ලා දම් අහසට පායන උදවිය ..

Thursday, January 17, 2013

ආදරේ කියන්නේ වලත්තකමටද ?

ආදරය කියන වචනය ජීවිතයකට කොයිතරම් සමීපද ? ආදරයෙත් තියනවා වර්ග කිරීමක් ! මවක් පියෙක් , දරුවෙකුට ආදරය කිරීම ,සහෝදරයෙක් සහෝදරියකට ආදරය කිරීම ,මුනුබුරු මිනිබිරියන් සීය තාත්තට , ආච්චි අම්මට ආදරය කිරීම ,ඇයි මනුෂ්‍යයෙක් සතෙක් සිවුපාවෙක්ට ආදරය කිරීම ..ඒ හැම  එකකටම වඩා වෙනස්ම ආදරේ පෙම්වතෙක් පෙම්වතියකට ආදරේ කිරීම .ඔය මුලින් කියු  හැම ආදරේකටම වඩා මට  ප්‍රශ්නයක් තියනවා  අන්තිමට  කියපු ආදරේ සම්බන්ධව .                                                                                          
                                                                                                             මුලින්ම මං කියන මේ කතාව අහලා ඉමුකො ..මගේ එක යාලුවෙක් හිටියා ඒකි ආදරේ කරේ ෆෝන් එකෙන් . කොල්ලව දකින්නත් කලින් ඉඳන් .ඒක අපේ හරකිගේ ගොන් කම කියල තමයි මම නං හිතන්නේ .ඒ කොල්ලා මාස ගානක් මේකිට කෝල් කරලා .ආදරෙත් ප්‍රකාශ කරලා මාස ගානක් ලව් එක යනකන් අපි දන්නෙත් නෑ .කොල්ලා කියලා "හැමදාම මෙහෙම කතා කරලා බැහැනේ , මට ඔයාව බලන්න ඕනේ කියලා .."කොල්ලා බෑන්ඩ් එකක නිවේදක විදිහට ඉඳලා තියනවා . කොල්ලගේ බෑන්ඩ් එකෙන් කරපු  මියුසිකල් ෂෝ එකක වීඩියෝ පටයකින් මේකිනන් පස්සේ කොල්ලව දැකලාලු තිබුනේ .මේකි එච්චරම ලස්සනකුත් නෑ ,ඉතින් මේකි හැමදාම හමුවෙන එක කල් ද දා හිටියා .පස්සේ බැරිමතැන මේකි ඕන දෙයක් වුනාවේ කියලා ක්ලාස් ඇරෙන වෙලාව කියලා කොල්ලා ආවා .ඇවිත් කතාත් කරලා යන්න ගියා .. ගිහින් විනාඩි පහක් ගියේ නෑ ..කෙල්ලගේ ෆෝන් එකට එස් එම් එස් එකක් ආවා . " අපි දෙන්නා එකතු වෙන්න ඉන්න දෙන්නෙක් නෙවෙයි .පරිස්සමෙන් ගෙදර ගිහින් මට මිස් කෝල් එකක් දෙන්න "කියලා. හැබැයි මිස් කෝල්  එකට ප්‍රතිචාර විදිහට මිස් කෝල් එකක් වත් නැවත ලැබුනේ නෑ කවදාවත්ම . කොටින්ම එතනින් ඒ ලව් එක ඉවරයි .
                                                                                                              මං මුලින් කියපු හැම ආදරේකටම වඩා අන්තිම ආදරේ වෙනස් .. පෙම්වතියෙකුට  පෙම්වතෙක්  ආදරේ  කරද්දී කොන්දේසි  ගොඩක් තියනවා . ඒත් වෙන කිසිම ආදරේකට කොන්දේසි නෑ ,තමන්ට මොනවගේ සහෝදරයෙක් සහෝදරියක් ලැබුනත් (අබ්බගාත ,මන්ද බුද්ධික ) ඒ ආදරේ වෙනසක් නෑ ..හැබැයි පෙම් කරද්දී තමන්ට ඇහැ යන ,ප්‍රිය උපදවන කෙනෙක් තමයි තෝරාගන්නේ ..එතකොට එක අතකින් ආදරය කියල කියන්නේ ආකර්ෂණය !හැබැයි කිසිම විටක ලස්සන ගැන නොහිතා දකින දකින කෙල්ලෝ එක්ක යාළුවෙලා හොටෙල්  කාමර ගානේ අරන් යන කොල්ලොත් ඉන්නවා .එතන තියෙන්නේ වලත්තකම .ඕක  දෙපාර්ශවයටම අදාලයි .මම  එහෙම කෙනෙක්ව(කොල්ලෙක් ) දන්නවා .ඌ ලස්සනයි .ඌ කරන්නේ ලස්සන පාවිච්චි කරලා කෙල්ලෝ රවට්ටගන්න එක .ඒ වගේම ආදරය වෙනුවෙන් කියලා කෙල්ලෙකුගේ කන්‍යාභාවය පවා ඉල්ලන කොල්ලෝ ඉන්නවා ..කෙල්ලෙකුට කොල්ලෙක් ගැන මුලින්ම ඇතිවෙන්නේ ආකර්ශනයද ?ආදරේද ? මං හිතන්නේ ආකර්ෂණය !ආකර්ෂණය ඔස්සේ කෙනෙක්ව තමන්ගේ කරගැනීමට ලෝබ කමක් ඇතිවෙනවා .ඒ ලෝබකම තමයි ආදරයට පෙරලෙන්නේ .ඒ ආදරේ හරිම ආත්මාර්ථකාමියි !වෙන කිසිම ආදරේකට වඩා .ඔයාල හිතන්නේ මොකද්ද ?ඇත්තටම නවකතාවල ඉන්න පරම පිවිතුරු ආදරේ හැබෑ ජීවිත තුල තිබෙනවාද ?

