"මෑන් පවර් " කියපු ගමන් මෑන් පවර් මගින් රැකියාවකට යොමු වෙච්ච කෙනෙක් නං දැනටමත් දන්නවා ඇති ඒකෙ ක්‍රියා පටිපාටිය ! මෑන් පවර් එකක් කියන්නේ රැකියා අපේක්ෂිත අයවලුන් රැකියා වල නිරත කරවන එක්තරා සමාගම් විශේෂයක් .මේක මම දන්නා තරමින් වැඩිපුරම ආරක්ෂක අංශ සඳහා යොදාගන්නවා .ඔය ගාර්මන්ට් ෆැක්ටරි ,පෞද්ගලික සමාගම් වලට ආරක්ෂක නිලධාරින් සපයන්නේ මේ මෑන් පවර් වලින් තමයි .මෑන් පවර් වලින් එහෙම සේවයට යෙදෙව්වහම වැටුප ,දීමනා , වැනි දේවල් අදාළ ආයතනයෙන් නෙවෙයි ලැබෙන්නේ ,මෑන් පවර් ඔස්සේ තමයි ලැබෙන්නේ .මේ විදියට සේවකයන් සැපයීමෙන් සේවකයන්ගේ ප්‍රමාණය අනුව ඔවුන්ගේ වැටුපෙන් යම්කිසි ප්‍රමාණයක් මෑන් පවර් ආයතනය වෙනුවෙන් ලබා ගන්නවා .ඒකෙන් මෑන් පවර් ආයතනයකට ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් වැටුප 22,000-25,000 ,
නවාතැන් පහසුකම් ඇත,
ආහාර සමග,
බිස්කට් ,බීම , පාවහන් ,වැනි සමාගම් රැසක අනගි රැකියා අවස්ථා
අදම පැමිණෙන්න
විමසන්න TP - 0000000000 දැන්වීම දැක්කහම මොකද හිතෙන්නේ ?උසස් පෙළ කරලා ගෙදර ඉන්නවනං හොඳ අවස්තාවක් කියල හිතෙනවා නේද ? ඔව් අපේ මල්ලිත් එහෙමම හිතුවා .ඒ විතරක් නෙවෙයි එයා ඒ රැකියාවට ගියා .මේ දැන්වීම ලංකාදීප ලහිපිටේ පළවුන එකක් .සමහරවිට තවමත් ඒ ඇඩ් එක යනවා ඇති .ආ .............තව ඔය දැන්වීමේ තිබුණා දුර පළාත්වලින් විශේෂයි කියලා .මේ මෑන් පවර් ඒජන්සිය තියෙන්නේ මහනුවර .අපේ මල්ලිත් මහා මෙරක් දේවල් හිතේ තියාගෙන ඔය රස්සාවට ගියා .කෝල් කරහම ඉස්සෙල්ලම මහනුවර ඒජන්සියට ඇවිල්ල රැකියාවට ඇතුලත් කරනවට රු.1000ක් ගෙවන්න අවශ්‍ය බව කිවුවලු .ඉතිං රත්නපුරේ ඉඳන් නුවර ගියා සල්ලි ගෙවන්න .ඊට පස්සේ එයාව ජොබ් එකට යවන තැන "අමල් " කියලා ඒජන්සියට සම්බන්ධ කෙනෙකුගේ දුරකථන අංකෙත් දීල කඩවත ට යන්න කිවුවලු .දැන් නුවර ඉඳලා ආපහු කඩවතට !ඉතිං මල්ලි එහෙමම කඩවතට ඇවිත් කෝල් කරලා අර දීපු දුරකථන අංකයට !ඊට පස්සේ කඩවත ගෝනහේනේ තියන ඔයාල අපි කවුරුත් දන්නා "මයි කෝලා " සමාගම ලඟින් බහින්න කියලා .මල්ලි බැහැල යද්දී තව ළමයි 20-25ක් එක්ක "අමල් " ඉන්නවලු .ඒ ඔක්කොම මයි කෝලා එකේ වැඩට ආපු ළමයි .