බිඳුව බිඳුව එකතු වෙලා දොළක් හැදෙනවා ,දොළට දොළක් එකතු වෙලා ගඟක් හැදෙනවා ...ගඟට
ගඟක් එකතු වෙලා මුඳ හැදෙනවා.අන්න ඒ වගේ .....අකුරු අකුරු එකතු වෙලා මේ පුංචි බ්ලොග් එක ලියවුනා ..මට බ්ලොග්
ලෝකය ගැන දැනගන්න හම්බවෙන්නේ janaranga wijayindu අය්යාගේ ආයෙමත් ආදරෙන් කතාව කියවන්න ඇවිත් .ඒ කතාව කියවද්දී කොමෙන්ට් ඔස්සේ මන්
ගොඩක් බ්ලොග් අදුනගත්තා .පස්සේ මට ලියන්න අදහසක් ආවේ ආසාවට .ලිවීමේ ලොකු හැකියාවක්
නැති උනත් මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මම ලිව්වා .ඒවා කියවන්න කැමති අය වගේම නැති
අයත් අදටත් ඉන්නවා කියල මන් දන්නවා ..මගේ ලිපි කියවලා වචනෙකින් හරි ඔයාලා දීපු
දිරියෙන් මං අවුරුද්දක් පුරාවට නොදැනීම බ්ලොග් ලෝකය තුල ඇවිද ඇවිත් තියනවා .මට එහෙම
වචනෙකින් හරි දිරි දීපු ඔයාලට ගොඩක් ස්තුතියි ...නම් වශයෙන් වෙන් කරලා නොකිව්වත්
ඔයාල හැමදෙනාටම ගොඩක් ස්තුතියි ...ඉතිං මේ බ්ලොග් ලෝකේ තවත් දුර යන්න තමයි මගේ අදහස
. ඉතිං ආසාවට පටන් ගත්තු බ්ලොග් එක කියවන්න කව්රුහරි ඇවිත්
කොමෙන්ටුවක් දාල තියේවිද කියලා හැම වෙලාවේම හිතුවා .ඒවගේම මට පලවෙනි කොමෙන්ටුව දාල
තිබ්බේ batti අක්කා. මුලින්ම මාව ෆලොව් කරල තිබුනේ "සඳ ' . බට්ටි සහ සඳ කියන්නේ මගේ බ්ලොග් එකේ
අත්තිවාරම ..මේ දෙන්න තමයි මගේ ගොඩක් අඩුපාඩුකම් පෙන්නලා දුන්නේ .ඒත් සඳ දැන්
බ්ලොග් ලියන එක අතහැරලා .ඊට පස්සේ සඳට උන දෙයක් මම දන්නේ නෑ .බට්ටි අක්කියත් දැන්
ඉස්සර වගේ ලියන්නේ නැති එකටනම් මම තරහම තරහයි .සඳයි බට්ටි අක්කියයි හැරුනහම මගේ
පලවෙනි පොස්ටුවේ warnaa, ගිම්හානි අක්කා , nandu, කියන අය කොමෙන්ටු දාල තිබුණා ..එතකොට korale mahaththayaa, hasitha, chandna ayya , AKM, පසු කාලයේ මගේ පළමු ලිපිය කියවලා කොමෙන්ටු දාල තිබුණා ..මම දන්නවා තවත් අය මගේ
පළමු ලිපිය කියවන්න ඇති ,කොමෙන්ට් දාන්න තරම් කාලයක් නොවුන නිසා හෝ හිතට හරි නොගිය
නිසා හෝ මගේ ලිපිය කියවලා යන්න ඇති .එහෙම ගියපු හැමෝටම ගොඩක් ස්තුතියි මාව කියෙව්වට
. ඉතින් එදා ඉදන් අද වෙනකං නම් වශයෙන් කියන්න බැරි තරම් විශාල පිරිසක් මාව කියවනවා
..ඒ හැමෝටම මම පොදුවේ කියනවා මාව කියවනවට ගොඩාක් ස්තුතියි කියලා.