69 comments:

  1. අනේ බං... මං මේ දවස් වල ඉන්නේ ඒ ලෙවල් මානසිකත්වයේ.. ඒක නිසා ඕකට උත්තර දෙන්න යන්නේ නෑ... හි හි

    ReplyDelete
    Replies
    1. හි හි ... ඇත්තනේ ..කොමෙන්ට් නොකලත් පාරමී දම් මාත් දිගටම කියෝගෙන ආවා අක්කියෝ !

      Delete
  2. "ඇත්තටම නවකතාවල ඉන්න පරම පිවිතුරු ආදරේ හැබෑ ජීවිත තුල තිබෙනවාද "
    ඔවි තියෙනවා ඒත් ඒවාට වඩා අපිට අහන්න ලැබෙන්නෙ අනික්වා...
    අනිත් එක ආකර්ෂණයයි ආදරයයි කියන්නෙ 2ක් මිසක් 1ක් නෙවෙයි...
    ආකර්ෂණය ඔස්සේ හිත ඇදෙන කාලයක් තියෙනවා..එතකොට හිත දුවන්නෙ අදාල කෙනාගෙ මතුපිට කරා මිසක් ආදරය කියන හැගීම කෙරෙහි නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ හරි ..නමුත් මුලින්ම ඇතිවන්නේ ආකර්ෂණය !
      ආදරය කියන දේ ඇති වුනාට පසුව ආකර්ෂණය කියන දේ වැදගත් වෙන්නේ නෑ .. එහෙමයි වෙන්නේ !උදාහරණයක් විදිහට ලස්සන නැති කෙනෙක්ට තව කෙනෙක්ගේ හිත යනවා අඩුයි ..ලස්සන කෙනෙක්ට ආකර්ෂණය ඇතිවෙලා ආදරය ඇතිවුනාට පස්සේ හිතමු ඒ කෙනා ඇසිඩ් ප්‍රහාරයකින් විකෘති වුණා කියලා .අර ආදරය ඇති කෙනා කවදාවත් ඊට පස්සේ එයාව අත්හරින්නේ නැහැ ..ඔහුගේ හෝ ඇයගේ ආදරය අවංක වන විට !