අර විදියට පත්තරෙන් බලලා . මුලින්ම අමල් ළමයින්ව මයි කෝලා සමාගම ඇතුලේ පෙන්නන්න එක්කං ගිහිං .තේ පැන් සංග්‍රහයකුත් ලැබිලා .ඊට පස්සේ නවාතැන් පහසුකම් දෙන්න එපැයි .ඉතින් ඒ තැන් පෙන්නන්න ඊට පස්සේ එක්කං ගිහිං .අඩි 10-12 විතර කාමර කෑල්ලක් පෙන්නලා කිවුවලු මේක තමයි ඔයාලට නවතින්න තියන තැන කියලා . :D "ඈ එතකොට අපි ඔ ක්කොටම ඉන්න තියෙන්නේ මේ රුම් එකේද " එක කොල්ලෙක් හොඳටම කේන්තියෙන් ඇහුවලු . නෑ කට්ටියක් මේකේ ඉන්න අනිත් කට්ටිය අරකෙ ඉන්න කියලා පැත්තක් ටකරන් ගහපු කුකුල් කොටුවක් වගේ එකක් පෙන්නුවලු . කොල්ලන්ට කේන්ති උනත් නොපෙන්නා හිටියලු මොකද ඒ වගේ යෑ රු 25000 පඩිය ! :D ඔයාලට තුන් වේලටම කෑම හම්බුවෙයි මේ කාමරේ අයිති අර එහා පැත්තේ තියන ගෙදරින් අඩු මුදලකට .:D " යකෝ ....අඩු මුදලකට " දැන් කොල්ලන්ට ඒ කතාවට තව ටිකක් කේන්තියි ලු .ඒකත් ඉවසගෙන හිටියලු ඔන්නොහෙ ආපු එකේ දවසක් දෙකක් ඉඳලා බලලා හරියන්නේ නැත්නං යනවා කියලා .නාන්න යන්න පුළුවන් පාරෙන් එහා පැත්තේ මීටර් දෙසීයක් විතර ගියහම ලිඳක් තියනවා :D.දැන් අමල් කාරයාගේ වචනේ වචනේ එලියට එනකොට බඩ බොකු එලියට අදින්න තරන් කේන්තියක් ඇවිත් . ඒත් රස්සාවට යනකන් කාගෙන ඉඳලා . ඔන්න දැන් හා හා පුරා කියලා රස් සාවට ගියා .මෑන් පවර් එකෙත් කොටස් දෙකයි .එකක් "ටෂ්මා " අනික "ටෝජා ".මල්ලි හිටියේ ටෂ්මා .එකේ වැඩ කටයුතු ටික කරන්නේ අමල් කාරයා .අනිකේ හිටපු කෙනා මට මතක විදියට ගුණවර්ධන වගේ නමක් තමයි කිවුවේ .ගෑනු ලමයිතුත් වැඩට ඇවිත් හිටියලු .ඒ අයවත් වෙනම කාමරවලට දාල .මයි කෝලා කියන්නේ බීම ෆැක්ටරි එකක් (දන්නේ නැති අයට කිවුවේ : ), ඉතිං මල්ලි එහෙම වැටිලා තියෙන්නේ බෝතල් නිෂ්පාදන අංශයට ! ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරන්නේ පී කෝන් මගින් . පී කෝන් කියලා කියන්නේ ප්ලාස්ටික් පව්ඩර් වර්ගයක් යන්ත්‍රයකට (පී කොන් මැෂිමකට ) දැමීම මගින් යන්ත්‍රය මගින් අයිස් කෝන් එකක හැඩයට නිපදවාගන්න ප්ලාස්ටික් කෝන් එකක් .ඉතිං මල්ලිට ඉස්සෙල්ලාම තිබුනේ මැෂින් එකෙන් එලියට එන පී කොන් වල ඩැමේජ් බලන්න .ඩැමේජ් ඒවා වෙන මත් හොඳ ඒවා වෙනමත් වෙන් කරලා දාන්න .