ලා දම් අහසට පායන උදවිය ..

Monday, February 4, 2013

තාර පැටියා සහ කහ කුරුල්ලා

සුමනසිරි සට කපටි පතල්කරුවෙක් !සුපුරුදු පරිදි සුමනසිරි මේ දිනෙත් පතල් රස්සාවට ගියා !එදා ඉල්ලං ගොඩ දාන දවස . ඉල්ලං කුඩ අතින් අත මාරුවෙලා අවසානෙට එන්නේ සුමනසිරි අතට .සුමනසිරි කුඩේ තියන ඉල්ලං ටික ඉල්ලං ගොඩට හලනවා .ඔහොම ටික වෙලාවක් යද්දී සුමනසිරි දකිනවා ඉල්ලං ගොඩ ඇතුලේ දිලිසි දිලිසි තියන මැණිකක් !ඒක හෙමිහිට කට ඇතුලේ ඔබා ගත්තු සුමනසිරි ඉස්පාසුවක්  ලද විගස අහලකින් කිරි මැටි ගුලියක් හොයාන තාරාවෙක් නිර්මාණය කළා . තාරාවගේ ඔලුව මැදට මැණික් ගල තියල ..සුමනසිරි කිරිමැටි තාරවාව අවුවේ තිබ්බේ "මේක හොඳයි අපේ පොඩි එකාට ගෙදර යනකොට ගෙනියන්න "කියන ගමන්                                                                    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~                                                                                                          සුමනසිරි තවත් දිනක් යහළුවන් දෙදෙනෙකු සමග කුණු පස් ගැරීමට (කුණු පස් ගරනවා කියන්නේ ගංගා ආශ්‍රිතව ගොඩ පස් ගැරීම ) ගියා .ඉතිං එදා වැඩේට හිටියේ තුන් දෙනයි නිසා එක්කෙනෙක් පස් ගෙනාවා .., අනිත් දෙන්නා ගැරුම් වට්ටිය ගගේ තියාගෙන ගරනවා .ටික වෙලාවකින් සුමනසිරිගේ උකුසු ඇසට හසුවුණා මැණිකක් .මැණික අනිකා දකින්නට පෙර බොරලුවලින් වහපු සුමනසිරි ..,  "ආන් බලහං අර කහ කුරුල්ලාගේ ලස්සන " කිවුවා .ඒ අතරේ මැණික සුමනසිරිගේ කට  ඇතුලට පැන්නා