      Delete
  3. දැන් ඉන්නේ කොල්ලෝ කෙල්ලෝ නෙවෙයි. රොබෝලා රොබීලා. ඒ අය හැමෝම ඉල්ලන්නේ හවස ඉඳන් මහා රෑ වෙනකන් යන ටෙලි නාට්‍ය වල තියෙන ලව් ස්ටෝරි. ඒ අස්සේ ඒ ඒ නළු නිළියන්ගේ ලස්සනත්. ඉතින් තමන්ගේ එකත් එක්ක ෆිට් වෙලා ටික දවසකින් ඊට වඩා හැන්ඩ්සම්/ සුරූපී එකෙක්/එකියක් දැක්කොත් ඒ පස්සේ යනවා. එතකොට කස්ටිය වටකරගෙන කියන්න පුළුවන්නේ මන් දාගෙන ඉන්නේ අරක කියලා. ඒත් ඒ ආදරය ටික දවසයි.

    ඔය මානසිකත්වය හොඳටම තියෙනවා නළු/නිළියන්, ගායක/ගායිකාවන් අතරේ. උන්ට ඕනි ලෝකෙට පෙන්න ලව් කරන්න මිසක් බොක්කෙන් ලව් කරන්න නෙවෙයි.

    හැමෝටම පේන්න බදාගෙන, යන යන තැන්වල තුරුල් වෙලා නොගියට රෙහානි කියන විදියේ පරම පිවිතුරු ආදර කතන්දර අපේ දෙමව්පියෝ ගාව ඕනෑවටත් වඩා තිබුණයි කියලයි මංනම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ..දැන් වගේ නෙවෙයි ,අපේ වැඩිහිටියෝ ළඟ එහෙම ආදර කතා තිබුණා තමයි ..

      Delete
  4. පරම පිවිතුරු ආදරේ කියල එකක් ලොවෙත් නෑ... හැබැයි මිනිස්සු එහෙම වචන සෙට් එකක් දාගෙන තමන් කරන දේට අගයක් එකතු කරගන්න කැමතියි....

    මම දකින විදිහට නම් ආදරය කියල එකක් නෑ... හැමෝම තම තමන්ට වාසි වෙන විදිහට ගනුදෙනු කරන්න උත්සහ කරනව විතරයි...

    ReplyDelete
    Replies
    1. හ්ම් ..ටිකක් හිතන්න දෙයක් තියන කොමෙන්ටුවක් !
      නමුත් ඒක පාර්ශවීය ආදර කතා ඕනෑ තරම් අහන්නට දකින්නට ලැබිලා තියනවානේ ..ඒවායේ ගනු නැහැ දෙනු විතරයි ..

      Delete
    2. ඒක පාර්ශවීය ආදරය... ඇත්තටම බැලුවොත් ඔය කියන එකේ ගනු කියන එක පේන්නෙ නැති එක නේද තියෙන්නෙ... ඒක පාර්ශවීයව ආදරය කරන උදවිය ඒක හරහ වෙනත් විදිහක වින්දනයක් ලබනව... ඒ වින්දනය ලැබෙන එක නැවතුනොත් ඒක පාර්ශවිය ආදරෙත් ඉවරයි... :)

      අනිත් අතට ඒ උදවිය අනිත් කෙනාගෙන් දෙයක් ලබාගන්න තමා බලාපොරොත්තුව...

      Delete
  5. හුඟක් වෙලාවට ආකර්ෂණය මුල් වෙලා තමයි ආදරේ ඇති වෙන්නේ. එහෙම නැතුව අදහස් වලිනුත් ආදරේ ඇති වෙනවා. ඔය එක පන්තියේ උඹ,බං, බොලන් කියාගෙන ඉඳපු, අම්බානෙක රණ්ඩු වුනු කොල්ලෝ කෙල්ලෝ එහෙමත් පස්සේ ආදරේ කරන්න ගන්නේ. මං එහෙම ඒවත් දැකල තියනවා. එතැනදී නම් ආකර්ෂණය වෙන්නේ අදහස් වලට කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම අයත් ආදරේ කරනවා තමයි ,ඇයි වැලි කෙලියේ ඉඳන් එකට ලොකු මහත් වුන අයත් !

