ලා දම් අහසට පායන උදවිය ..

Friday, August 10, 2012

බහිරව බස් කොල්ලෝ...

රෙහානි කිවුව   මතක ඇතිනේ...රෙහානි දුර  ගමනක් ගියා කියල...ඒ ගියේ තිස්සමහාරාමේ අක්කලාගේ ගෙදර..රත්නපුරේ ඉදන් තිස්සමහාරමෙට යනකොට කොහොමද තෙහෙට්ටුව.. කියල  වැඩක්  නැහැ  ඒ ගැන.  මේ  ඒ යද්දී වෙච්ච දෙයක්..  මන් හිතනවා බස්  වල යන ගැහැණු  ළමයි ඔක්කොම මට  එකඟ වෙයි කියල...
රෙහානි කෙලින්ම  කතරගම  කොළඹ බස්  එකකට තමයි  නැග්ගේ රත්නපුරෙන්.. බස් එකේ තිබුනේ සීට් දෙකයි  තුනයි..මාත්  එක්කම තව  දෙතුන්  දෙනෙක්  බස් එකට නැග්ග   .දන්නවනේ  අපේ කට්ටිය  බස් වලට  නගින්න  ගියහම  පෙරලගෙන  මී හරක් වගේ.. මාත් ඔය  අස්සෙන්  අමාරුවෙන්  රින්ගගත්ත. .මොකද  තිස්සටම  යන්න ඕනනේ..හිටගෙන යන්න පුලුවන්ද ඔච්චර දුරක්..!දෙවියනේ..., මන් නගිද්දී හිස් තිබුනේ එකම එක සීට් එකයි.අකමැත්තෙන් උනත් ඉදගන්න ඕනනේ.හ්ම්...ඒ මදිවට එතන ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් .තුන් දෙනාට ඉදගන්න පුළුවන් සීට් තියන  බස් එකක් ඒක.මන් ඉතින් ඔතනින් ඉදගත්තා. පැල්මඩුල්ලට  යනකන්  ගානක්  නැතුව  ගියා.පැල්මඩුල්ලේ  බස් එක  නැවැත්තුව  තේ බොන්න. කොළඹ  ඉදන්නේ  බස් එක එන්නේ.   මගේ ලග  හිටපු ඩබල  බැස්ස.මගේ  ලගම හිටපු කොල්ල  කොර ගහනවා. බලද්දී  කකුල  මොකක් හරි වෙලා. බෙහෙත් දාල තිබුන.
ඔන්න  තේ  බීල  ආපහු ආව කට්ටිය  බස් එකට.අර කොලු  ගැටයත්  ඇවිල්ල අමාරුවෙන් ඉදගත්තා.මෙයා ෆෝන් එකේ ඉයර් ෆෝන් එක කනේ ගහගෙන යනවා..සින්දු අහ අහා..ටික දුරක් යනකොට මෙයා සින්දු අහනවා විතරක් නෙවෙයි..මුමුණනවා...කියන්න දන්නෙත් නැහැ .ගිරියෙන් කෑගහනවා  වගේ..මට තනියම හිනා යන්නත් එනවා  .හිනා වෙන්නත් බැහැ.මම කාගෙන හිටියා. ඔහොම ටිකක් යනකොට මෙයාට නින්ද යනවා.ඒ මදිවට බර වෙන්නේ මගේ පැත්තට.මන් ඇඟට එයි කියල බයට අයිනට  අයිනට ආව. හපෝ... එපාම  වෙලා  හිටියේ.බස් එක බ්රේක් කරන කොට උඩ ගිහින් ඇහැරෙනවා.ආයෙත්   සින්දු   කෑලි   කියනවා. ඒගොල්ලෝ  හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ විතරයි බස් එකේ යන්න  ඕනි   කියල. ළඟ  ඉ න්න  කෙනාට  කරදරයක්ද  කියල  නිකමටවත් හිතන්නේ නැහැ. හැබැයි සමහරු විතරයි මෙහෙම වෙන්නේ  හැමෝමත්  නෙවෙයි.  
       අනිත්  එක  තමයි (ඔය උඩ පින්තුරේ තියනවා වගේ )පිරිමි ළමයි බස් වල ඉදගන්නේ සීට් එකම බදු අරගෙන වගේ..බහිරවය  අරක් ගත්ත වගේ.එතකොට දෙන්නෙකුට ඉදගන්න තියන  සීට් එකෙන් තුන් කාලක්ම ඒගොල්ලන්ට ඕනි.පොඩ්ඩක් මහත කොල්ලෙක් ඉදගත්තොත් එහෙම ඔය  විදිහට  අපි  වගේ  ඇගෙන්   පතෙන් පොඩි එකෙකුට නම් ගානක් නැහැ.ඒ උනත් සීට් එක  අයිනේ මොකා ද එකා  වගේ  එල්ලිලා  තමයි  යන්න වෙන්නේ.. කොහොමද එහෙම දුර   ගමනක් යන්න ගි යහම .. හපොයි  රෙහානි  කාපු කට්ටක්...   වෙලාවට  ඒ  දෙන්න මගින් බැස්ස.  එත්... හරියටම   බැස්සේ  තැන  මතක  නැහැ. රෙහානිට  ඉතින්   නිවන්  ගියා  වගේ  තමයි... 
මෙන්න  මේ  වගේ  තැන්වල  කොච්චර  නිදාගත්තත්  කමක් නැහැ.. කාටවත් එකෙන්  කරදරයක් නැහැනේ. ඔය උඩම   පින්තුරේ  බලන්නකෝ...  කෙල්ල  ඉදගෙන  ඉන්න  හැටි... පොඩි  ඉඩක්  ඇති  ගැහැණු ළමයින්ට...  මේ වගේ  බස්වල   යන  පිරිමි ළමයි   අනිත් වටේ  පිටේ ඉන්න   පුද්ගලයෝ  ගැනත්  සැලකිලිමත්  උනොත්   හොඳයි  ඔන්න....