ඔහොම පැය දෙකක් විතර ඉන්නකොට මල්ලිව එක්කන් ගිහින් ඇසුරුම් අංශයට දාලා .ඒ කියන්නේ අර පී කෝන් වලින් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් බෝතල් පොලිතීන් බෑග් වල අසුරන එක .ඉතිං පලවෙනි දවසේ ඔහොම වැඩ කරලා . දෙවැනි දවසේ පාන්දර ආපු කොල්ලන්ගෙන් බාගයක්ම ආපහු ගිහිං හොරෙන්ම .නැත්තං කාපු බීපුවයේ සල්ලි ගෙවන්න වෙනවනේ .මල්ලි ඇතුලේ හිටපු කෙනෙක්ව හිතවත් උනාට පස්සේ එයාගේ කාමරේ නතරවෙලා වැඩට ගියා .ඒ උනාට කෑම තුන් වේලම සල්ලි වලට තමයි කාල තියෙන්නේ .ඒ කෑම එකත් කොල්ලෙකුට ගැවෙන්න මදිලු .ඒත් වැඩ කරපු එකේ ඔහේ වැඩ කරගෙන ගිහිං ..ගිය පයින්ම ආපහු ගෙදර එන එකත් නොන්ඩි වැඩේනේ .ඒ හින්දා .දවසින් දවස එක එක වැඩ වලට දානවලු .කෑමට දෙන්නේ පැය බාගයයි .ටී ටයිම් එක විනාඩි 10 යි .එක විනාඩියක් නිදහසක් නැතිලු .ඇයි මැෂින් එක්කනේ වැඩ කරන්න තියෙන්නේ .ඔහොම සතියක් විතර වැඩ කරලා , ඊළඟ සතියේ ඉඳන් දවස් දෙක තුන වැඩ නෑ ලු . සමහර සතියට එක දවසලු වැඩ .එහෙමයි කියලා ඉතින් තුන් වේල නොකා ඉන්න යෑ .වැඩත් නැතුව කන බොන ඒවාට අතින් ගෙවාගෙන රු .3500කුත් අරගෙන දෙය්යනේ කියලා මල්ලියා මාසෙකිං ගෙදරට සැපත් උනා .ඔය 3500 ගන්නත් දවස් තුනක්ම මයි කෝලා එකට යන්න උනාලු .ඔන්න මෑන් පවර් එකේ පවර් එක ! මේ වගේ හොර මෑන් පවර් වලින් කරන්නේ මිනිස්සුන්ට විශේෂයෙන්ම අහිංසක ළමයින්ට බොරු කරලා ඒ අයගේ ශ්‍රමය හුරගෙන කන එක ! ඒ අහිංසකයෝ හම්බකරන එක ගසාගෙන කන එක .. ඇයි අර ඒජන්සියෙන් මුලින් ගන්න රු.1000 . එතනිනුත් ගසාගෙන කනවා .මම හිතන්නේ මේ දැන්වීම තවමත් පත්තරවල යනවා .තවමත් අහිංසක ළමයි මේවට අහු වෙනවා ඇති .පව් ඒ අහිංසක ළමයි .,මේ වගේ ලිපියකින් වත් ඒ අහිංසක ළමයි දැනුවත් වෙනවනං මට ඒ ගැන සතුටුයි . මේවට විරුද්දව නීතිමය පියවර ගන්නත් බෑ .මොකද මේ රස්සාවට යද්දී මෑන් පවර් එකේ ගිවිසුම් වලට යටත්ව අත්සන් කරනවනේ .ඒ නිසා .ඒවා අත්සන් කරද්දී මේ තරං දේවල් ටිකක් වෙයි කියලා හිතන්නෙත් නෑනේ .මේ වගේ නැති හොඳ මෑන් පවර් ආයතනත් සමහරවිට ඇති .හැබැයි මෑන් පවර් වලින් හොඳක් වෙනවා ඇති කියලා මගේ නං පෞද්ගලික විශ්වාසයක් නෑ .