බ්ලොග් ලිවීම නිසා මට මුලිකවම ලැබුන දේ තමයි ආත්ම තෘප්තිය ! සතුටු හිතෙන දුක හිතෙන
වගේම කේන්ති යන විදිහේ පොස්ට් මට මේ බ්ලොග් ලෝකේ කියවන්න ලැබුණා, siraa අය්යට වගේ
සමාජ මෙහෙවරක් කරන්න මට බැරි උනත් ඒ වගේ මනුස්සකම් තියන හුඟක් අය මේ බ්ලොග් ලිවිල්ල
නිසා මට හමු වුනා ..කාගේ හරි දුකකදී කරදරයකදී බ්ලොග් ලියන හැමෝම එකතු වෙලා පුළුවන්
දෙයක් කරා .ඒ සහයෝගය හුගක් වටිනවා ..මේ හැමෝම හැබැහින් අදුනගන්න මට උවමනාව තිබුනත්
ගම්පහ බ්ලොග් ගෙට්ටුවේදීත් ඒකත් මග ඇරිලා ගියා .ඒ ගැන නම් ඇත්තටම දුකයි .දෙතුන්
දෙනෙක් හැරුණු කොට බ්ලොග් ප්‍රවීනයන් උනත් මාව කියවන්න ආවා .., ඒ අයගේ කොන් වීමක්
නොවීමත් සතුටට කරුණක් . ඒ වගේම මේ බ්ලොග් ලෝකෙදි මට ලැබුන ලොකුම සතුටක් තමයි Stereo Hearts 2012 ජයග්‍රහණය !හිරුහිමාවී තමයි ඒ
තරඟය සංවිධානය කලේ .පුංචි හේතුවක් නිසාවෙන් මම හිරුහිමාවිගේ තරඟය වෙනුවෙන් දාන්න
හිටපු ස්තුති ලිපිය ප්‍රමාද කළා .ඒ ,ඒ ලිපියට තවත් වටිනාකමක් දෙන්න
හිතාගෙන.ඒ ප්‍රමාද උන ලිපිය හිරු වෙනුවෙන් මම අද මෙසේ දිග හරිනවා. :)
"මම හිතන්නේ හැමෝම දන්නවා Stereo Hearts වැඩසටහන ගැන.හරි මේ කියන්නේ නොදන්නා කෙනෙක් හිටියනම් දැනගන්න .Stereo Hearts 2012 කියන්නේ හිරුහිමාවී බ්ලොග් එක ලියන hiruhimaa minsadee සංවිධානය කරපු වැඩසටහනක්.හිරුහිමා මුලින්ම ඇප්ලිකේෂන් ෆෝරම් එකක් මගින් අපේ නිර්මාණ එකතු කරගත්තා. නිර්මාණ ඉදිරිපත් කරන්න තිබුනේ නිසඳැස් ,කවි,ගීත,ගීත ගායනා සහ වාදන ,හඬ පටිගත කිරීම් වගේ පුංචි සීමාවක් ඇතුලේ.අපේ සහෘද බ්ලොග් අඩවි වල යාළුවො කරපු නිර්මාණයි මගේ නිර්මානෙයි : ඔක්කොම methanin බලන්න ඔයාලට පුළුවන්. පුංචි ප්‍රසන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකකුත් එක්ක 2011 .11.03 රාත්‍රී 08.30 ඉඳන් තමයි විකාශය උනේ. හරිම සුන්දරයි.එදා "මගේ හබී"ත් හිටපු නිසා අපි දෙන්නම එක්ක තමයි ප්‍රෝග්‍රෑම් එක ඇහුවේ.!