39 comments:

  1. අන්න මෙන්න මේ වගේ තැන්වලට තමයි නිසුපා අක්කා ඉන්න ඕනේ. අක්කා කියාවී ඒක ඒක පාර්ශවීයව තීරණය කරන්න බෑ දෙපැත්තටම අදාලයි කියලා.

    හැබැයි මේකේ අනිත් පැත්ත වුනානම් අර මෑන් ගිහින් ලස්සන බ්ලොග් එකක් ලියාවී. හා පැටියෙක් වගේ පුංචි නංගි කෙනෙක් මට හේත්තු වෙලා නිදාගත්තා පව් ආසාවේ බෑ කියලා.

    කොහොම වුනත් ඉතිං අපේ බ්ලොග් සහෝදරීට කරදරයක් වුනා කිව්වනේ ඒ ගැන කණගාටුයි ඕං. මම නම් ඉතිං බස් වල යනකොට හීන හතක්වත් දකිනවා :D

    දවසක් බහින තැනටම ඇවිත් බස් එකත් නතර කරලා මමයි තව යාළුවෙකුයි හිටියේ මිනිහත් නින්දෙන් ඇහැරිලා අපුරුවට හීන දැක දැක හිටිය මාව කූද්දලා යමං බස් එක නතර කලා තේ එක්ක බොමු කියාපි මම ඉතිං ඌට හිතින් හොද හොද ඒවා කිය කියා බැස්සා මූව තනියම යවන එකත් හරිනෑනේ කියලා. අඩා ඒ අපි බහින බස් හෝල්ට් එක ලග හොටෙල් එක හීමීට ගිහින් චාටර් නොවී බෑග් ටිකත් බෘගෙන හොටලේට ඇතුලටම වෙලා හිටිය බස් එක යනකම්ම.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන විදිහේ නිදාගන්න ගැණු ළමයිත් ඇති ඉතින්...කලාතුරකින් එත් පිරිමි පාර්ශවය තමයි වැඩි... මේකේ අනිත් පැත්ත නම් කීයටවත් වෙන්නේ නැහැ.මොකද මට බස් වල නින්ද යන්නේ නැහැ කොච්චර දුරක ගියත්.
      ඔයත් එහෙනම් හොඳට නිදාගන්නවා ඇති බස් එකේ....
      ඔය වෙලා තියෙන්නේ හොඳ වැඩ ..හිකිස්..

      Delete
    2. තැන්කිව් වේවා කොමෙන්ටුවට ...

      Delete
  2. සමහරු ඔහොම තමයි.....හෙඩ්ෆෝන් කනේ හගගෙන අනික් අය එක්ක මහ හයියෙන් කෑ ගගහා කථා කරන්නේ....

    ReplyDelete
    Replies
    1. හි හි..ඔව් ඔව්..ඒගොල්ලන්ගේ හිතේ අපිටත් ඇහෙන්නේ නැහැ කියල..හිකිස්.
      සාදරයෙන් පිලිගන්නවා ඕන් මේ පැත්තට..

      Delete
  3. හ්ම්ම් ඇත්ත කතාව.එකඟයි ඔබට !

    ReplyDelete
    Replies
    1. අනිවා...ස්තුතියි යාලු...

