ඔයාල දන්නවද දෙන්නෙක් විවාහ වෙද්දී එකම ඇඟිල්ලට මුද්ද දාන්නේ ඇයි කියලා ,
විවාහ වෙද්දී මුදුව දාන්නේ වෙදගිල්ල නැත්නම් මුදුගිල්ල්ටනේ . පිරිමියෙක් දකුණු අතේ වෙදගිල්ලටත් ගැහැණු කෙනෙක් වම් අතේ වෙදගිල්ලටත් තමයි විවාහය සලකුණු කරන මුදුව පලඳින්නේ !නිකමට හරි හිතිලා තියනවද ඇයි ඒ ඇගිල්ලටම මුද්ද දාන්නේ කියලා ..(සමහරු නම් දැනටමත් මේ ගැන දන්නවා ඇති , නොදන්නා අයත් දැනගන්නකෝ අද )
![]() |
මේ වගේ මැද ඇගිල්ල නවාගෙන වැඳගන්න |
විවාහයක් කියන්නේ කිසිදා නොබිඳෙන ප්රර්ථනාවකින් සිද්ද වෙන දෙයක් !දෙන්නෙක් ආවාහ විවාහ වෙන්නේ දිවි ඇති තෙක් එකට දුක සැප බෙදාගෙන ජීවත් වෙන්න .මේ මුද්ද පැලඳීමෙනුත් සංකේතවත් කරන්නේ ඒ දේම තමයි .ඉහත රුපයේ දිස්වෙන ආකාරයට මැදගිල්ල නවාගෙන වැඳගන්න !දැන් පිළිවෙලට මහපටගිල්ල , දබරගිල්ල , වෙදගිල්ල ,සුලගිල්ල වෙන්කර බලන්න .මහපටගිල්ල ,දබරගිල්ල , සුලගිල්ල පහසුවෙන් වෙන්කළ හැකි බව ඔබට වැටහේවි !නමුත් වෙදගිල්ල වෙන් කල නොහැකියි .විවාහය එවැනි තද බැඳීමක් ලෙස සංකේතවත් කිරීමට තමයි වෙදගිල්ලේ මුදුව පළඳින්නේ .