      Delete
  6. ගොඩක් වෙලාවට මේ සමාජයේ දකින්නට අහන්නට තියෙන්නේ රෙහානි කිව්ව විදියේ ආදර කතා තමයි. හැබැයි ඔයිට එහා ගිය අවංක ආදර කතාත් නැතුවම නෙමෙයි. මම පිළිගන්න දෙයක් තමා බාහිර දේවල් වලට වඩා කෙනෙක්ගේ ඇතුලාන්තයයි තමන්ට ගැලපෙන්න ඕන. බාහිර ලස්සන විතරක් ආදරයකදී හෙව්වොත් ඉතිං ටික දවසක් යනකොට ආදරේ හබක් තමයි. ඇයි ඉතිං රූපය අනිවා දිරනවනේ.

    ReplyDelete
    Replies
    1. අභ්‍යන්තර අදහස් ගැලපීමටත් පෙර ඇසට ප්‍රියයිද කියලනේ හොයන්නේ සමනළියෝ ..අවලස්සන කෙනෙක්ගේ අභ්‍යන්තරය ලස්සන් වූ පමණින්ම කෙනෙක් තව කෙනෙකුට කැමැත්ත දක්වන්නේ නැහැ ..මුල්ම සාධකය ආකර්ෂණය !ඊට පස්සේ තමයි අනිත් කොන්දේසි බලන්නේ ..එහෙම බැලුවහම කොයිතරම් අවංක ආදරයක් ඉදිරියේත් තියෙන්නේ ආකර්ෂණය !

      Delete
  7. මට ආදරය ගැන විශ්වාසයක් නොමැත ....

    ReplyDelete
  8. කොච්චර අවංක ආදරයක් අස්සේ උනත් ආකර්ෂණය පොඩ්ඩක් හරි ගෑවිලා තියනවා කියලා මට හිතෙනවා. ඒ ආකර්ෂණය ලස්සනටම වෙන්න ඕනේ නෑ හැබැයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ... සමහරු හැකියාවන් වලට ,විශේෂ ගති ගුණයකට එහෙමත් ආකර්ෂණය වෙන්න පුළුවන් !

      Delete
  9. මම නම් පිලිගන්නේ සාතන් කියපු කතාව... මොකද ඈත්තම කතාව බෑලුවොත් අපි වෑඩියෙන්ම ආදරේ කරන්නෙ තමන්ට... ඒ නිසයි තමන්ට හොද ගෑලපෙන තමන් හිතන පතන විදිහෙ කෙනෙක් හොයන්නෙ.. කීයෙන් කීදෙනාද අනිත් කෙනාට ඕනි දේවල හදගන්න උත්සාහ කරන්නෙ... කෙනෙක් දාල ගියාමත් අපි විරහ වේදනාව කියන්නෙ අපි කෑමති කෙනා දාල ගියා, මම තනි උනා කියන එකටනෙ...එහෙම බෑලුවාම අපි අපිටම අදරේ කරගන්නව විතරයි....

    ReplyDelete
    Replies
    1. ආදරේ කියල කියන්නේ ආත්මාර්ථකාමී දෙයක් .මන් ඒ ගැන කිවුවා ..ඔයා ඔය කියලා තියෙන්නේ ඒ ආත්මාර්ථකාමිත්වය ගැන ! නමුත් විවාහයකින් කෙලවර වුන ආදරයකදී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනිත් කෙනා වෙනුවෙන් තමන්ට වෙනස් වෙන්නට හැඩ ගැහෙන්නට සිදුවෙනවා ..ඒ දේ කරන්නෙත් ඔය කියන ආදරය නිසාම තමයි.එහෙම ආදරයක් ඇති වුනාට පස්සේ තමන්ට ආදරේ කරන එකට වඩා තමන් ආදරේ කරන කෙනාට ආදරය කරනවා .ඒකනේ ,ඇඟේ කොටසක් වුණත් ලොකු අවධානමක් ඇතුලේ අනිත් කෙනාට දෙන්න මැළි නොවෙන්නේ .කොටින්ම ජීවිතය පවා පුජකරන්නේ .