      Delete
  4. සමහරුන්ට ඉතිං අනිත් මිනිස්සු ගැන හැඟීමක් නැහැනෙ. ඒ අයට තට්ටුවක් දාලා ටිකක් එහාට වෙන්න කිව්වට වරදක් නෑ නේද.

    ReplyDelete
    Replies
    1. වරදක් නම් නැහැ.එතකොට ඒගොල්ලෝ කියාවි ද දන්නේ නැහැ "එහෙනම් ඕගොල්ලෝ වහනයක් අරන් යන්න එපැයි කියල.. ප්‍රයිවට් බස් වල නගින්නේ නැතිව." කියල.
      දන්නවනේ හැටි..

      Delete
    2. එහෙම කිව්වොත් මම නම් කෙලින්ම අහන්නේ අයිය දවල්ට බත් හපල කන්න කැමතිද කියල තමයි @ අද්දැකීමෙන්

      Delete
    3. ඔයාලට නම් පුළුවනි එහෙම කියන්න.හෆොයි අපි එහෙම කියන්න ගියොත් අපිවමයි චාටර් වෙන්නේ. අයි ඉතින් ඊට පස්සේ දිගින් දිගට යනවනේ.
      ඒ උනාට ඉතින් මගේ වම් අත හරි දකුණු අත හරි ළඟ හිටියනම් බලාගන්න තිබුන...හිකිස්..

      Delete
  5. ඇත්ත නංගෝ..!මාත් ඔය සිද්ධි ඕනතරම් දැකල තියෙනව..!සමහර පිරිමි අය ගෑනු ලමයෙක් ලඟ ඉන්නවනම් හරි කරුනාවෙන් සීට් එක දෙනව..අනේ අර ගෑනු ලමයිත් වාඩි වෙනව. ඊට පස්සෙ අර පිරිමියා උල..උල හේත්තුව දාගෙන යන්නෙ ගෑනුලමයගෙ උරහිසට. එපා වෙනව මේව දැක්කම..!
    හැබැයි බස් වල ස්ටිකර් නම් වැහිවැහැලා..කාන්තාවන්ට නිදහසේ ගමන් යන්න ඉඩදෙමු කියල..!

    ReplyDelete
  6. කියල වැඩක් නැහැ ඒ ගැන නම්...
    කාන්තාවන්ට හිංසනයෙන් චොර (තොර)සමාජයක්..හිකිස්..

    ReplyDelete
  7. බස් වල යද්දී කෑගහන එක නම් මහා චාටර් වැඩක්. කකුල් ඇත කරගෙන යන එක ගැන නම් කියන්න තියෙන්නේ වෙනමම කතාවක්. ගොඩක් පිරිමි අයට කකුල් එක ළඟ තියාගෙන යන්න අමාරුයි ගැණු ළමයින්ට වගේ. එහෙම ඉන්නකොට සැහෙන්න අපහසුයි. හේතුව නම් මම දන්නෙත් නැහැ. කකුල් ඈත් කරන්න බැරි උනාම තම කොල්ලෝ සීට් එකේ දඟලන්නේ. හහ් හහ්
    ඒ උනාට අනික් අයට කරදරයක් නොවෙන විදියටත් තමන්ට අපහසුවක් නොවෙන විදියටත් ඉන්න ක්‍රම හොයාගන්න ඕන.

    මම අන්තිම.......හුරේ... :D

    ReplyDelete
    Replies
    1. හ්ම්..එකත් එහෙමද?අපි ඉතින් ඕව දන්නේ නැහැනේ..හැබැ යි සමහර පිරිමි ළමයි ඒ වගේ කරදරයක් නැතුව යන අවස්ථා තියනවා.
      දිනේල්ක අන්තිමය වෙලා..(දැනට )

      Delete
    2. හු හු....ඔයා අන්තිම වෙන්නේ කොහෙද....:D
      මමයි අන්තිම...:P

      Delete
  8. @ ලාබයි ඇපල් - හිතේ ඇති අන්තිම වෙන්න !!! තිත් දෙකයි පී .... ඒව කොහෙද මම ඉන්නකං . තිත් දෙකයි ඩී

    මොනව උනත් කකුල් දෙකේ කථෘව ඇත්ත .එහෙම යන්න තියෙන අමාරුවට හේතුව මම කියන්න යන්නෑ . ඒත් කථෘව ඇත්ත . ( අපිත් ඉතින් කොල්ලොනේ ) . නිදාගෙන ඇගට බර වෙන අයට මම කරන්නේ ලොකු වංගුවක් හරවනකොට සීට් එකෙන් පොඩ්ඩකට නැගිටින එක , ( කරල බලන්නකෝ )