හිරූ කට්ටිය ඉල්ලන සින්දු දෙනකොට තමයි හිතුනේ අපරාදේ මටයි මගේ හබීටයිත් සින්දුවක් කලින් ඉල්ලගන්න තිබුන නේද කියල :( වැඩේ අමතක වෙලා ගියානේ.! ඉතින් ඔහොම සින්දු අහගෙන ඉන්නකොට අර සයිඩ් එකේ තිබ්බ චැට් එකටත් පොඩ්ඩක් ඔලුව දාල කිවුව අපිත් අහන් ඉන්නේ කියලා. කොහොම හරි විනර් කවුද කියල දැනගන්න ඕන හන්ද අහගෙන හිටියා නිදි මත පැත්තකින් තියලා .:D මන් ප්‍රෝග්‍රෑම් එක අහන්න අරන් පැයකට විතර පස්සේ තමයි කොහේ හරි ගිහින් මගේ හබී ආවෙත් ,ආපු ගමන් අහපි !මොකද්ද ඒ රේඩියෝ චැනල් එක කියලා . මන් කිවුවම ඒ අපේ බ්ලොග් සහෝදරියක් කියලා හිරුගේ දක්ෂතාවය දැකල එයා පුදුම උනා..වෙන එකක් තියා පෙන්නනකන් එයා විස්වාස කරෙත් නැහැ !මේ වෙනකොට මන් නිර්මාණ යැව්වා කියලවත් මගේ හබී කොල්ල දන්නේ නැහැ ඔන්න ,අන්තිම හරිය යද්දී මායි මගේ හබියි බර කතාවක තමයි හිටියේ..හිරූ එකපාරටම කියනවා ඇහුණා "රෙහානි සතුටුයි නේද? ඔන්න ඔයා තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා " ඇත්තටම මට හිතාගන්න බැරි උණා . මන් දැකපු ගැහැණියකගේ ජීවිතයේ වෙනස් පැත්ත ඒ විධිහටම විනිශ්චය කරපු කෙනාටත් දැනිලා තිබුණා .මන් දන්නවා ඒ නිසා තමයි මන් දින්නේ.!

ඔන්න දින්නට පස්සේ මගේ හබී දැනගත්තා මාත් නිර්මාණයක් යවල තියන බව.!එයත් මට විශ් කරා දිනපු බව දැනගත්තු ගමන් !මන් හිතන්නේ හිරුගේ උත්සාහය ගොඩක් සාර්ථක උනා..ස්තුතියි හිරූ ඔයාට ..! ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එක නිසානේ මම දින්නේ..!ඒ දිනපු නිසා මගේ හිතට ලොකු සතුටක් දැනුණා ,කෙනෙකුගේ හිතට සතුටක් දිය හැකිනම් ඊට වඩා පිනක් තියේද ?මන් විශ් කරනවා හිරු ඔයාට ඉස්සරහට ඔයා කරන්න හිතං ඉන්න හැමදේම ,ප්‍රර්ථනා කරන හැමදේම ඒ විදිහටම වෙන්න කියලා..!මන් මේ පොස්ට් එක දාන්න හිතුවේ ඇත්තටම ඔයාට ස්තුති කරන්න සහ කළගුණ සැලකීමක් හැටියට..!"
හිරුත් නැවත ලියනවනම් මම කැමතියි ..ඒත් හිරු ගියේ කඩ ඉමක් ජයගන්න .ජය අරගෙන එන්න
ආයෙමත් ලියන්න .ඉතිං මේ වෙලාවේ මගේ උදව්වට හිටපු Silentsahan අය්යාවත් අමතක කරන්න බෑ .එකී
මෙකී නොකී හැමදෙනාට ගොඩක් ස්තුතියි ! නම් වශයෙන් ඔයාල හැමදෙනා ගැනම කියන්න බැරි
උනාට සමාවෙන්න .මේ බ්ලොග් ලෝකයේ මන් ආපු පුංචි දුර හරිම හෙමින් ආපු එකක් .මේ
වෙද්දීත් මම පොස්ටු 50ක් වත් ලියල නෑ .පුළුවන් උපරිමයෙන් ලියන්න උත්සහ කරනවා .ඉතිං
මෙපමණ කලක් හදවතින්ම මගෙත් එක්ක රැඳුන ඔයාල හැමෝටම මගේ හද පිරි කෘතඥතාවය ! (දුකා අය්යාගේ අවුරුදු කෑම methanin ශම්මිගේ අවුරුද්ද methanin )
 |
මගේ ජයග්රාහි නිර්මාණය |