      Delete
  10. සිතුවිල්ල හරි.. ඉස්සෙල්ලම දකින විදය තමා මෝරා වැඩෙන්නේ..

    ReplyDelete
  11. අත්දැකීම් නැති නිසා කිසිවක් නොකියමි :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අත්දැකීම් නැද්ද ?
      :)

      Delete
    2. පව්ව්ව්... බබා....

      Delete
  12. ආකර්ශනයෙන් පටන් ගත්තට, පස්සෙ ඒ දේ වෙනස් වෙන අවස්තා නැත්තෙමත් නෑ හැබැයි.. ඒත් අඩුයි. කියපු හැම දේම ඇත්ත් කියල කියන්න පුලුවන් රෙහානි

    ReplyDelete
    Replies
    1. පස්සේ වෙනස් වෙන්නේ ඉතිං යම් යම් නොගැලපීම් මත නේද ?

      Delete
  13. මම නම් පිළිගන්න දෙයක් තමා බාහිර දේවල් වලට වඩා කෙනෙක්ගේ ඇතුලාන්තයයි වැදගත් කියන එක

    ජය!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ශම්මි ...
      සාදරයෙන් පිලිගන්නවා ලා දම් අහස යටට ඔයාව යාලු .
      :)

      Delete
  14. අෆ්ෆට සිරි. අක්කේ මේක නම් මාර පොස්ට් එකක්. ආදරේ එක එක අයට දැනෙන විදිහ හිතෙන විදිහ වෙනස්. ඒක නිසා රෙහානි අක්කට මෙහෙම දැනුනත් මට දැනෙන්නේ වෙනස් විදිහකට. එක අර්තකින් ආදරේ කරනවට වඩා ආදරේ නොකර ආදරේ කරන අය දිහා බලාන ගන්න ආතල් එක ඔය ඔක්කොටම වඩා හොඳා.

    ReplyDelete
    Replies
    1. හි හි ......ඒකත් මරු තමයි !ඔයාගේ අදහසත් කියන්නකෝ ඉතිං

      Delete
  15. ආකර්ෂනය සහ ආදරය වෙන් කරන්න බෑ ආදර සම්බන්ධතාවයකදි.. දෙකම එකට යන්නේ.. එක පීල්ලේ ... මේ ඒ ගැන මම හිතන හැටි :)

    http://baduraasapuwa.blogspot.com/2011_05_01_archive.html

    ReplyDelete
    Replies
    1. ඒ පොස්ට් එකත් බලන්නම්කෝ වෙලාවක !
      :)

      Delete
  16. දැන් කාලේ ආදරේ කියන්නේ නම් 99% ක් විතර ආකර්ශනේ විතරයි. ඉස්සර වගේ නෙමෙයි 365 දවසෙම ෆෝන් එක බදාගත්ත ගමන් ඉන්නේ වෙලාවකට එකත් මදි උදේට නැගිට්ට වෙලාවේ ඉදන්ම රෑ ට නිදාගන්න යන්නෙත් ෆෝන් එකත් එක්ක. ඒ දේවල් හින්දා ලං වෙලා හිටියට ඒ ආදරේ ඉස්සර සතියකින් දෙකකින් හම්බවෙලා කතා කරන එක හිතේ තියෙන ආදරේ පුළුවන් තරම් ලස්සනට අකුරු කරලා ලියලා දෙන ලියුම කියන දේවල් තරම් සුන්දර නැත්තේ. ඒ හින්දාමද කොහෙද දැන් වයසට වැඩිය දේවල් කරන්න ගිහින් අන්තිමට හරි වයස ආවම කරගන්න දෙයක් නැතුව ලතවෙන කට්ටියකුත් ඉන්නේ.
    හිතට වදින විදිහට පොස්ට් එක ලියලා තියනවා අක්කේ :)

    ReplyDelete
    Replies
    1. හිතේ තියන ඔක්කොම කියෝලා අන්තිමට ලියුමක ලියන්න හැගීමක් නැතිවෙලා යනවා ,එස් එම් එස් වලිනුත් දැන් හැගීම් ප්‍රකාශ කරනවනේ .. දැන් ඒ නිසා ඉස්සර වගේ සුන්දර ලියුම් නෑ ..සුන්දර වචනත් නෑ

      Delete
    2. එකනේ දැන් කාලේ කස්ටිය ඔක්කොම අමු අමුවේ කියනවා කරනවා මිසක් කිසිම දේක ලස්සන විඳින්න දකින්න පුරුදු වෙලා නෑ

      Delete
  17. වලත්තකම කියන්නෙත් එක විදිහක ආදරයක්!