    ReplyDelete
    Replies
    1. සීට් එක අයිනේ ඉදගෙන යන කොල්ලොත් සමහර වෙලාවට වදයක් වෙනවා.ඒ උනාට සමහර අය එහෙම නැහැ.
      ඔයා කියන වැඩේ කරලා බලන්න ඕන මමත් :D

      Delete
  9. ඔබේ සබැදියෙන් මමත් ආවා මේ පැත්තට

    කාලීන සිදුවීමක් හැමෝටම මේ වගේ අත්දැකීම් ඇති.... පිරිමි පාර්ශවයට විතරක් බනින එක සාධාරණ නෑ කියලයි මට හිතෙන්නෙ...

    හොදට බලන්න පොඩි ළමයෙක් සමග අම්ම කෙනෙක් , එහෙමත් නැත්නම් ගර්භනී කාන්තාවක් බස් එකට නැග්ගොත් සීට් එක දෙන්නෙ බොහෝ විට පිරිමියෙක්... කාන්තාවන් බහුතරයක් අහක බලාගෙන ඉන්නෙ දැක්කෙ නෑ වගේ...

    ReplyDelete
  10. සම්පුර්ණයෙන් එකඟයි ඔබට...හුඟක් ප්‍රශ්න දිහා දෙපැත්තකින් බලන්න ඕන.
    ඔබගේ පැමිණීමට ගොඩක් ස්තුතියි..
    මෙතනදී මම බැලුවේ මගේ අත්දැකීම පැත්තෙන් පමණයි යාලු..
    දිගටම එන්න...

    ReplyDelete
  11. //පිරිමි ළමයි බස් වල ඉදගන්නේ සීට් එකම බදු අරගෙන වගේ..බහිරවය අරක් ගත්ත වගේ.//

    අම්මප සහතික ඇත්ත....මාත් ඔය කට්ට කාල තියෙනවා නොසැහෙන්න...

    ReplyDelete
    Replies
    1. අනිවා..ස්තුති කොමෙන්ටුවට..පිලිගන්නවා මේ පැත්තට ආදරයෙන්..

      Delete
  12. ම්,ම්..මොකද්ද කියන්නෙ....මම හිතන්නෙ අවස්තාව අනුව ඕක වෙනස් වනවා.හොඳට අත්දැකල තියෙනව ඕකෙ අනිත් පැත්තත්.බලන්න වැඩට ගිහිං හවසට බස්වල ගෙදරයනකොට කීදෙනෙක් අනිකට කරදරයක් වෙනවාද.නිදි කිරකිර.එතකොට ගෑණු පිරිමි කියල නෑ,ඔක්කොම එකයි.

    ReplyDelete
  13. එක සාමාන්‍යයි කියල පිළිගන්න පුළුවන්...නමුත් මගේ අත්දැකිමේදී බැහැ..
    අනිවාර්යෙන්ම අවස්තාව අනුව මේක වෙනස් වෙනවා..

    ReplyDelete
  14. යකඩෝ මේ ගෑනු ලමයි ඔක්කොමත් එක්ක පිරිමි ලමයින්ට බනින හැටි.. :D

    …ඔන්න එහෙනම් මගේ මතය:-

    …ඔයාගෙ කතාවට සියයට 50 මම නම් එකඟ. සමහර වෙලාවට ගැහැණු අයත් ඔය විදිහට සීට් එකම බදු අරගෙන යනව. සමහරු බෑග් එහෙම සීට් එකේම තියාගෙන යනව කිව්වත් අතට ගන්නෙ නෑ.
    …ඔයා කිව්ව විදිහේ අසහන කාරයොත් ඉන්නව තමයි. අනික ඔය සීට් 3ක් එකට තියන බස් වල යන්න ගියාම නම් මල පනිනව. ඒක 3න් දෙනෙකුට මදි. 2 1/2 නම් ඇති. :)

    …මමත් බස් වල යනකොට නම් නිදාගන්නව. හැබැයි වීදුරු පැත්තට තමා බර. ආසාවකට වත් අනෙක් පැත්තට නම් හැරෙන්න බෑ. මම හිතන්නේ මමත් අංශක 23.5 විතර ඇලව තමා නිදා ගන්නව ඇත්තේ. :-))

    …ඔයා රත්නපුරේද ? සතුටුයි තරමක් හෝ ආසන්න ප්‍රදේශයක බ්ලොග් සොයුරියක් අඳුනා ගන්න ලැබීම ගැන. කලින් ආවට ප්‍රොෆයිල් එක නම් බැලුවෙ නැද්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. මම පිළිගන්නවා..මේක දෙපැත්තටම අදාලයි කියල..නමුත් කාන්තාවන්ට වඩා නොසැලකිලිමත් කමින් යන්නේ පිරිමි පාර්ශවය කියල මට නම් හිතෙන්නේ.මන් දැකල තියනවා කාටවත් කරදරයක් නැති විදිහට බස් වල නිදාගෙන යන පිරිමි.එයාල ඉස්සරහ සීට් එකට හේත්තු වෙලා නිදන් යන්නේ.එතකොට කාගේවත් ඇඟට බරවෙන්නේ නැහැ.
      මන් රත්නපුරේ.මටත් සතුටුයි අඳුන ගන්න ලැබීම.

