩ් එක මතක් කරපු නිසා- ඒ බස් ස්ටෑන්ඩ් එක තමා කලින් රත්නපුරේ දුම්රිය ස්ථානය දන්නවද.//ඔවු අඟහරු...

      කැලණිවැලි දුම්රිය මාර්ගය.එතකොට අපේ මහා ගේ තියෙන්නේ ඒ දුම්රිය මාර්ගයේ පැරණි ස්ටේෂන් එකක් ළඟ.බැහැපියව් දොට්ට කිවුවොත් සොරි තමා... :D

      Delete
  15. මේ වගේ කීනම් දෙනෙක් එස්එම්එස් ආදරේ හන්ද සෙට් වෙන්න ඇතිද?ඒවගේම කීනම් දෙනෙක්ගේ හොදට තිබුනු ආදරේ තව තුන් වැන්නෙක්ගෙ එස්එම්එස් ආදරේ හින්දා බිදිලා යන්න ඇතිද???
    මං නම් මේ කතාවේ ඉන්න කෙල්ලට කැමතිම නෑ.....කොල්ලෙක් බදින්නම ඉන්නවනම් තව උන් මොකටද පාලුව නැතිකරගන්න......??හ්ම්.............

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...එහෙම දේවල් ඕන තරම් නාමල්...

      ඒක තමයි...හ්ම්.... ;)

      Delete
  16. මොකද බං රෙහානියේ උඹ මේක ඉවර කරන්න හදිසි වුණේ.පොල්ලෙන් ගැහුවා වගේනේ ඉවර කරලා තියෙන්නේ.නිකං හරියට මහවලතැන්නේ බස් එක මිස් වේවි කියලා බයෙන් වගේනේ.

    කතාව ලස්සනයි.අරන් තියෙන ආකෘතිය හොඳයි.අන්තිම ටික තමයි හදිසි වෙලා තියෙන්නේ.

    මේ දාන දෙවැනි කමෙට් එක.කලින් එකට මොකක් වුණාද මන්දා ?පබ්ලිස් කෙරුවත් පබ්ලිස් වෙන්නේ නැතිව යනවා...:(

    ReplyDelete
    Replies
    1. ගොන් හිවලෙක් මගේ මුඩ් එක කෑවා ...කීලා වැඩක් නෑ මෙයා

      හ්ම්ම්... ...ස්තුතියි...

      ස්පෑම් උනාවත්ද?....තැන්කිව් ආයෙත් දැම්මට...
      ;)

      Delete
    2. ඔය ගොන් හිවලා ඉන්නේ කොරියා වලද රෙහානියෝ.:D?

      Delete
    3. පිත්තුද මනෝ...
      මං එයාට එහෙම කියනවද....

      මූ ඇවිල්ලා ගල් නරියෙක්....හික්ස්...

      Delete
  17. සැක් බිවුව කියල ගැනු අඩවන්න බැ මල්ලි.උන් අඩන්නෙ දුක හිතුනම නෙමෙයි දුක හිතවන්න ඔන වුනාම.ඔක තනිකරම අසාර්ථක කරමයක්

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ අයියලාගෙන් උපදෙස් ගන්නනේ තිබුණේ .... :D

      Delete
  18. SMS ආදරයක හැටි ...

    කතාව නිවී සැනසිල්ලේ ගලාගෙන ගිහින් හදිස්සියේ ඉවර වෙලා වගේ..

    ඒ මොනවා උනත් දිගටම කියවගෙන ගියා.
    බොහොම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ශෙහාන් ...ගොඩක් ආදරෙන් පිළිගන්නවා අහස යටට...

      ස්තුතියි ගොඩක් අදහසට...

      Delete
  19. ආදරේ හැටි ඔහොම තමයිලු..

    ම්... කතාව චුට්ටක් ස්පීඩ් වැඩියි වගේ.. කොටස් දෙකකින් විතර ලිව්වනම් තවත් නියමයි...

    ReplyDelete
    Replies
    1. ....හ්ම්ම්....හ්ම්ම්.....

      එකනේ තුශා .... :(

      Delete
  20. ලස්සනයි කථාව.මේකෙ 2 කොටසකුත් ලියන්නකො.
    මේ පැත්තෙ ආව පළවෙනි වතාව.හැමදාම එන්නම් :)
    අපේ පැත්තෙත් එන්න.http://wehilihini.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැහිලිහිණි...ඔයා දැක්කම මට ලිහිණි මතක් උනා ...මගේ පරණ බ්ලොග් යාලුවෙක්....

      එන්නම්කෝ ඒ පැත්තේ...

      Delete
  21. දැන් මේකේ තව කොටසක් තියෙනවද රෙහෝ....

    කතාව වෙනස් ආකෘතියක් , මට මතක් වුනා බස්සිගේ "යුනිකෝඩ් සිහින" කෙටි කතාව. මේක හරිම නිදහස් කම්මැලි නැති රටාවක්, තව කොටසක් තියෙනවට වඩා නැතිවුනානම් හොඳයි කියලයි මටනම් හිතෙන්නේ , බලමු ඔයාගේ අදහස. මටනම් හොඳ අවසානයක් මේක

    ReplyDelete
    Replies
    1. මම නම් අදහස් කලේ නෑ එහෙම...ඉල්ලීමක් නම් තියනවා.. ;)

      බස්සිගේ ඒ කතාව මං බලලා නෑනේ .. :( මේ අවසානයට තමයි මාත් කැමති ඉවාන්..කෙටි කතාවට උඹේ කොමෙන්ටුවක් නැතිව කෑවේ නෑ වගේ හිටියේ....දැන් හරි ;)

      Delete
  22. :) :) :)
    ඉස්කෝලේ කාලේ මතක් උනා මේක කියවලා . හයියෝ මට තිබ්බේ ඕකේ අනික් පැත්ත . වයලීන් ප්ලේ කරනවා බලාගෙන ඉඳලා අක්කා කෙනෙක් වශී වෙලා මල මගුලක් කරන්න හැදුව . ඉන්ටකො . බ්ලොගේ ලියන්නම් සීන් එක . පට්ටම ආතල් අෆ්ෆා ...... :p :p

    කතාව මරු ආ :)

    ReplyDelete
    Replies
    1. අක්කා කෙනෙක්??? හම්බෝ........

      ලියන්ටකෝ එහෙනම්.....මෙයා මගේ පරණ ලිපි ගොඩක් කියෝලානේ බොලේ...තැන්කිව් හොදේ..

      Delete