    ReplyDelete
  18. මේක නිකම් කිකිලිද බිත්තරේද වගේ ප්‍රශ්නයක් රෙහානි..සමහර වෙලාවට අපි හිතනවට වැඩිය නවකතා චරිත වලටත් වඩා ඇත්ත ජීවිතේ හරිම සරලයි..

    ReplyDelete
    Replies
    1. නවකතාවල චරිත ජීවිත ඇතුලේ නැත්තේ නැහැ කියන අදහසේ මාත් ඉන්නවා ,මොකද ඔය හැම නවකතාවකම කෙල්ලයි කොල්ලයි ලස්සනයි . ඒ කියන්නේ එතන තියෙන්නෙත් ආකර්ෂණය !

      Delete
  19. මෙහෙමයි රෙහා....නවකතා චරිත මේ සමාජය තුල නැහැයි කියන්නම බැහැ.ඉන්නවා අතලොස්සක් පිරිමි විතරක් නෙමෙයි ගැහැණුත් එහෙම්මම තමයි.අපිට කිසි විටෙකත් පිරිමියාටම ඇගිල්ල දික් කරන්න බැහැ.

    ආදරේ කරන්න කලින් කිරීමට සුදුසු කෙනා තෝරාග යුතුයි. තෝරාගන්නේ අපිට ගැපලෙන නිසානෙ.ඉන්පසු තෙරුම් ගත යුතුයි.අදහස් වලට හැගීම් වලට ටිකෙන් ටික දිනෙන් දින නොගැලපෙනවානම් ඉවත් විය යුතුයි...

    ඒ ජීවිත වලින් ඉවත් වුණා කියල ගස්ගල් ගානෙ බැන බැන ආදරේට බැන බැන යන්න ගියොත්නම් අපිව විහිළුවක් වෙනවා.

    අපේ ජීවිතේ අපි තේරැම් ගත යුතුයි.මොකද මේ අපේ ජීවිතේ නිසා.කාටවත් ඇගිල්ල දික්කරන්න කලින් අපි අපිට ඇගිල්ල දික් කල යුතුයි.

    ආදරේ හරි පුදුමයි....ජීවිතේ ඊට වඩා පුදුමයි.

    සිත්තමීත් ආදරෙන් පැරදුනා.ජීවිතයෙනුත් පැරදෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ආයෙමත් ආදරෙන් කියලා ආදරයක් හොයාගෙන ඇවිත් ඉන්නවා..

    ආදරේ තුල සැගවුන ඔයා කියන වලත්තකම නොහොත් රාගයත් ඒ තුල සැගවිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පිරිමියාට පමණක් ඇගිල්ල දික් කිරීමක් මමත් කර නැහැ .මමත් කියන්නේ මේක දෙපාර්ශවයටම අදාලයි කියලා .
      තෝරා ගැනීමේදී ගැලපීම කියල හොයන්නේ ආකර්ශනීය දේවල් ටිකක් !රාගය කියන්නේ ආදරයේ අතුරු ඵලයක් මිසක් ආදරය කියන්නේ රාගයට නොවේ .
      සිත්තමී හොයාගෙන ආපු ඒ ආදරේ සිත්තමීගේ ජීවිතය පුරා ළඟ රැඳේවා කියල පතනවා ..