      Delete
  15. අපෝ බස් වල යද්දී අනන්තවත් ඔය වගේ සිද්ධි වෙනවා අප්පා...ඒ වෙලාවට කොයි වෙලාවටද බස් ඒකෙන බහින්නේ කියලා බලන් ඉන්නේ....:(
    මිනිස්සු තව කෙනක් ගැන හිතලා වැඩ කරනවා නම් මේ සමාජේ කොච්චර හොදයිද...:)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ප්‍රදී..

      Delete
  16. ඒක නම් ඇත්ත අප්පා.එපා වෙනවා බස් වල යද්දි.ඒ නිසා මං හුගාක් කැමති ගෑණු ලමයි ඉදගෙන ඉන්න තැනක ඉදගෙන යන්න.වෙන දේකට නෙමෙයි.මගේ පාඩුවේ යන්න පුළුවන් නිසා.

    ReplyDelete
  17. අනිවාර්යෙන්ම ධම්මික ...සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...

    ReplyDelete
  18. මිනිස්සු ගොඩක් වෙලාවට අනෙක් අය ගැන හිතන්නේ නැහැ අම්මප මට හිතෙනවා වෙලාවක මුන්ව දඬු කඳේ ගහන්න. ඒත් වැඩක් නැහැ මොකද අපේ රටේ දව සම්පත විනාස වෙනවා දඬු කඳවල් හදන්න ගිහින් බොහොම හොඳ පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා කොමෙන්ටුවට..
      එහෙනම් දඩු කදවල් හදන්ට එපා..හි හි..

      Delete
  19. තමන්ගේ විතරක් සුව පහසුව බලන අනිකාට හෙණ ගැහුවත් කමක් නැහැ කියන මානසිකත්වයකට අපි හුරුවෙලා තියෙනවා හරි හුරු කරවලා තියෙනවා...

    ReplyDelete
  20. අදමයි මම ඔයාගෙ අඩවිය පෑත්තෙ අවේ ඒත් මේ බස් වලට සම්බන්ද හරිම අප්‍රසන්න අත්දෑකීමක් තියනව මට ජීවිතේ තියනකන් මතක හිටින...ඒක මතක් උනා මට ආපහු. පිරිමි හරිම ජරා ජාතියක් කියල හිතුන. හෑබෑයි බස් එක්ක බලද්දි කෝච්චිවල ඒ ප්‍රශ්නෙ අඩුයි...

    ReplyDelete
  21. ඇත්ත නදිනි ..ඔය වගේ අමිහිරි අත්දැකීම් බහුතරයක් අයට තියනවා ..සමාවෙන්න මගේ පෝස්ටුව නිසා හිත රිදුනනම් ..ඔයාව මෙහෙට සාදරයෙන් පිලිගන්නවා යාලු :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි... හිත රිදුනට වඩා කේන්තියයි වෑඩි... රත්නපුරේ කෙල්ලෙක්නෙ එ නිසා කොහොමත් ලොකු හිතවත් කමක් තියනවා... ඔයාට දිගු ගමනකට ආසිරි... අහ් මමත් ඔයාගෙ මහත්තෑන් දෑකල තියනව වගේ....

      Delete
    2. ඒ කියන්නේ ඔයත් රත්නපුරේද ?එහෙනම් කොහේදී හරි දැකල ඇති .අකමැත්තක් නැත්නම් මට මේල් එක දෙන්න :)

      Delete
  22. අනේ කෙලී මම අලුත්නෙ මේ වෑඩේට ඉතින් දන්නෙ නෑ ඔයාට මේල් එක එවන ව්දිහ.. ඒත් ඔයගේ මෙම්බර්ස් ල ගොඩේ මම ඉන්නව බන්ජි කියන නමින් ... චෙක්... බෑරි වුනොත් විදිහ කියන්න මම එවන්නම්... කොහොමත් මම විස්තර අහගන්න කතා කරන්නයි හිටියේ...

    ReplyDelete