සියදෝරිස් මුන්දලාලි කඩ කරන්නෙක්.. කළු කඩ මුන්දලාලි කෙනෙක් කිවුවොත් මම නිවැරදියි. මොකද මෙයාට කැමති නැහැ කවුරුත්, ගමේම තිබුණ එකම කඩය මේ කඩය නිසා හැමෝටම සිද්දවෙලා තිබුණ අකමැත්තෙන් උනත් මේ කඩෙන්ම බඩු ගන්න. එක හින්දම මේ මුන්දලාලි ටිකක් උඩඟු යි . ටිකක් කිවුවට ගොඩක්..මේ කඩ පිලට වෙලා මුන්දලාලිගේ හැම නාට්ටාමි වැඩක්ම කරගෙන ,දුන්නු දෙයක් කාල ඉන්න අහිංසක මිනිහෙක් අප්පුහාමි. සුපුරුදු විදිහට මේ කියන දවසෙත් අප්පු හාමි මුන්දලාලිගේ නාට්ටාමි වැඩකට ගිහින් හිටිය.. මුන්දලාලි කඩේ ඇරලා දුම් එහෙම අල්ලලා වතාවත් කරලා බලන් හිටිය ගිජු ලිහිණිය වගේ අද මොකාවද හුරං කන්නේ කියල. මුන්දලාලි දැක්ක රුව එච්චර මුන්දලගේ හිතට සතුටක් ඇති කලේ නැහැ, ආ..බිසෝ මැණික..............මොකෝ..?
ඔලුව කසමින් කඩ පිල ඉස්සරහ ඇඹරෙනු දුටු මුන්දලාලි නොරිස්සුම් බැල්මකින් බිසෝ දෙස බලා ඇසීය.
මුන්දලාලි මට හාල් තුනපහ ටිකක් ගන්ට කියල..
බිසෝ ආයාචනාත්මකව කිවුවා...
ඉස්සරවෙලා කියහන් පොතටද සල්ලි වලටද කියලා..
අපේ එක්කෙනා පඩි ගත්තු ගමන් දෙන්නම් මුන්දලාලි.. අදට ගාණ පොතට දාන්ටකෝ.. අනේ මුන්දලාලි.... අදට විතරක් ...! පොතට..!!! ....පලයන් යන්ඩ මෙතනින්... මගෙන් ලාවට කන පලාගන්නේ නැතුව.
මුන්දලාලි හිතක් පපුවක් නැති ගානට කැනහිලෙක් වගේ ගෙරෙව්වා..
පලයන් නේද කිවුවේ යන්ඩ...ආව මෙතන පාන්දරම මුසල කොරල යන්ඩ...නොදොකින් විතරක්..එනවා හිඟමන් යදින්ඩ..ඉවරයි ඉතින් අද දවසම..
සියදෝරිස් හොඳටම පරල උනා.
අප්පුවා තම රාජකාරියට ගොස් ආවේ මේ වෙලාවේදී ම ය..තැඹිලි ගොන් කරත්තයක දමා කඩය වෙත ගෙන ආවේය.කනස්සල්ලෙන් හිස් මලුව කිහිලි ගසා ගෙන යන බිසෝ දුටු අප්පුවා සිදුවී ඇති දෙය තම පුරුද්දෙන්ම වටහා ගත්තේය .කනස්සල්ලෙන් බිසෝ දෙස අනුකම්පාසහගත බැල්මක් හෙලු අප්පුවා කඩයට ගොඩ විය.
මුන්දලාලි මන් තැඹිලි ටික ඇන්න ආව.
කර මත ඇති සලු පොඩිය අතට ගෙන, මුහුණ හා බෙල්ල අවට පිස දමන ගමන් අප්පුවා කිවේය.
හුම්..
මුන්දලාලි උජාරුවෙන් කීවේය. බිසෝ පන්න ගැනීම පිළිබද අමුතු සතුටක් ඇති සෙයකි..
මොනවා උනත් මුන්දලාලි බිසෝට කතා කරපු විදිහ හරි නැහැ නොවැ .. නැති බැරි කමට නොවැ ඉල්ලන්නේ ඔහොම .." හ ...උඹට ඇති රුදාව මොකද ඔය හැටි...!පලයන් මෙතනින් යන්ට.... ලාවට කන පලාගන්නේ නැතුව මගෙන්.." තොට අයිති වැඩක් තෝ බලාගන් .. ආව මෙතන කියාදෙන්න කඩ කෙරුවාව මට ...! ගෙහුං අර ගොන්නු ටික වෙන තැනක බැඳලා වර..! උන් එක තැන උලා කකා ඉන්නවා ඇති.