      Delete
  20. මිස් කෝල් ප්‍රේමය 90% ෂුවර් නෑ. හොඳම උදාහරනේ මගේ රූමා.. උටත් තිබ්බා අවුරුදු එක හමාරක මිස්කෝල් ප්‍රේමයක්. කෙල්ලව හම්බෙන්නත් ගියා. එත් මේ ලඟදි දවසක කෝල් එකක් ආවලු ඒ කෙල්ලගේ කොල්ලගෙන් සම්බන්ධෙ නවත්තාපන් කියලා. මුට කට උත්තර නෑ මූ නම් සිරාම කරාට කෙල්ල මුව රවට්ටලා

    ReplyDelete
    Replies
    1. හපොයි මිස් කෝල් ප්‍රේමය නම් 99.9%ක් ම ෂුවර් නෑ ..සමහර කෙල්ලන්ගේ වැඩ ඔහොම තමයි ..ඉස්සර බුට් තියන්නේ කොල්ලෝ ..දැන් ඒකටත් හරියන්න ඉන්න සමහර කෙල්ලෝ ..කොල්ලන්ට හපන්

      Delete
  21. ආදරේ කියන්නෙ වෛරයේම අනිත් පැත්ත/ ඔය දෙක අපි හිතනවට වඩා ළඟයි.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කෙස් ගහක වෙනසක්ලු නේ තියෙන්නේ
      :)

      Delete
  22. අනේ මන්දා..ආදරේට අර්ථකතන ගොඩයි නේ....මමත් ඔය ප්‍රශ්නේ ගැන කතා කරන පොස්ට් කීපයක්ම ලිව්වා...මම නම් කියන්නේ ආදරේ සාපේක්ෂයි කියලා..

    ReplyDelete
    Replies
    1. ආදරේ සාපේක්ෂයි තමයි ...කෙන කෙනාට දැනෙන විදිහ වෙනස් නේ

      Delete
  23. ආකර්ෂණය බලන්න ඕනේ පිට රුපෙට වඩා හදවතේ ලස්සන.තව කෙනෙකුට සතුටින් තියන්න පුළුවන් විදියේ වචන අන්න ඒවගේ කෙනෙක් තමා වඩා සුදුසු.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ආකර්ෂණය තමයි ආදරයට මුල් වෙන්නේ වෙන්නේ

      Delete
  24. බස් එකේ , කෝච්චියේ , පන්තියේදී මුලින්ම දෙන්නෙක් අතර ඇති වෙන්නේ ආකර්ෂණයක් තමයි(මම හිතන්නේ) ඒ ආකර්ෂණය නිසානේ දෙන්නා දැන හදුන ගෙන කතා බහ කරන්නේ. දැන හැදුනුම් කම් වැඩි වෙනකොට නිකම්ම ආදරයක් ඇති වෙනවා.(දැක්ක ගමන් ඇතිවෙනවා කියන ආදරය මම විශ්වාස කරන්නේ නෑ.)

    කාලයක් තිස්සේ දන්න දෙන්නෙක් අතර කිට්ටු සම්බන්ධ කම් නිසාත් ආදරයක් ඇති වෙන්න පුලුවන්.(මේ සම්බන්ධයෙන් නම් මට අත් දැකීම් තියෙනවා.)

    ReplyDelete
  25. මුකුත් නොකියමි. කියන්න ගොඩක් දෙවල් තියෙනවා. එත් ලියවෙන්නෙ නැ. හ්ම්ම්...........................................................................................................................

    ReplyDelete
  26. adare gena nam kisiwak nokiyami.

    Ara oya kiwwa ammala thaththala daruwanta, sahodarainta, e wage ewata nam man kiyanne senehasa kiyala.

    ReplyDelete
    Replies
    1. ඒ වචන දෙකේ ලොකු ලොකු වෙනසක් නෑ මයේ හිතේ
      :)සාදරයෙන් පිළිගන්නවා යාලු ඔයාව !

      Delete
  27. මගෙ දැනීම හැටියට ආදරයෙත් වෛරයෙත් තියෙන්නෙ පුංචිම පුංචි වෙනසක්

    ReplyDelete
  28. මුලින් බාහිර පෙනුමට ආකරශණය වුනත් ආදරයක් පවතින්න එකිනෙකාගෙ අවබෝධය තමයි වැදගත්. නවකතාවල වගේ පැණි බේරෙන ආදර කතා හැබෑ ජීවිතේ අඩු වුනත් විශ්වාසය එකිනෙකාට දක්වන ගෞරවය මත පදනම් වුන නොසැලෙන ආදර කතා නම් හැබෑ ජීවිතේ දුර්ලබ නෑ

    ReplyDelete
  29. ආදරය සහ කෑදරය කියන්නෙ දෙකක්... රූපයට ඇතිවෙන ආකර්ශනයෙන් තමයි ගොඩාක් අය ලං වෙන්නෙ...ඒක ඇත්ත..නමුත් ලගින් ආශ්‍ර‍ය කරන්න පටන් ගත්තම තමා එයා තුල තියෙන වටිනාකම් දැනෙන්නෙ... එතකොටයි ආදරයක් අධ්‍යාත්මික තත්වයට පත්වෙන්නෙ...ඒ වගේ ආදරයක් තියෙන දෙදෙනෙකුට විතරයි ජීවිත කාලය පුරාම ආදරය හොදින් විදින්න පුලුවන්... රූපය පමණක් සැලකුවා නම් වයසට යද්දි වැහැරෙන රූපයත් එක්කම ආදරයත් වැහැරෙනවා...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ! ඔබ හරි
      :)

      Delete
  30. ම්ම්ම්...තියනවා. පරම පිවිතුරු ආදරේ කියල පොත් වල තියන තරම් බොළඳ නොවුන නමුත් සැබෑ ආදරේ කියන එක මම ඇස් වලින් මම දැකල තියනවා. එත් මම දැකල තියන ජෝඩු වලින් 90% කම තිබුනේ කාමාශාව මිසක් ආදරේ නෙමෙයි.

    ආකර්ෂණය තමයි මුලින් ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි ආදරේ කියන එකක් ඇති වෙනවනම් ඇති වෙන්නේ. එත් දැක්ක ගමන් ඇති වෙන ආදරේ කියල එකක් තියනවා කියල මමත් හිතුවේ නෑ. කතා පොත් වල තියන මල විකාර කියල මමත් හිතුවේ. එත් එහෙම ඒවා තියනවනේ....... :) (ඇසින් දුටුවෙමි )

    ReplyDelete
    Replies
    1. හෑ ...........ඒ කෝමද ඇසින් දුටුවේ ආදරේ ?
      දැක්ක ගමන් ආදරේ ඇතිවුන බව කියන්නේ ආකර්ෂණය නිසා ඇතිවුන ලෝබකමට කියලයි මට නම් හිතෙන්නේ ...
      :)

      Delete
  31. නව යොවුන් වයසෙදි නම් ඉතින් ආදරය කියන්නේ ආකර්ෂණය තමයි. නමුත් ඒවා දිගටම යද්දි ආදරය කියන හැඟීමත් එතන තියනවා. කොහොමත් අපි විවාහ වෙන්න කෙනෙක්ව 'තෝර ගන්න වෙනවනේ'.. අපේ අම්ම තාත්තා සහෝදර සහෝදරියෝ එහෙම තෝරගන්න බැහැනේ. ඒ නිසා තමන් කැමති යම් යම් දේ මත තමයි ඒ තෝර ගැනීම සිද්ධවෙන්නේ. හැඩරුව, ගතිගුණ, රුචි අරුචි කම්, දක්ෂතා වගේ.... විවාහයකදි මේ තෝරා ගැනීම තියන නිසා අනිවාර්යයෙන් ඒක ආරම්භවෙන්නේ ආකෂණයක් උඩ තමයි.

    ReplyDelete
  32. ලව් කියන්නේ ආකර්ෂණය තමයි.ඊට පස්සේ ගැලපීම්.ඒ කියන්නේ එකිනෙකාගේ සිතුම් පැතුම් කොච්චර ගැලපෙනවද කියන එක.ඊට පස්සේ ඔලුව හරියට පාවිච්චි කරනවනං මොකුත් අවුලක් වෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ...!ඉවසීම නම් ප්‍රගුණ කරන්නම ඕන
      :)

      Delete
  33. ඔය දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ආදරයයි ආකර්ෂණයයි අතරේද ?නැත්නම් ආදරයයි වෛරයයි අතරේද ?

      Delete