මම නම් පුදුම පවක් කරලා තියෙන්නේ ...මොනවා කොරන්ටද... ගෙවන්ටත් එපයිනේ.." , මන් කුසල් රැස් කරන්ට හදනවා..මුන්දලාලි අකුසල් මයි රැස් කොරන්නේ..අනේ මන්ද උන්දෙ කොයි අහ යන්ට තනනව්ද කියල..."අප්පුවා හිතුව .
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
උදේ පටන් ගල් වැඩපලේ ගල් තලලා හෙම්බත් වෙලා සිරිමල් සියදෝරිස්ගේ කඩේට ගොඩ උනේ කෝපි කෝප්පයක් බොන්න හිතාන. සිරිමල් කඩ පිලේ බංකු වක් උඩ වාඩි උනේ සියදොරිස්ගෙන් කෝපි කෝප්පයක් ඉල්ලන ගමන්..
දැන් කෝපි හදන වෙලාවක් නෙවෙයි. ........
සියදෝරිස් උඩඟු කමින් කිවුවා.
අනේ මාමා... .මන් හරි මහන්සි වෙලා ආවේ.. .හරිම තෙහෙට්ටුයි ඇගට...මොකෝ මන් සල්ලි වලටනේ ඉල්ලන්නේ මාමා..
සිරිමල් එහෙම කිවුවට මුන්දලාලි හෙලඋනේවත් නැහැ.
කමක් නැහැ එහෙනම් මම යන්නම්.. : සිරිමල් එහෙම කියල එලියට බැස්ස විතරයි...
ඔව් ඔව්...පලයන් පලයන්...නැතිනම් උඹටත් වෙන්නේ ලාවට කන පලාගන්න..
" උදේට අම්ම හිඟමනේ එනවා... හවසට පුතා... අම්මණ්ඩි ත් මගෙන් හොන්දවගෙන් අහන ගියේ උදේ.." මුන්දලාලි උජාරුවට කියන්න පටන් ගත්තා..
අනේ මුන්දලාලි කැගහන්න එපා ..උන් ණය ගත්තට වෙලාවට කොහොම හරි ගෙවනවනේ...
සියල්ල අසා උන් අප්පුවා කීවේය.
සිරිමල් ආපසු හැරුණි.මුන්දලාලිගේ කන් දෙකට ප්රහාර පිට ප්රහාර එල්ල විය..ගල් තලා පත්තියන් උන සිරිමල්ගේ දෙඅත් ඉතා ශක්තිමත් විය.. මුන්දලාලි කෑගසමින් බිම ඇද වැටිණ.සිරිමල් වේගයෙන් තම නිවස කරා ඇදෙන්නට විය.
නිවසට ගොඩ වැදුන සිරිමල්ගේ කුමක්දෝ වෙනසක් බිසෝ මැණිකාට පෙනින.ඔහු කේන්තියෙන් පුපුරන බව ඇයට වැටහුණි .
ඇයි මගේ රත්තරනේ මේ..."
බිසෝ ඇසුවේ සෙනෙහසිනි".. කරදරයක් කරගෙනද ආවේ?''
මන් අද අර මුන්දලාලියගේ ලාවට කන පැලුව..!!!!!!
ලා දම් අහසට පායන උදවිය ..
Friday, July 13, 2012
Tuesday, July 3, 2012
ඔබේ හොදම යහළුවා ගැන~
කල්පනා කර බලන්න..ඔබට හොදම යහළුවන් කී දෙනෙක් සිටිනවාද?ඇත්තට ම ඔවුන් හොදම යහළුවන්ද?මෙවැනි ගති ගුණ ඔබේ යහළුවා ලග තිබේද බලන්න.ඔබට ඔබේ හොදම යහළුවා ගැන තීරණය ක් හරියට ම උවමනා නම්,මේතෙක් එය ගන්නට බැරි උනා නම් අද එය ඔබ ගනීවි.එය ට මේ ලිපිය උපකාරී වේවි..දවසක් දෙකක් කතා කරපු කෙනෙක්..එකට බස් එකේ යන කෙනෙක්.. එකට රැකියාව කරන කෙනෙක්..එකට කන කෙනෙක්..ඔය එක්ක හෙමදම චැට් කරන කෙනෙක්..ඔයා යාලුවෙක් කියන්නේ මේ වගේ කෙනෙකුටද?දන අදුනුම් කමයි මිතුරු කමයි 2 ක් කියල ඔයා පිළිගන්න වද ?ඔයාට යාලුවෝ ගොඩ ක් ඉන්න පුළුවන්..එත්...හොදම යාලුවෝ ?හිතන්න ඕන කාරණාවක් නේද?මන් දැකල තියනවා වෙබ් අඩවි වල ආදරේ මනින මීටරයක්.. නමුත් අදරෙවත් මිතුරුකමවත් මනින්න මීටරයක් තවම හොයාගෙන නැහැ.මතක් කරලා බලන්න.කාලයක් හොදම යාලුවෝ කියල හිතාගෙන ඔයා ආශ්රය කරපු උදවිය දැන් පැත්ත පළාතක වත් නැහැ නේද?යාලුවෝ කියන්නේ එහෙම අන්තරස් ධාන වෙන අයට නෙවෙයි. ඇත්තටම හොද යහළුවෙක් ...මන් හිතන්නේ මේ වගේ...
1. විශ්වයේ හැම බැඳීමකට මෙන්ම මිතුරුකමටත් ආදරය තමයි මුල් වෙන්නේ.ඔබ අවදානයෙන් බැලුවොත් ඔබට ඒක දැනේවි.එයා ඔයාට ආදරේ නැතිනම් ඒක දැන හැඳුනුම් කමක් ම විතරයි. 2. එයා ගේ ආදරේ එක්ක ඔයත් එයා ට ආදරේ වෙන්න ඕන.එතකොට තමයි මිතුරු කම සම්පුර්ණ වෙන්නේ. 3.ඔයා එක්ක කන කෙනෙක් ට වඩා..ඔයාව මතක් වෙලා ගෙදර හදපු විශේෂ දෙයක් ගෙනත් දෙන කෙනෙක් ලග විශේෂ හැගීමක් තියනවා.
4. එකට ඉස්කෝලේ යන එක,එකට කන එක ,එකට රස්සාව ට යන එක වගේ කොන් දේසියක් උඩ යාළුකමක් ඇති වෙනවා උනත්...,ඒ සාදකය නැතිවෙලා ගියහමත් ඔයාගේ යාළුවා ඔයා එක්ක ඉන්න ව නම් එක විශේෂයි. 5. ඔබේ යහළුවා විශේෂ අවස්ථාවල වගේම ඔයාගේ ජීවිතේ හැම කරණයකදිම ඔබේ ලග ඉන්න ව . එයා එක තැනකට කොටු වෙන්නේ නැහැ.මොකද එයා ට ඔයාව අති විශේෂ නිසා
6. හොද යාලුවෙක් හැම වෙලාවක ම හිතන්නේ ඔයාගෙන් ගන්න තියන දේවල් ගැන නෙවෙයි . ඔයාට දෙන්න තියන දේවල් ගැන.බැරිම උනා අවස්ථාවක හැර එයා ඔයාගෙන් දෙයක් ඉල්ලන්නේ නැහැ.කොටින්ම එයා "ඉලලල කන්නෙක්" වෙන්නේ නැහැ.(ඔබෙන් යැපෙන්නේ නැහැ.)
7.හොද යාලුවෙක් කවදාවත් ඔයාගේ අතිශය පුද්ගලික දේවල් වෙන උදවිය ඉදිරියේ විවේචන ය කරන්නේ නැහැ. ඒ ඔයාව එයා ට ගොඩක් වටිනා නි සා .
8.හොද යාලුවෙක් ඔයා රිදවන්නේ නැහැ.යමක් තේරුම් කල යුතු නම් ආදරයෙන් කරුණු පහදා දෙනවා..ඔබව යහ මගට ගන්නවා.
9.හොද මිතුරෙක් හීනෙකින් වත් ඔයාට ඉර්ෂ්ය කරන්නේ නැහැ.ඔයාගේ දියුණුව පතනවා හැර.ඇත්තෙන්ම ඒක එයා ගේ ප්රතිපත්තියක්.
10.හොද යාලුවෙක් හරියට දෙවියෙක් වගේ..ඔයාගේ දුකේදී එක පාරටම ඔයා ලගට කඩන් පාත් වෙනවා..එකයි දෙවි කෙනෙක් වගේ කියන්නේ. එත්... සමහාර ඔයාගේ සතුටේ දී එයාව ඒ තරම් ඉක්මන ට හොයාගන්න බැරි වේවි.ඒක එයා ගේ ගතිය.එයා ට වඩා වැදගත් ඔයාගේ කඳුළු ලගදි එයා ඉන්න එක.

Subscribe to:
Posts (Atom)